"ආහ්... තමුසේ.... මාව අත් හරිනවා මෝඩයෝ...."
"තමුන් දන්නවද ජියොන් ජන්ග්කුක් අද මේ ස්ටේජ් එකක් උඩ නටලා හෙට තමුන් වැටෙන්න පුලුවන් අමාරුව!? කවුරුහරි තමුන්ව මරලා හැංගුවත් එකයි!!! කවුරුවත් දැනගන්න එකක් නෑ!!! ටොක්සික් ෆෑන් කෙනෙක්ට එහෙම අහු වුනානම් තමුසෙ කෝටුමස් කරයි මැට්ටෝ!!!"
වේදිකාව පිටුපසට ජන්ග්කුක්ව ඇදගෙන ගිය යුන්ගී ජන්ග්කුක්ට බනින්න පටන්ගත්තා. ජන්ග්කුක් පුදුමයෙන්.... ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගෙන!!!
"ඔයා කොහොම-"
"සෝශල් මීඩියාවල දැනටමත් ට්රෙන්ඩින්ග් වෙලා තමුසෙව!!!!"
ජන්ග්කුක්ගේ ඇස් දෙක තවත් පුදුමයෙන් විශාල වුණා.
"ඒ කොහොම-"
"තමුසෙ හිතන්නෙ මේ ලෝකෙ ඉන්නෙ ගල් යුගේ මිනිස්සු කියලද!? මහා කොන්සර්ට් එකක තමුසෙ වගේ හිච්චි කොල්ලෙක් සින්දු කියද්දි උඩ බලාගෙන ඉන්න තරම්!?"
යුන්ගිගේ දැඩි වදන් හමුවේ ජන්ග්කුක් නිහඬ වුණා. නිහඬ වුණාම විතරක් නෙවෙයි, ඒ ඇස්වලින් කඳුළු බිංදු ගලාගෙන යන්න පටන් ගත්තා. යුන්ගි කොච්චර නපුරු විදිහට මිනිස්සුන්ට සැලකුවත් පුංචි ජන්ග්කුක්ගේ කඳුළු ඉස්සරහ නිකන්ම දුර්වලයෙක් වුණා.
"හේයි... ජන්ගූ.... මම අඬන්න දෙයක් කිව්වෙ නැහැනෙ දරුවෝ... කෝ එන්න"
යුන්ගි දෑත් දෙපසට විහිදුවන් ජන්ග්කුක්ව වැළඳගන්න හැදුවත් ජන්ග්කුක් යුන්ගිව හෙමින් තල්ලු කරලා වේදිකාව දිහාවට එබිලා බැලුවා.
"මට එයාට යනවා කියන්නවත් බැරිවුණා හලෝ..."
"අපි ආයෙ දවසක එයාව හම්බවෙමු ජන්ගූ... දැන් නම් කොහොමටවත් ආයෙ ඔයාව ස්ටේජ් එකට යවන්න බෑ"
යුන්ගි සන්සුන් ස්වරයෙන් කියද්දි ජන්ග්කුක්ට එයාට අවනත වෙනවා හැර වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. බිම බ්ලාගත්ත ජන්ග්කුක් යුන්ගි එක්ක එතනින් පිටව යන්න තීරණය කළා.
"ඔයා මෙතන ගාඩ් කෙනෙක් නේද?"
"ඔව්...."
යුන්ගි ප්රසංගයේ ආරක්ෂකයෙක්ගෙන් අහද්දි ආරක්ෂකයා කෙටියෙන් පිළිතුරු දුන්නා.
YOU ARE READING
Demon Bby♥️{taekook}
Fanfictionසුන්දරත්වය තිබෙන්නේ හදවතේ මිස හැඩරුවේ නොව.... ඉතින් සුන්දරත්වය මෙසේ වචන කරන්නම්.... TAEKOOK......... top -KOOK!!!😒(එයා පොඩි උනාට ටොප් වෙයි හරි කාලෙට) bottom - tae