01•

14 6 8
                                    

පුංචි කොල්ලෙක්ට හම්බුන දේවදූතිය ..

අවුරුදු 14 - 17 අතර වගේ කියන්න පුළුවන් කොල්ලෙක් වේගෙන් වේගෙන් පාර දිගේ දුවනවා ..

ගැමි පරිසරයක දුවන මේ පුංචි කොල්ලගේ සපත්තු කැඩිලා අබලන් වෙලා .. පුංචි කොල්ලගේ ඇදුම් ගොඩාක් පරණ පාටක් ගත්තා .. කොල්ලගේ ඇග කෘෂ වුනත් සාමාන්‍ය ගාණට වැඩිලා තිබ්බා .

පුංචි කොල්ලගේ පවුල් පසුබිම විස්තර  කරන්න මීට වඩා හොද සාක්ෂි තවත් ඕනෙද ?

අබලන් වුන සපත්තු වුනත් කොල්ලා දාන් දුවනවා .. ගමේ අස්සක් මුල්ලක් නෑර දුවලා දුවලා කොල්ලා ගෙට ගොඩ වුනා .. ඒ සපත්තු දෙක දැන් තියෙන්නේ අන්තිම මොහොතේ .. සමහරවිට තව දවසක් නැත්තම් පැය 6 ක් ඒක දාන් ඉන්න පුළුවන් වේවි..  ඊට වඩා නම් බෑ කියලා හොදටම ෂුවර්..

" අම්මා මගේ සපත්තු කැඩිලා "

" මම තාත්තට කිව්වා "

" ඔයා දන්නවනේ .. එළවළු කොටුවත් එච්චර සරු නැති නිසා ආදායම අඩුයි අපිට "

තරමක් වැඩූණු ශරීරයක් තිබ්බ පවුලේ තාත්තා එහෙම කියද්දි පුංචි කොල්ලා හැගීම් විරහිත මූණකින් තාත්තා දිහා බලන් හිටියා ..

" හේසු .. "

" කියන්න තාත්තා "

" ජිමින්ට  ඔයාගේ සපත්තු කුට්ටමක් දෙන්න "

" එයා ගෑණු ළමයෙක් තාත්තා "

" කරන්න දෙයක් නෑ ජිමින් "

මොනවානම් කරන්නද ?
ඒ පුංචි කොල්ලගේ නම ජිමින්.. එතකොට එයාට හිටියා අක්කලා දෙන්නෙක් හා නංගියෙක් .. වැඩිමල් අක්කා හීසන්.. දෙවෙනි අක්කා හේසු වගේම නංගි ලීනා වුනා ..

හේසු රෝසපාට සපත්තු දෙකක් ගෙනත් ජිමින්ට දික් කරා ..

" ගන්නවා " ( හිනා වෙමින් )

ජිමින් කරන්න දෙයක් නැති නිසාම හේසුට විරිත්තලා සපත්තු දෙකත් අරන් එයාගෙයි ලීනගෙයි පුංචි කාමරේට ගියා .. එයාට තියෙනවා පුංචි වැඩක් ...

සපත්තුවක් වෙනස් කරන්න !

ජිමින් කාමරේට වෙලා එයාගේ වැඩේ කරද්දි ..

" ජිමින් පරක්කුයි "

ලස්සන .. කරුණාවන්ත .. ජිමින්ගේ අම්මා එහෙම කියද්දි ඉක්මනට වැඩේ ඉවර කරපු ජිමින් පොත් බෑග්ගෙත් කරේ දාන් සපත්තු දෙකත් දාන් ඉක්මනට අම්මා ගාවට ගියා ..

" අම්මා මම යනවා "

" හරී පරිස්සමින් "

ජිමින්ගේ අම්මගේ ඇස් තිබුනේ පැටිග්ලම්වලින් කළු පාට ගාලා තිබ්බ හේසුගේ සපත්තු දිහාවට .. ඔව් ජිමින්ගේ ඒ භාරදූර්ය කාර්ය තමා ඒ රෝසපාට සපත්තුවල කළුපාට පැටිග්ලම් උලන එක ..

සපත්තු දෙක දැන් කළු පාටයි .. ඉතින් ඒක තවදුරටත් කෙල්ලන්ගේ සපත්තු දෙකක් වෙන්නෑ ! ජිමින්ට හීනි සතුටක් දැනෙනවා ..

ජිමින් ඉක්මනටම වැලි චූටි පාරක දුවලා මහ පාරට ආවේ බස් එකට නගින්න .. ඉන්න .. එයට දෙයක් අමතක වුනා ..

" අයියේ"

" ලීනා"

" මට මහන්සියි දුවලම "

පුංචි කොල්ලට එයාගේ ආදරණීය නංගියව අමතක වුනා ..

ආදරණීය ..

ජිමින් නංගිව දැක්කේ එක කරදාරියක් විදියට .. ඔව් එයාගේ ආදරණීය නංගි ජිමින්ට එක කරදාරියක් විතරයි ..

 ඔව් එයාගේ ආදරණීය නංගි ජිමින්ට එක කරදාරියක් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________

කොහොමද කතාව ?

ෆිල්ම් එකේ නම මතක් වුනාද ?

ගොඩක් අය ආදරේ කරන ෆිල්ම් එකක් ඒක ..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

FIRST LOVE 💫💞 ( Ongoing)Where stories live. Discover now