01 |පළමු සිහිනය

71 10 9
                                    

"ඒයි ශාසා අර බලනෝකෝ.. අනේ බන් ඒ ඇඟ.. මාව පිස්සෙක් කරනෝ ඕයි ... "

"අනේ කටපියන් ඉන්න නූර් . ඔයා ඔහොම ඔය පැත්ත බලන් කෙල හලලා නැති මගුලකුත් කරගහ ගන්නකෝ. එතකොට හරි. මට නම් පේන්න බෑ ඔය ඇග පුම්බන් ඉන්න උන්.. "මම ඇස් කොනින් නූර් දිහා බලලා කිව්වා.

ඇයි ඉතින් ආපු වෙලේ ඉදන් ඇස් දෙක ටික් බෝල දෙක වගේ කරකව කරකව කොල්ලෝ දිහා බලනෝ. කොල්ලෝ දිහා කිව්වට ඉතින් ඔය නූර් පිස්සු වැටිලා ඉන්නේ රගර් ටීම් එකට. අද තමා අපි කැම්පස් එකට  මුලින්ම ආපු දවස. ඒලෙවල්ස් කරලා ඔහේ ගෙදරට වෙලා ඉදපු මන් බයෙන් ඉදියේ මට සෙට් වෙන යාලුවෙක් හම්බෙන් නැති වෙයි කියලා. හැබැයි ඉතින් මොකක්දෝ මන්දා හේතුවකට මට නූර්ව සෙට් උනා.

මම ශාසා අභිමන්සා සමරදිවාකර.සාමාන්‍ය පවුලක හුරතලේට හැදුන ගෑනුලමයෙක්. අහිංසකමත් නෑ හැබැයි ඒත් ඉතින් වැඩිය කියවගෙන යන කෙනෙකුත් නෙවෙයි. අම්මයි , තාත්තා අයියගෙයි ආදරේ මැද්දේ හරිම සැහැල්ලුවෙන් ජීවත් උන කෙනෙක් මන්. එතකොට මෙච්චර වෙලා රග්බි ටීම් එකේ පිම්බුන ඇගවල් දිහා බලන් පැනි පෙරුවේ

මගේ යාලුවා.. මගේ රූමා,නූර්ති සවිස්මා.
කට ගැන නම් කතා නොකර ඉමු.මොකද එයා හිතන් ඉන්නේ මුලු ලෝකෙම කට්ටියගේ කන් ඇහෙන්නෑ කියලා.
අහ් හා... තව දෙකක් ඉන්නෝ.
රිතුමි කේශලී.. අපේ රිතූ හැමෝගෙම අම්මා වගේ . හරිම ආදරෙන් අපිව බලාගන්නෝ.

අනිකා ඉතින් යුවිනි තිසල්‍යා.යුවියා...
කෙල්ලෙක් කොල්ලෙක් කියලා හිතන්න බැරි අඟහරු ජීවියෙක්.

ඔන්න අපේ සෙට් එක ඉතින් .

අද කැම්පස් එකේ මීටප් එක.කට්ටියටම ක්‍රිකට් මැච් එකක්.
අලුත් ලමයිනේ...

ඒ අස්සේ තමා නූර් රග්බි යකෙක් අල්ලන් පැනි පෙරන්නේ.

"මේ ශාසා.. බලන්නකෝ අනේ එයා හරිම ලස්සනට හිනා වෙනවා බන්. බලපන් මාව පිස්සෙක් කරනෝ ඕයි ඒකා ඉදගෙන... ආසාවේ බෑ සූටික්කෝ ඔයාව දැක්කම. "

"මොකක්ද බන් ඔය කියවිල්ල .
හයියෝ යකෝ කට පියන් ඉදපන්,කියන අවයවකට වදින්නම්..ඕවා ඇහුනොත් උබට ආයේ කැම්පස් එන්න වෙන්නෙත් නෑ හොදේ.. "රිතූ කිව්වේ හිනා වෙන ගමන්.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 21, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නුබ මගෙ කර සිහිනයක් මැව්වා Where stories live. Discover now