Chapter 21

774 158 46
                                    

Comments goal 20+

හි...හි..යු..න්..! 

තේහ්යුන්ගෙ සද්දෙට නිශ්ශබ්ද වුණ ක්ලබ් එකේ ඇහුණ එකම හඬ ඒක විතරයි....

තේහ්යුන් සෙනඟ අතරින් ඔලුව දාලා බලනකොට එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ජන්කුක්.... ඒත් ජන්කුක් ඉන්න විදිය දැක්කම නම් තේහ්යුන්ට ආවෙ තරහක් ද   දුකක්ද කියල තේහ්යුන්ටත් තේරුම් ගන්න අමාරු වුණා.. .ඒක නිසයි තේහ්යුන් කෑ ගැහුවේ.....

ජන්කුක් හිටියෙ තව මනුස්සයෙක් බිම පෙරලගෙන , අතත් මිට මොලවගෙන  ඒ මනුස්සයගෙ මූණට  ගහන  ගමන්...
තේහ්යුන්ගෙ කටහඬ ඇහුණත් එක්කම  ජන්කුක් එහෙමම නතර වුණේ එයාට දැන් ඒ කටහඬ කාගෙද කියලා අඳුරගන්න පුලුවන් වුණ නිසා...

තේහ්යුන්ගෙ කෑ ගහගෙන ආපු පැත්ත බලනකොට ජන්කුක් දැක්කා එතන තේහ්යුන් ඉන්නවා.... ජන්කුක් ඉක්මනටම අර මනුස්සයගෙ ඇග උඩින් නැගිටලා හිටගත්තා...ඒත් කෙලින් හිටගන්න අමාරුයි... මොකද ජන්කුක් ඒ වෙනකොට හොඳටම බීලා හිටියෙ...

තේහ්යුන් කෑ ගහගෙන ආවත් එක්කම හැමෝගෙම අවධානය එයාට යොමු වෙද්දි හැමෝම දැක්කා ඒ ඇවිත් ඉන්නෙ කොරියාවෙ  No.1 බිස්නස්මන් වන කිම් තේහ්යුන් කියලා... ඉතින් එතන හිටිය හැමෝම කසු කුසු ගාන්න ගත්තෙ මේ වගේ තැනකට තේහ්යුන් වගේ කෙනෙක් එන්නෙ  ඇයි කියලා..
මොකද  තේහ්යුන් වගේ  සල්ලිකාරයෙක් මේ වගේ     සාමාන්‍ය  ක්ලබ් එකක දකින්න වුණ නිසා...

ජන්කුක් නැගිට්ටත් එක්කම බිම වැටිලා හිටිය කෙනා නැගිට්ටෙ   ජන්කුක් ගහපු ඒවට  තොල් පැලිලා එන ලේ ටික පිටිඅත්ලෙන් පිහිදන ගමන්...

ආහ් මිස්ටර් කිම් තේහ්යුන් ... මේ බලන්නකෝ මේ පොඩි එකා බීගෙන ඇවිත් මට ගහගෙන ගහගෙන ගියා නෙ..... මුන් තැනක හැසිරෙන්න දන්නෙ නෑ... මුන් හිතාගෙන ඉන්නෙ අම්මා අප්පා වියදම් කරන්න සල්ලි දෙන නිසා  උන්ට හිතෙන හිතෙන දේ කරන්න පුලුවන් කියලා...මුන්ගේ දෙමව්පියෝ ගැනත් හිතාගන්න පුලුවන් ඉතින් මෙවුන් හැසිරෙන විදිය   දැක්කම. .. 😏

ඒ මනුස්සය කියන දේවල් අහගෙන හිටිය ජන්කුක් ගෙ ඇස් වල කඳුලු පිරිලා රෝස පාට වුණ කම්මුල් දිගේ ඒ කඳුලු ගලාගෙන යනවා තේහ්යුන් දැක්කා...

Contract Marriage ♡ |• Taekook •| ♡   (On Hold) Where stories live. Discover now