01

287 24 0
                                    

"මොකද මෙතන කරන්නේ"
පිටිපස්සෙන් ඇහුන සද්දෙට බය වුන බෙක් ඉක්මනට පිටිපස්ස හැරුනා. බය වුන පාරට එයාගේ අතේ තිබ්බ ස්කෙච් බුක් එකත් බිමට වැටුනේ පිටිපස්සෙන් හිටගෙන හිටිය මේරිගේ කට කොනකින් ඉබේම හිනාවක් මතු වෙද්දි.

"මොන මගුලක්ද මේරි. තමුසේ මොන විකාරයක්ද මෙතන කරන්නේ?"
බිම වැටුන ස්කෙච් බුක් එක අහුලගත්ත බෙක් ඉක්මනටම නපුරු පෙනුමක් මූනට අරගෙන මේරිට කෑ ගහන්න ගත්තා.

"හරිනම් ඒක මමයි අහන්න ඕන මිස් බෙක්. බැලේ වලට ඔච්චරටම වෙෙර කරන ඔයා මොකද මේ හොරෙන් එබීගෙන බැලේ ප්‍රැක්ටිසස් බලාගෙන ඉන්නේ"
කටේ තිබ්බ සිගරට් එක බිම දාලා පාගපු මේරි බෙක්ගේ උඩ ඉදන් පහලටම හොද බැල්මක් දැම්මා.

වයිඩ් පෑන්ට් එකකට ලොකු කළු පාට ටීෂර්ට් එකක් ඇදලා හිටිය බෙක්ගේ ඇදුම් ඇතුලට තව කෙනෙක් බස්සන්න තරම් ඉඩ තියෙනවා කියලා මේරිට දැක්ක ගමන්ම හිතුනා.

කොණ්ඩේ කොටට කපලා ඩෙක්ස් ෂූස් දෙකක් දාගෙන හිටිය බෙක්ගේ රෝස පාට යටිපතුල්වලට ඒතරම් රළු සපත්තු ගැලපෙන්නේ නෑ කියලයි මේරිට හිතුනේ.
බෙක්ව ගැහැණු ලමයෙක්ද පිරිමි ලමයෙක්ද කියලා හොයාගන්න බැරි තරමට බෙක් වෙනස් වෙලා කියලා මේරිට ඒ වෙලාවේ හොදටම තේරුනා.

හොදයි මේරිගේ කියලත් ලොකු වෙනසක් තිබ්බේ නෑ. එයත් ඔය විදිහමයි වෙනසකට තිබ්බේ එයා බෙක්ට වඩා ටිකක් උස වෙච්ච එක විතරයි.

"තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ. බලාගන්නවා මේ ගැන කාටහරි කියලා තිබ්බොත් මට එදාට නරක මිනිහා කියලා කියන්න එපා" අතේ තිබ්බ ස්කෙච් බුක් එකෙන් මේරිගේ මස් පිරුණු අතකට හයියෙන් පාරක් ගැහුව බෙක් කිසිම ලාලිත්‍යයක් නැතුව ඉස්සරහට ඇවිදගෙන ගියා.

"මම ආවේ අද හවසට කෝච් මීටින් එකක් තියෙනවා කියලා කිව්ව එක ගැන කියන්න" මේරි හයියෙන් කෑ ගහනකොට බෙක් පේන තෙක් මානෙකවත් නොහිටියට බෙක්ට පණිවිඩේ ඇහෙන්න ඇති කියලා මේරිට විශ්වාසයි.

මේරි ආයෙත් සැරයක් කලින් බෙක් බැලේ ප්‍රැක්ටිස් බලන්න එබිලා හිටිය පුංචි ජනේලෙන් ඇතුල බලලා හීනියට හිනා වෙලා එතනින් එලියට ඇවිදගෙන ගියා.


<>

අලුත් එකක්. ආාසාවට වගේ ලිව්වේ. චූටි කතාවක් හැබැයි විකාරයක් වෙයි :)

ලාවියෝ ❤

GIRLIE [gl short story] √Where stories live. Discover now