Namjoon pov.මං අද මට තිබුනු වැඩ ටිකත් ඉක්මනින් ඉවර කරගත්තේ හවසට මට කෙනෙක් හම්බෙන්න යන්න තියෙන නිසා. ඒත් මං හො සෙයොක් එක්ක එලියට ගිහින් කාර් එකට නගින්න හදනකොටම මට කෝල් එකක් ආවේ Mr.kang ගෙන්. අන්තිමට ම Mr.Kang වත් හම්බෙන්න ගිහින් මං හොටෙල් එකට යද්දි වෙලාව රෑ හතටත් ළගයි. දැන් නම් කොහොමත් එයා ගිහින් ඇති කියලා හිතුනත් මං හොටෙල් එක ඇතුළට ගිහින් එයාට මං වෙන් කරලා තිබුනු ටේබල් එක ලගට ගියා. මං හරි එයා ගිහින් මට ලොකු දුකක් දැනුනේ මං නිසා හැමදාම වගේ එයාට බලන් ඉදලා නිකම්ම යන්න වෙන නිසා. මං ටිකක් වෙලා එයා ඉදන් ඉදිය පුටුව දිහා බලන් ඉදියේ හිස් බැල්මකින්. මොකද මට එයාගෙන් අහන්න දෙයක් තිබුනා.. එතකොටම හොටෙල් එකෙ සර්වන්ට් කෙනෙක් මං ලගට ඇවිත් කතාකරා.
සර්...සර්ට මේක මෙතන ඉදිය මිස් දෙන්න කිව්වා.. මිස් තරහා නෑ සර්ටත් ගෙදර යන්න කිව්වා.. කියලා මට bow කරලා යන්න ගියා.... එතන ඉදන්ම මං ලියුම බැලුවෙ කවදාවත් අපිට හම්බෙන්න බැරි උනාට එයා ලියුම් තියලා යන්නේ නැති නිසා.
"ජූන් ඉස්සෙලාම කෝ හිනා වෙන්න. නැත්තම් ඉතින් දැන් මූන ඇපල් ගෙඩියක් වගේ කරන් ඇති මං හැමදාම පරක්කු වෙනවා එයා බලන් ඉදලා යනවා කියලා. කෝ ඉතින් හිනා වෙන්න. " එතකොට මට හිනාවක් ගියේ ඉබේමයි එයා තමයි මගෙ ආදරේ හිතන ගමන් මං ආයෙ ලියුම බලන්න ගත්තා.
" කෝ හිනා උනාද ඕන් මූන එල්ලන් ඉන්න එපා හරිද.. මං තරහා නෑ.. ජූන් හරිද.. ජූන් මං ඔයාට යන්න කලින් කියන්න ඉදියෙ ඒත් ගමන හිතපු නැති විදිහට ඉක්මනට යන්න වෙනවා.. මියානේ ජූන් අද මං ආවෙම මේක කියන්න. ඒත් දැන් මට යන්න වෙලාව හරි මියානේ ජූන් ඔයා එනකම් ඉන්න බැරි වෙනවට. මට ටික දවසකට නම් ආයේ එන්න බැරි වෙයි ජූන්. "
YOU ARE READING
JOON
Fanfictionජූන් කියන්නෙ ෆාර්සි භාෂාවෙන්, පෙම්වතා කියන වචනය. ඒකේ තේරුම "ආදරණීය" කියන එක.❤️