Jin POV ,මම උදේ පාන්දරම නැගිටලා wash එකක් දාලා ඉක්මනින්ම ලෑස්ති වුණේ මං අද order කරපු මාලු ටැංකිය අද ගෙදරට උදේම ගේන නිසා ...
ටික වෙලාවකට පස්සේ ඒක ගෙනත් දුන්නට පස්සේ මං tank එක ලස්සනට හදලා වතුර පුරවලා ඒක දිහා බලන් ඉදියේ ගොඩක් සතුටින් ..
ඒත් ඒ සතුට වැඩි වෙලාවක් නොතිබ්බේ එලියේ ඇවිදින ගමන් ඉටපු අර හොර පූස් තඩියව දැක්ක නිසයි ....
" මේ හොර පූසා මං මේකට මාලු දාලා ටික දවසකින් වැඩේ දීලා තියයිද දන්නෑ ... ම්ම් ආ මේක උඩින් කොහොමත් වහන එකනේ එතකොට මුට ඕකට එබෙන්න බෑ "
මං එහෙන්මම ආපහු කඩේකින් මාලුවෝ කීපදෙනෙක් අරන් ඇවිත් දැම්මේ ගොඩක් සතුටකින් ..
ඇත්තටම මං මෙහේ ඉන්නේ ගොඩක් සතුටකින් ඒ වගේම නිදහසකින් ....
මං ආපහු මගේ art room එකට ගිහින් ටික වෙලාවක් මගේ සිතුවම් වලට අවධානය දුන්නත් පැයකට විතර පස්සේ එකපාරටම වත්ත හරියෙන් ලොකු සද්දයක් ඇහුණ නිසා මං ඒ පැත්තට දුවගෙන ගියා ...
Author POV ,
ජින් ඉක්මනින්ම ඉස්සරහා පැත්තට දුවන් ඇවිත් දොර අරිද්දීම දැක්කේ මල් පෝච්චයකුත් බිම පෙරලන් සිහි නැතුව ඉන්න girl කෙනෙක්වයි ...
" කවුද .. මේ ... " ජින් එලෙස සිතන ගමන් ඒ girl ලඟට ගිහින් අනිත් පැත්ත හරවද්දී දැක්කේ නලලත් තුවාල කරන් ඉන්න විදිහයි ....
ඉක්මනින් ඒ girl වත් උස්සගෙන තමන්ගේ කාමරයට ගිය ජින් ඒ girl ව ඇද උඩින් තිබ්බා ...first aidbox එක අරන් ජින් අද girl ලගට ආවා ..
ඊලගට තුවාල වෙලා තියෙන නලලට බෙහෙත් දාලා ... ටිකක් වෙලා ඒ girl දිහා බලන් ඉද්දී ...
ලා කහ පැහැති රන්වන් ලස්සන දිලිසෙන සමකින් යුතු ... heart shape එකට තියෙන ලස්සන පිරිපුන් දෙතොල් පියවී තිබුණ සිහින් දිගැති ඇස් ..සිහින් දිගු නාසයත් .... ඉණ ලගට දිග කඩාහැලෙන දිග කොණ්ඩයත් සමග පිරිපුන් දෙකොපුලින් යුතු ඒ තරුණියව දැකපු ජින් ගේ මුවින් ඔහුටත් නොදැනීම ..
" යෙප්පුදා ...." ජින් එකපාරටම පියවි සිහියට ඇවිත් ... " මං මොකක් කියලද ඒ කිව්වේ " ජින් තමන්ගෙන්ම එලෙස අසන ගමන් ඇය දිහා නැවතත් බැලුවා ..
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]