06

599 173 16
                                    

ඊළඟ දවසේ උදේ ස්කූල් එද්දි ජන්කුක්ගේ මේසෙ උඩ එකම වර්ගෙන් බනානා මිල්ක් දෙකක්ම තිබුණේ ඒක දැකපු ජන්කුක්ගෙ ඇස් සතුටින් පිරෙද්දි. මොකද අංකල් පැට් නිකමටවත් එයා ගෙනාපු බඩු මල්ල ඇතුලේ අඩුම තරමින් එකම එක කෙසෙල් ගෙඩියක්වත් දාලා තිබුණෙ නෑ. ඒත් ඉතින් ජන්කුක් දන්නවා නම් මේක ඊයේ කැෆේ එකේ ඉදන් ඕඩර් එක දෙද්දි එතනට වෙලා තමන්ට වද දීපු පිස්සො දෙන්නගේ වැඩක් කියලා. නෑ නෑ ඒත් ජන්කුක් කිසිම දවසක ඔය කෙහෙල් කිරි එක නම් විසි කරන්නෙ නෑ.

ඒ දෙකේම තිබුණ ස්ටිකි නෝට් දෙක ගලවලා අතට ගත්තු ජන්කුක් හොරාට වගේ බැලුවේ අන්තිම පේළියේ කෙලවරේම ඩෙස් දෙකේ ටේහ්‍යොන් හරි ජීමින් හරි ඉන්නවද කියලා. හැබැයි දෙන්නම පන්තියෙ නම් හිටියෙ නෑ.

"Good Morning Ggukie.
This is for you My lovely Bunny."

"I like you more than this banana milk.
Good Morning Kook-ah"

ස්ටිකි නෝට් දෙකේ අයිතිකාරයො දෙන්නා කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැති වුණත් ජන්කුක් මූණට ආපු හිනාව හන්ගන්න ඕනිවට තරහා ගියා වගේ පෙන්නන්න මූණ හදගෙන එයාගේ පුටුවෙන් ඉඳගත්තා.

"අකුරු වල කැත විතරක් දෙන්නගේ. ආහ්හ් පිස්සො දෙන්නා..."

ජන්කුක් මූණට ලොකු හිනාවක් එද්දි දොර ල‍ඟ හැන්ගිලා බලන් හිටපු කොල්ලො දෙන්නා පහක් දාගෙන මුකුත්ම දැක්කෙ නෑ වගේ ඇවිත් ක්ලාස් එකෙන් ඉඳගත්තා. ඒත් එක්කම වගේ මිස් රෝසි එයාලගෙ පංතියට ආවා.

"ළමයි, කණගාටුවෙන් වුණත් මට කියන්න වෙනවා අද ඔයාලට සප්‍රයිස් ටෙස්ට් එකක් දෙන්න වෙනවා කියලා. සෝ හරි අප් ගර්ල්ස් ඇන්ඩ් බෝයිස්, පොත් අයින් කරලා ඒකට ලෑස්ති වෙන්න."

"ආහ්හ්හ්හ්... එක පාරටම!!"

ලමයි එක හඩින් කෑ ගහන ගමන් එයාලගේ මේසවල් උඩ තිබුණ පොත් අයින් කරගත්තෙ මිස් රෝසිගේ අරුම පුදුම ටෙස්ට් ගැන හොඳටම දන්න නිසා. ජන්කුක් හිටියෙ ක්ලාස් එක මැදමයි. ටේහ්‍යොන් වගේම ජීමින් නම් කවදත් පිටිපස්සේ පේළියේ නේ. ඒක වෙනදට නම් ලොකු වාසියක් වුණා ටේහ්‍යොන්ට ජීමින්ගෙන් උත්තර අහගන්න.

"ජීමිනා හොඳ වෙලාවට ස්ටිකි නෝට් බුක් අරන් ආවේ."

"මගේ කෙහෙල් බබා නිසා තමයි."

