Chapter 1

269 56 13
                                    

"Choi Hana ssi , ඔයාට මේ ලැබිලා තියෙන්නේ දුර්ලභ අවස්ථාවක්.රැජිණ පෞද්ගලික සම්බන්ධ වෙලා කුමාරයාට ගුරුවරයෙක් තේරුවේ.
මට සතුටුයි රැජිණ මගේ ගෝලයෙක්ව තෝරගත්ත එකට..ඔයාට ලැබිලා තියෙන මේ අවස්ථාව රැකියාවක් කියලා හිතනවට වඩා රටට සේවයක් කියලා හිතනවනම් මම කැමති.. කොරියාවේ අනාගත රජතුමාගේ ගුරුවරයා වෙන එක.."

"මටත් ගොඩක් සතුටුයි සොන්සෙන්නිම්..මම මගේ උපරිමයෙන් මගේ රාජකාරියට ඉටු කරනවා..
කම්සාහම්නිදා "

Hana තමන්ගේ ඇකඩමි මාස්ටර්ට ආචාර කරලා රූම් එකෙන් එලියට ආවේ පත්වීම් ලිපියත් අතේ සතුටෙන් රදවගෙන.

Hana කියන්නේ අවුරුදු 23 ක් වයස ගෑනු ලමයෙක්..හැමවෙලේම උද්යෝගිමත්ව වැඩ කරන්න කැමති අභියෝග බාරගන්න කැමති දක්ෂ ගෑනු ලමයෙක්..ඒ වගේම මේ වෙනකොට Hana ට ඉගෙනගෙන ගෙන ඉවර වුන ගමන් ඇකඩමියෙන් තවත් තෑග්ගක් ලැබුනා..රටේ අනාගත රජතුමාගේ ගුරුවරයා වෙන්න අවස්ථාවක්..

මේ දේ ලොකු අභියෝගයක් hana ඒක දන්නවා. මොකද ඒ තමන් කුමාරයාට උගන්වන්න යන නිසාම නෙවෙයි , දැනට කුමාරයා ගුරුවරු කීයකට රස්සාව එපා කරවලා ගෙදර ඇරියාද කියන දේත් දන්න නිසා..රැජිනට අඩුම සතියකට සැරයක්වත් ගුරුවරයෙක් හොයන්න වෙන එක ගැන මුලු රටම දැනුවත්..තමන්ගේ සොන්සෙන් නිම් මේ ගැන වර්ණනා කලත් Hana ගොඩක් පුදුම වෙන්නෙත් නෑ තමන්ට මේ වගේ අවස්ථාවක් ලැබුන එක ගැන..මොකද කුමාරයා ගුරුවරු ගෙදර එලවන තරමට රටේ තවත් ගුරුවරු ඉතුරු වෙන්න තියෙන අවස්ථාව අඩුයි..

ඉතින් මේක hana ට ලොකු අභියෝගයක්..කුමාරයාව අඩුම මාසයක් වත් උගන්වන්න ලැබෙන එක තමයි Hana හදාගත්ත ටාගට් එක.

කෙල්ල ඉස්සල්ලම පත්වීම් ලිපියත් අරන් ගියේ තමන්ගේ ඔම්මටයි අප්පයි ඉන්න ඩේගු වල ඉන්න ගෙදරට.. ඉස්සරහට එන වැඩත් එක්ක වගේම කුමාරයාට උගන්වන අතර රජමාලිගාවේ නවතින්නත් වෙන නිසා කෙල්ලට තමන්ගේ දෙම්පියොන්ව මුණ ගැහෙන එක කරන්න බැරිවෙනවා..

Hana කාර් එකට දුවලා ගියේ නොවැම්බර් සීතල ඇගට තදින් දැනෙනද්දි..

