13🌊

83 26 104
                                    


Author POV ,

ජින් නිදාගෙන ඉන්න අතරේ එකපාරම ගේ ඇතුලේ සද්දයක් ඇහුණ නිසා ජින් නැගිටලා lights on කරලා පහලට යද්දී දැක්කේ kitchen එකේ බඩු ඇදලා දාලා තියෙන විදිහයි ...

තවත් හොදට බලද්දී දැක්කේ kitchen එකේ ජනේලේ ඇරලා දාලා තියෙන හැටි ...

" ආහ් මොන මගුලක්ද මේ .. මුලු kitchen එකම ඉවරයි ... මේ හොර පූස් තඩියෙක් නිසා මට මේ සතියෙම නිදාගන්න නෑ .. කොහොමද මේ ජනේලය ඇරිලා තියෙන්නේ .. අයියෝ මට මේ ජනේලේ කලින් හදන්න බැරි වුණානේ ..  " කියන ගමන් ජනේලය යන්තම් වහලා දාලා kitchen එකත් අස්කරල ආපහු lights off කරලා නිදාගද්දී අලුයම තුනයි ගාණයි ...

ඒත් ජින්ට නින්දක් අහලකටවත් ආවේ නම් නෑ ...

" යුන්ගී ජෙනී හොදින් ඉන්නවද දන්නෑ msg එකක් දාලා බලමු .. ආහ් මට පිස්සුද මංදා මේ පාන්දර msg දාන්න " කියමින් තම දුරකථනය පැත්තකින් තබා පහලට යන්න ගියේ මොනවාහරි හදන් බොන්න හිතාගෙනයි ...

" ම්ම් ... coffee බොනවද hot chocolate බොනවද ... එකෝ coffee ම බොනවා " ජින් තමන්ටම කියාගන්න ගමන්...

වෙනදා වගේම සුපුරුදු විදිහට coffee එකක් හදන් living room එකේ sofa එකේ ඉඳගන්න ගමන් බිව්වත් ටිකකින් තමන් හිටපු තැනට ටිකක් එහාට වෙන්න තිබුණ ජනේලයේ හෙවනැල්ලක් දැක්ක නිසා coffee එක එහෙම්මම stool එක උඩින් තියන ගමන් එතැනට හිමින්සැරේ ගිහින් ජනේල් රෙද්දෙන් බලද්දී දැක්කේ .....

Jin POV ,

මං ඉක්මනින්ම එලියේ ඉදියේ මොකාද කියලා අල්ලගන්න ඕනි නිසාම මං හිමින් සැරේ ජනේල් රෙද්ද පැත්තකට කරලා බලද්දී දැක්කේ ජනේලේ අයිනේ වෙනදා වගේම හොඳට ගුලිවෙලා නිදන් ඉන්න එහා ගෙදර පූස් තඩියා ....

" අම්මපා මේ පූසා නම් පුදුම වදයක් .. මූත් නිකන් අර යුන්ගී වගේම තමා .. ජෙනී යුන්ගීට පූසා කියන එකේ වැරැද්දක් නැ බලද්දී .." මං ආපහු sofa එකට ලගට ගිහින් coffee එක බොන්න ගත්තත් මට මේ දවස් ටිකේම අමුත්තක් දැනුනා ...

ඒක හරියට මං දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ හැගීමක් .. මං ඉක්මනට කෝපි එක බීලා මගේ කාමරයට ගිහින් lock කරලා නිදාගත්තේ උදේම පොඩ්ඩක් ජේජූ වල ඇවිදින්න ඕනි කියලා හිතුණ නිසයි ...

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now