ජීමින් ඇහැක් ගහද්දි මිස් රෝසි එයාලගේ මැත්ස් පේපර්ස් ටික පිටිපස්සට පාස් කරා. ජීමින් කොහොමත් හැම සබ්ජෙක්ට් එකකටම වගේ හයි මාක්ස් ගන්න නිසා ටේහ්‍යොන් වුණත් ෆේල් නොවී බේරිලා හිටියා.

"ඕයි ජිමී.. ස්ස්..."

පැය බාගෙකට පස්සේ ටේහ්‍යොන් කොළ කෑල්ලක් ගුලි කරලා ජීමින්ගේ ඩෙස් එක උඩට දැම්මා.

"මිස් රෝසි ආපු නිසා මට බලන්න බැරි වුණා. හොඳටම ශුවර්ද එයා ඒක බිව්වා කියලා."

උත්තරයක් අහනවා වෙනුවට ටේහ්‍යොන් අහපු දේට ජීමින් එයාගේ මැද ඇඟිල්ලක් ටේහ්‍යොන්ට පෙන්නුවේ මිස් රෝසි අහක බලාගත්තු වෙලාවේ.

"නෑ තාම බොන ගමන්. මට පේනවා."

ජන්කුක්ගේ මේසේ කෙළවරින් තියෙන බනානා මිල්ක් එක එක දිහා බලාගෙන ජීමින් ඒකට උත්තරයක් ලිව්වා.

"මං අදත් එයාගෙන් අහනවා." ටේහ්‍යොන් ආයෙත් කොළයක් එව්වා.

"ජන්කුක් අපිට කැමතිද නැද්ද කියලා දැනගන්න ප්ලෑනක් තියෙනවා මං ලඟ." ජීමින්ට මිස් රෝසිගේ ප්‍රශ්න පත්තරේ අමතකම වෙලා ගිහින්. මිස් පේන්න හිටපු නැති නිසා ජීමින් ඒක ටේහ්‍යොන්ගේ අතටම දුන්නේ පුටුවෙන් ටිකක් ඇල වෙලා.

"තමුසෙයි තමුසෙගෙ ප්ලෑනුයි. මේ පාරවත් වැඩේ අල වුණේ නැත්තන් හොදයි." ටේහ්‍යොන් ඒ විදිහටම නැවිලා ජීමින්ට උත්තරේ පාස් කරා.

"අහ්ම්... ලොකු වැඩක් වගේ. පාක් ජීමින් හැමදාම ටේහ්‍යොන්ට උත්තර කියාදීලා ඒ ළමයව අමාරුවේ දාන්නද හදන්නේ."

ටේහ්‍යොන් ටිකකට කලින් ජීමින්ට දීපු කොලේ මිස් රෝසිගේ අතේ. පිටිපස්සෙන් එක පාරටම ගෑණු කටහඩක් ඇහෙද්දි යාළුවෝ දෙන්නා පුදුම විදිහට බය වුණේ. හැබැයි කොළේ දිග ඇරලා බලපු මිස් රෝසිගේ මූණ අඳුරු වෙද්දි ජීමින්ට දාඩියකුත් දැම්මේ ටේහ්‍යොන්ටත් වොශෲම් එකක අවශ්‍යතාවේ තදින්ම දැනෙද්දි.

"මිස්ටර් පාර්ක් ජීමින්, මිස්ටර් කිම් ටේහ්‍යොන් ඒ වගේම මිස්ටර් ජියෝන් ජන්කුක්, දැන්ම මගේ ඔෆිස් එකට එනවා!!!"

පාඩුවේ කෙහෙල් කිරි එක බිබී පේපරේ ලියපු ජන්කුක්ගේ නහයෙනුත් බිබී හිටපු කිරි එක ආවේ අර නසරාණියො දෙන්නගේ නම් අගට තමන්ගේ නමත් මිස් රෝසි කියපු නිසා.

___________________

•𝙳𝚘𝚞𝚋𝚕𝚎 𝚃𝚛𝚘𝚞𝚋𝚕𝚎 𝚃𝚒𝚖𝚎• | 𝚅𝚖𝚒𝚗𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now