Chapter 17

112 39 10
                                    

ජිමින් ටේගේ ස්ටෝරි එකේ ලින්ක් එක අරන් සතියක් යනකන්ම එයාලගේ කොන්සට් ඒකේ ප්‍රැක්ටිස් වැඩ නිසා ගොඩාක් බිසී උනා.

එහෙම බිසී වෙලා ඉද්දි දැනුන මහන්සිය නැතිකරගන්න ජිමින් ෆෝන් එක ගත්තාම එයාට ටේගේ ff එක මතක් උනා.

ඉතින් පාලු ප්‍රැක්ටිස් රූම් එකේ කෙලවරක වාඩි උන ජිමින් ff ලින්ක් එක ඕපන් කරලා කතාව කියවන්න ගත්තා.

අමුතු රටාවකට ස්ටාර්ට් එක අරන් තිබුන ඒ ff එක දිගට දිගට කියවන් යනකොට ජිමින්ට එයාගේ ස්කූල් ලයිෆ් එක මතක් උනා...

ff මනඃකල්පිත උනත් මේ කතාවේ ගොඩක් තැනවල වෙලා තීන සිදුවීම් එයාලගේ ජීවිතේ ඇත්තටම උන දේවල් කියලා ජිමින්ට තේරුනා..

ස්කූල් එකේදි ටෲත් ඩෙයාර් කරනකොට ජිමින් ටේගේ කම්මුලෙන් හාද්දක් තිබ්බ කොටස කියවද්දි ඒක ඇත්තටම උන දවස ජිමින්ට මතක් උනා.

එදා ටේටේ රතුම රතු තක්කාලි ගෙඩියක් වෙලා තමන්ගේ උරහිසේ මූන හන්ගන් හිටි විදිහ ජිමින්ට මැවිලා පේන්න ගත්තා..

ඒ දවස මතක්වෙලා ජිමින්ගේ මූන හිනාවකින් පිරෙද්දි එයා දිගටම ff එක කියවන් ගියා...

කතාව ඇතුලෙදි ජිමින් ටේටේට සුදුමැනික කියලා කිව්වත් ඒ දවස්වල තමන් එයාට ඒලියන් කියලා කතාකරපු හැටි එයාට මතක් උනා..

ඒ එක්කම ජිමින්ගේ අතීත මතකයන් අවදිවෙලා ff එකේ ටේටේ ලියලා නැති ගොඩාක් දේවල් මතක් වෙන්න ගත්තා.

දවසක් ස්කූල් ඩ්‍රාමා එක්කදි රෝමියෝ ජුලියට්ට රගපාන්න ගිහින් එයාලව වැටිලා තොල් දෙක එකට එකතු උන විදිහ,

ස්කූල් ට්‍රිප් එක ගිය වෙලාවක ටේටේ ශිප් එක දාලා තිබිලා නැතුව ඒක උස්සන්න ගිහින් බැනුම් අහපු විදිහ,

ටේගේ ඉනවටේ අත් පටලගන්න ගිහින් ගුටිකාපු හැටි ස්කූල් එන්ඩ්වුන දවසේ ගහපු ගෲප් ෆොටෝ එකේදි එයාලග හිටියේ නෑ කියලා ටේටේ තරහා උන හැටි,

එයාව යාලුකරන්න නටන්න උන පිස්සුව ඩම්ප්ලින් එක්කට රන්ඩුකරගත්තු හැටි,

දවසක් ටේටේට විහිලුකරපු කොල්ලෙක්ට ගහලා දෙන්නා එක්කම ඔෆිස් එක ලග දනගහන් හිටි හැටි..

එහෙම ඉන්නකොට ඇත්තටම ලියෝ කියන කෙල්ල ඇවිත් ටේට ලේන්සුවක් දීලා ගිය හැටි වගෙම ඒ ලේන්සුව ටේගෙන් hp අරගත්තු හැටි ජිමින්ට මතක් උනා.

පාසල් කාලේ මතක එකින් එක අවදි වෙද්දී මේ කතාවනම් මතක ගුහාවක් කියලා ජිමින්ට හිතුනා.

ff එකේ අගට නොහිතපු සිදුවීම් අන්තර්ගත උනත් ටේටේ ඒ දේවල් ලියලා තීන විදිහ ගැන ජිමින් සතුටු උනා..

"කතාව හරිම ශෝයි...ඔයා මට මගේ ස්කූල් කාලේ ආයේ මතක් කලා..ඔයා කතාව හොදට ලියලා තීනවා..ගොඩක් ලස්සනයි කතාව..💕💕💕"

කතාව එන්ඩ් එකේදි ජිමින් එයාට දැනුන හැගීම්වලින් ටිකක් වචනවලට පෙරලලා ටෙට කියන්න ගියත් එයාට ඇක් එකක් නැති නිසා කමෙන්ට් එක සෙන්ඩ් උනේ නෑ..

ඉතින් chimyyyy_95L_jm කියන ඇක් එක හදාගත්තු ජිමින් කතාවේ මුල ඉදන් අගට යනකන්ම වොට් කරලා අන්තිමට එයාගේ සතුට ප්‍රකාශ කලා..

Then let's go to hell   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now