*****

"Hana~  my baby ~ my darling ~
my sweetheart ~

"Mi cha. shut the fuck up urghhhh"
"මට මේ වැඩේ කරගන්න දීලා ඔයා කෑම කාපු  ප්ලේට් එක හෝදන්න darling "

Hana තමන්ගේ සෝල් ඇකඩමියේ රූම්මේට්ට රවලා කියද්දි hana ගේ හොදම යාලුවා වගේම රූම්මේටුත් වුනු mi cha , Hana ට මැද ඇගිල්ල පෙන්නලා ගස්සලා කිචන් එකට ගියා 

Hana හිනාවෙවී තමන්ගේ luggage එකට පොත්  අහුරන වැඩේ දිගටම කරන් ගියා..

"ඒක නෙමෙයි ඔයා අදින්නේ පොත් ද "

ටිකකින් cha ඇවිත් කෙල්ලගේ ඇදේ හාන්සිවෙලා නිකටට අතත් තියාගෙන luggage එක දිහා බලලා ඇහුවේ Hana පොත් වලින් විතරක් luggage එක පුරවන නිසා..

"මේ පොත් ටික මට ඕනමයි..කවුද දන්නේ කුමාරයා ගේ දැනුම මොන මට්ටමේද කියලා..සමහරවිට මට මුල ඉදන් කියලා දෙන්න වෙයි සමහර විට අමාරු කොටස් විතරක් , ඒ නිසා මේ ඔක්කොම ඕන "

"මම නම් කියන්නේ සමහරවිට ඔයා පහුවදාම අඩාගෙන ගෙදර එයි  "

Cha හිනාවෙවී කියද්දි hana රවලා මූණ අත් දෙකෙන් වහගත්තා...

"දැන් නම් මටත් බයයි cha...මට කුමාරයගේ කලින් හිටපු සොන්සෙන්නිම් එක්ක කතා කරේ අපරාදේ කියලා හිතෙනවා දැන්..ඒ මනුස්සයා මාව බය කරානේ.."

"මම කිව්වා ඔය වයසක මනුස්සයා කියන දේ අහන්න එපා කියලා..එයා දැන් මැරෙන සයිස් වයසක ඉදන් පොඩි ලමයෙක්ට උගන්නන්නේ කොහොමද ? හ්හ්"

"Cha !!! මිස්ටර් පාක් කියන්නේ ගොඩක් experience තියන කොරියාවේ දක්ෂම ගුරුවරුන්ගෙන් එක්කෙනෙක්.එයාට එහෙම කියන්න එපා..එයා වගේ බුද්ධිමත් කෙනෙකුත් කුමාරයා ප්‍රතික්ෂේප කරද්දි මාව ? ආහ්හ් පිස්සු වගේ මට "

"හේයි හේයි මොකද මේ අපේ sooo confident මිසිස් hana ට වෙලා තියෙන්නේ..කෝ ඔයාගේ ඔය හැමතිස්සෙම වටේ කරකැවෙන පොසිටිව් මූඩ් එක.."

"Shut up"

Hana රවලා කියන ගමන් pout එකක් එක්ක දෙවනි ලගේජ් එකට ඇදුම් පැක් කරන්න පටන් ගත්තා..

"Hana darling බයවෙන්න එපා අනේ..ඔය අවුරුදු දහඅටේ පොඩි එකාට දෙකක් ඇනලා උගන්නන පණ්ඩිතකම බහින්න "

"Chaaa!!!  ඒ අපේ රටේ කුමාරයා.ඔය කටවහගන්නවා..අනික ඔයාට නම් මොකද ඔයාට හම්බුනේ high school එකනේ.."

"ස්ස්ස් මන් වගේ lucky වෙන්න පින තියෙන්න ඕන බේබ්..ඒවගෙන් වැඩක් නෑ අපි දෙන්නගේ අන්තිම දවස මට මගේ ගුණවත් නැණවත් ආදර්ශමත් ක්‍රියාශීලී යාලුවගේ ලෙක්චර් එකකින් ඉවර කරන්න බෑ...ඒ නිසා මම ගෙනාවා








Beers!!!!!! "

Cha කෙල්ලගේ ඇගට පැනලා බදා ගන්න ගමන් හයියෙන් කෑ ගහලා කියද්දි hana හිනාවෙලා cha ගේ කම්මුල් වලින් මිරිකුවා..

NoonaWhere stories live. Discover now