16🌊

96 29 82
                                    


Author POV ,

සතියක්ම ජින් අර නමක් නොදන්න girl එක්ක එක ගෙදර හිටියා ...හැබැයි ඒ ටික කාලයට ජින්ට නම් කලකිරිලා වගේ තමයි හිටියේ ... වෙන මොකටවත් නෙවේ ... අර girl ගේ වැඩ නිසා තමයි ....

එක දවසක් ජින් ඇදුම් අරන් දෙන්න යද්දී shop එකේ girl පෙන්නන හැම ඇඳුමකට ඔලුව වන වනා ඉද්දී ඒ shop එකේ girl ඒ සේරම ජින් ලගට ගෙනත් දෙද්දී ජීන්ගේ ඇස් දෙක උඩ ගියේ කඩේ තිබුණ ඇදුම් වලින් භාගෙට භාගයක් shop එකේ කට්ටිය ජින් ඉස්සරහට උස්සන් ඇවිත් පෙන්නුව නිසා ... අන්තිමේදී ජින් ම අර girl ට ඇදුම් ටිකක් තෝරලා අරගත්තා ...

ආපහු දවසක් කඩේකට එක්කන් ගිහින් කඩේ හිටපු සමහර මිනිස්සුන්ගේ කෑම ටික උදුරලා අරන් කෑවා .. ජින් අන්තිමේදී කට්ටියගෙන් සමාවත් ඉල්ලන්න වුණා ....

තව කුස්සියේ තිබුණ වීදුරු පිගන් ටිකයි කෝප්ප ටිකයි බින්දා .. ඒකට නම් හේතුව වැරදිලා අතින් අතහැරිලා බිදිලා ගියපු වීදුරුවේ සද්දෙට ආස හිතිලා සේරම බිදලා දැම්ම එකයි ....

ඇත්තම කිව්වොත් ඒ girl මුලු ගෙදරම සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා ...

" අනේ දෙවියනේ මට නම් බෑ මේ කෙල්ලත් එක්ක තව ඉන්න .. මං මේකිත් එක්ක හිටියොත් මගේ ඔලුව විකාර වෙනවා ඒක sure ..."

ජින් පුටුවක ඉදගෙන පුටුවේ ඇන්දකට දකුණු අත තියලා ඒ අතම තමන්ගේ කම්මුලට තියාගෙන කලකිරුණු කටහඬකින් එහෙම කියලා සාලේ මැඳ ඉදගෙන පොඩි එකෙක් වගේ පොතක කොල ඉර ඉර ඉන්න කෙල්ල දිහා බලන් කියවද්දී එකපාරටම ගෙදර bell එක වැදෙන සද්දෙට ජින් නැගිටලා ගිහින් දොර ඇරියා ....

ජින්ට ගොඩක් සතුටු හිතුනා ඇවිල්ලා හිටපු දෙන්නව දැක්කම .. ඇත්තටම සතුටක් කිව්වට ජින්ට සතුටු හිතුනෙ නම් ආව එකට නෙවේ .. ජින්ට යුන්ගිවයි ජෙනීවයි මේ වෙලාවේ පෙනුනේ තමන්ව මේ වැටුණු කරදරෙන් බේරගන්න ආව ගැලවුම්කාරයෝ දෙන්නෙක් වගේ....

" කවදාවත් නැතුව ජින් හිනාවෙලා ගේ ඇතුලට ගනිද්දී යුන්ගී ....

" මූ මොකද කවදාකවත් නැතුව හිනාවෙලා හදපිරි මෙව්වා එකකින් අපිව පිළිගන්නේ. .. " ඉනටත් අත තියාන ජෙනීගේ මූණ දිහා බලද්දී ජෙනී උරහිස් අකුලන ගමන් " යුන්ගියා ඔය කෑම ටික තැලෙයි මෝඩයෝ .." කියනගමන් ජින් පස්සේ ඇතුලට යද්දී ...

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄01 |KSJ||GxB✔️Where stories live. Discover now