Dream Princess And Moon

170 29 255
                                    

Jin pov.

උදේ ම නැගිටලා මගෙ පොඩි එවුන් දෙන්නටත් කෑම හදලා මං room එකට ආවේ wash එකක් දාගන්න.. පොඩි එවුන් දෙන්නා කිව්වට ඇති පොඩි එකක් නෑ.. කිම් ටේ හ්‍යුන්.. යුනිවර්සිටි එකේ first year එකේ ඉගෙන ගන්නවා.. කොල්ලා කැමති ම photographer කෙනෙක් වෙන්න.. ඒත් තාම පොඩි එකා වගේ.. අනිත් කෙනා කිම් නම්ජුන් .. ගෑණු ළමයින්ගෙ සිහින කුමාරයා.. මං කවදාවත් හිතුවේ නෑ හැමදාම පොතේ ඉදපු කෙනා රගපාන්න ගිහින් හොද ම නළුවා වෙයි කියලා..

එතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ මගෙ අතේ.. නළුවෙක් වෙන්න ඉදපු මම අතරමග ඒ සේර ම නවත්තලා බිස්නස් වලට ආවේ ඔම්මයි අප්පයි වෙනුවෙන්.. හදිසියේ ම අප්පා ඇක්සිඩන්ට් වුණා ම බිස්නස් එකින් එක කඩන් වැටුණේ ඔම්මවත් ගොඩක් අසනීප කරලා.. වෙන කරන්න කිසි ම දෙයක් නැති නිසා මං අප්පගෙ බිස්නස් භාර ගත්තා.. ඒත් ඔම්මයි අප්පයි මාව වගෙ ම එතකොට ඉගෙන ගන්න ගමන් ඉදපු ටේ ජූන් දෙන්නත් තනි කරලා මේ ලොකෙන් යන්න ගියා..

මගෙ හීනේ අතෑරලා මං බිස්නස් ගැන බලපු නිසා නම්ජුන් මං වෙනුවට ඒ හීනේ ට ගියා.. ටේ හ්‍යුන් ඉස්සර ඉදන් ම ආස photographer කෙනෙක් වෙන්න නිසා මං ඒ හැමදේකට ම උදව් කරා.. ජූන් ටත් එයා කැමති දේ කරන්න කිව්වත් එයා කිව්වෙ එයා කරන්න කැමති දෙ තමයි දැන් කරන්නේ කියලා... ඒත් මගෙ හිත මට දොස් පවරන්නෙ මං ජූන් ට ඉස්සර ඉදන් අගෙ හීනේ මං ආස කරන දේ නොකියා ඉදියා නම් කියලා .. මගෙ පණටත් වඩා මං සිනමාවට කැමති කියලා එයා දැන ගෙන නොහිටියා නම් එයා එයාට ම හීනයක් ඉස්සරහට යන්න පාරක් හොයා ගන්නවා...

මං wash එකක් දාගෙන කෙලින් ම ගියේ ටේගේ රූම් එකට.. උදේ ම යුනිවර්සිටි යන්න තිබුණත් පස්ස උඩ දාගෙන නිදා ගෙන ඉන්න හැටි දැක්ක ම නැගිට්ටවන්න ලෝබ හිතුනා.. එහෙම කියලා නැගිට්ටවන්නෙ නැතුව ඉන්න ඈ..

යාහ්.. ටේ හ්‍යුනා... නැගිටිනවා.. පල්ලී .. පල්ලී...

හ්‍යුන් තව චුට්ටයි..

චුට්ටයි.. අනේ මෙහ්.. නැගිටිනවා.. උදේ ම ලෙක්චර් එකක් තියෙනවා නේද..

හ්‍යුන් එක්ක බෑ.. අප්පා..

බෑ .. බෑ මං පෙන්නනවා.. කෝ නැගිටිනවා.. කියන ගමන් ටේ පොරවගෙන ඉදපු බෙඩ්ශිට් එකෙන් ඇදලා අරගෙන බිමට දැම්මා..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Dream Princess And MoonWhere stories live. Discover now