04

81 18 2
                                    

තව විනාඩි දහයකින් විතර මේරිගේ බයික් එක නැවතුනේ බෙක්ගේ ගෙදර ඉස්සරහ.

හෙල්මට් එක ගලවපු මේරි බෙක්ව ගනන් නොගෙනම දොර ගාවට ඇවිදගෙන ගිහින් එතනම තිබ්බ මල් පෝච්චිය යට තිබ්බ යතුර අරන් දොර ඇරගෙන ඇතුලට ගියා.

කාමරයක් ඇතුලට ගිය මේරි කොහෙදෝ තිබිලා බෙහෙත් එකක් එක්ක බැන්ඩේජ් එකක් අරගෙන එනකොට බෙක් ඇද උඩ ඉදගෙන හිටියා.

මේරි බෙක් ගාවම දන ගහලා බෙක්ගේ දනහිස ගාව තිබ්බ තුවාලෙට බෙහෙත් දාන්න පටන් ගත්තා. ඒ අතරින් පතර බෙක්ගේ වේදනාත්මක කෙදිරිලිත් ඇහුනා.

"බැරිනම් මොන මගුලකටද ගහගන්න ගියේ?" මේරි බෙක් දිහා නොබලම ඇහුවා.

"බැරි වුනේ නෑනේ. මං උන් දෙන්නට නෙලුවා හොදට. අනික වැරැද්ද උන් අතේ. මට කෙල්ලෙක් වගේ හැසිරෙන්න කියලා දෙන්න ආවා" බෙක් කිව්වේ අඩන ගමන්මයි.

"මහලොකුවට ගහ ගත්තට දැන් රිදෙනවනේ" මේරි කිව්වේ ටිකක් රිදෙන්නම තුවාලේ උඩ බැන්ඩේජ් එක තද කරන ගමන්මයි.

එහෙමම ටික වෙලාවක් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා නොකර හිටියා. තුවාලෙට බෙහෙත් දාලා ඉවර වෙලා මේරි නැගිටලා යන්න හදනකොට බෙක් මේරිගේ අතකින් අල්ල ගත්තා.

"ඔයා කොහොමද දැනගත්තේ?"

"මොකක්ද?" මේරි ඇහුවේ බෙක්ගේ එහා පැත්තෙන් ඉදගන්න ගමන්.

"මගේ ඇත්ත නම ඉසබෙල් කියලා" බෙක් තමන්ගේ අතේ ඇගිලි එකට පටලවගෙන හිටියා.

"ඔයා නොදන්නවා වුනාට මම ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා. හරියට අර ඔයා හොරෙන් කබඩ් එක ඇතුලේ දාගෙන ඉන්න බැලේ ප්‍රැක්ටිස් කරන ඇදුම වගේ දේවලුත් මම දන්නවා" මේරි කිව්වේ බෙක් දිහා බලාගෙන. බෙක් ටිකක් පුදුම වුනත් මුකුත්ම නොකියම හිටියා.

"ඉසබෙල්.."

"මට එහෙම කතා කරන්න එපා.මම ඒ ගර්ලිෂ් නමට ආස නෑ"

මේරි ලොකු හුස්මක් පහත දැම්මා. ඊට පස්සේ මේරි බෙක්ගේ රෝස පාට අත් දෙක තමන්ගේ අත් අතරට අරන් බෙක් දිහාවට ලන් වුනා.

"ඇයි දැන්වත් ඔයාව පිලිගන්න බැරි ඉසබෙල්. ඔයා ඒ නමට අකමැති කිව්වට ඔයා කැමතියි ඒ නමට. ඔයා බැලේ වලට වෙෙර කරනවා කිව්වට ඔයා ආසම බැලේ නටන්න. ඔයාට දිග කොණ්ඩේ කපලා දැම්මට ඔයා ආසම දිග කොණ්ඩෙකට. කොල්ලෙක් වගේ ඇන්දට ඔයා ආසම සායවලුයි,ගවුමුයි අදින්න එහෙමනේ. කොටින්ම ඔයා ආසයි සාමාන්‍ය ගැහැනු ලමයෙක් වගේ ඉන්න. ඔයාගේ විදිහ ඒක. ඉතින් ඇයි තවත් ඔයාවම මේ විදිහට බොරු ප්‍රතිරූපයක් මවලා හංගගන්නේ?"

මේරිගේ අත අතඇරලා බෙක් ඇවිදගෙන ගියේ එයාගේ කාමරේ තිබ්බ ලොකු ජනේලේ ගාවට.

"අවුරුදු 15දි වුන දේවල් මට අමතක නෑ මේරි. මට ආයෙත් එහෙම වෙනවා දකින්න ඕන නෑ. ඒ කාලේ හිටපු ඒ අහිංසක ඉසබෙල් ගොඩක් දුක් වින්දා. ඒ ඉසබෙල් කොච්චර මෝඩද කිව්වොත් තමන් වෙනුවෙන්වත් කතා කරන්න බැරි වුන කෙනෙක් එයා. ඒත් දැන්! නෑ දැන් ඉන්නේ බෙක් විතරයි. ඉසබෙල් ආයෙමත් කවදාකවත් එන්නේ නෑ." ඈත බලාගෙන බෙක් කතාකලා.

"අහන්න බෙල් අපිට පුළුවන් ඒ හිටපු ඉසබෙල්ව ටිකක් වෙනස් කරන්න. ඔයා සමාජේ වෙනුවෙන් ඔයාවම වෙනස් කරගන්න උත්සාහ කරන්න එපා. ඔයාම වෙන්න. ඔයා කැමති විදිහට ජීවත් වෙන්න. අනික මම ඔයත් එක්ක ඉන්නවා."  මේරි බෙක්ව බැක්හග් කරන්ම කතා කලා.

"අහකට වෙනවා මේරි. මම එක සැරේකුත් කිව්වනේ මට ඕන නෑ. අනික ගෑනියෙක් වගේ හැසිරෙන්න ඕන නෑ මට. තමුසේ ඔය කිව්ව කිසිම දේකට මම කැමති නෑ" බෙක් මේරිව තල්ලු කලා.

මේරි කේන්තියෙන් ම බෙක්ගේ ඇදුම් කබඩ් එක ඇරිලා. ඒකේ තද වෙලා තියෙන දොර ඇරලා දාපු මේරි උඩ තිබ්බ කලිසම් ටික විසික් කරලා යටින්ම තියලා තිබ්බ සායවලුයි,ගවුමුයි එලියට ඇදලා ගත්තා.

"එතකොට මේ මොනවද කියනවා. මට තමුසෙව නලවන්න ඕන නෑ ඉසබෙල්. මම කිව්වේ තමුසෙගෙම හොදට. තමුසේ තමුසෙම වෙන්න බලනවා. ඊට කලින් ඔය ගොන් මොලෙන් කල්පනා කරනවා. තමුන් තමුන්ම වෙන එක දුර්වලකමක් නෙවෙයි කියලා තේරුම් ගන්නවා මුලින්ම" කේන්තියෙන්ම කෑ ගහපු මේරි බෙක්ගේ ගෙදරින් එලියට බැහැලා ගියා.


    <>
විකාරම එන්ඩ් එක තව ටික වෙලාවකින් :)

GIRLIE [gl short story] √Where stories live. Discover now