"කොහෙ ද මේ කට්ටිය?.."
ඇස් නිලංකාර කරවන සුලු ආලෝකය..
කන් පුපුරා යන තරම් ඝෝෂාව..
නොනවතින අමිහිරි නාද රටාවකට තෙරෙපෙමින්, වෙරි මතින් රඟ දෙන සෙනඟක්...ඇය ඒ කාමරයේ කොනකට වී මිරිකෙමින් සිටි මිනිසුන් අතරින් නෙත් හකුලුවමින් තම සගයන් සොයන්නට විය. ඈ වේලාව පිරික්සන්නට වූවාය. නවීනත්වයට පිං සිදු වන්නට ටයිල් කැබල්ලක් වන් ඒ මේ අත ලිස්සා යන සුහුරු භාණ්ඩයක් ඇය අත තිබුණද, ඇගේ කරුමයට මත්තෙන් එය විසන්ධි වී ඇති සේය. සැබවින්ම රාත්රී සමාජ ශාලා තුල අන් අය ආස්වාදයක් ලැබුවාට, ඈ ඉන් ලද අබ ඇටයකුදු ආස්වාදයක් නොවීය.--------------------
|__"EXIT"__|
--------------------එයට නිකම්ම අකුරු සතරක් යැයි කියනවාට වඩා ඇයට එම වැකියෙහි වූයේ මහඟු සැනසිල්ලකි. තෙරෙපෙමින්, හැපෙමින්, ගැටෙමින්, අඩ සිහියේ සිටි නරයන් ගේ අමුතු බැල්මන් කනකටවත් ගනන් නොගමින්, සගයන් වෙරි මතින් වැළලුනාදෙන් යැයි සිතා, ඇය "ද ලෝරන්ස් " රාත්රී සමාජ ශාලාවෙන් යන්තම් පිටවුනාය. අවසානයේ කැල්ඹිල්ලෙන් නිදහසක් !
ඇය ඒ අසළ වූ බදාම යෙදූ කණුවක් මත වාරු දී ඇලෙන්නට වෙමින් දෙනෙත් පියාගෙන මුව සිසාරා හමන්නට වූ සීත මැදියම් මද නළ විඳින්නට විය.
"වටයක් යන්න කැමති ද ? ..."
ඈ මනසින්.. 'හ්ම්, මට ද??'
ඇය එකෙණෙහිම දෙනෙත් විසල් කර බලන්නට වූවාය. ඔවුන්ගේ නෙත් මොහොතකට එකිනෙකා හා ගැටුනේ එවිටය.
"ලස්සනයි...."
ඇය සිතුවා නොව ඇයට ඉබේ ම සිතුනාය. ඔහු හැරෙන්නට ඔහු සතු වූ සියල්ල ඝන කළු විය... සරාගේ දුන්න වන් පිරිපුන් රෝස පැහැ තොල් සගලක්, නළලත මත වේදිකාවක තිර වන් කෙස් වැටියක්, එය මතින් වසන් වුණු අලංකාර දෙවැටක් බදු ඇහි බඇමි යුගලක්, ඊට පහලින් ගිලෙන්නට හැකි සයුරක් වන් වූ වටකුරු ඇස්, ප්රසන්න වූත්, හැඩි දැඩි වූත්, දිගු අත පය, ඊට ම සරිලන්නට වූ හාර්ලි ඩේවිඩ්සන් යතුරු පැදිය හා ඔහුගේ සිත් කළු විලාසිතාව, ඔහු ග්රීක කෞතුකාගාරයකින් සොරා ගත් මූර්තියක් වන් ය. ඔහු තම දිගු දෙපා වල ආධාරයෙන් තම වාහනයේ සමබරතාවය රකින්නට විය. අනෙක් අතින් ඔහු අත හෙල්මට්ටුවක් විය.