21🌊

79 25 82
                                    


Author POV  ,

" ඉතින් ජිනා ... කොහොමද මේ දවස් වල arts ටිකේ වැඩකටයුතු ..." යුන්ගි රෝස්ට් චිකන් කැබැල්ලක් chopstick එකක් ආධාරයෙන් තම මුවට දමා ගන්න ගමන් අහද්දී ජින් ...

" අවුලක් නෑ ..." කෙටි උත්තරයක් දෙද්දී මීසූ ...

" ජෙනී ..ඔය දෙන්නා එතකොට කවදද marry කරන්නේ ... තාම date එකක් නැද්ද ..." හිනාවෙලා අහද්දී ජෙනී " ම්ම් ලබන මාසේ විසි හත .. අපි දෙන්නා marry කරන්නේ ..." යුන්ගිගේ අත තම අතෙහි පටලවා ගන්න ගමන් ජෙනී යුන්ගී දිහා ආදරෙන් බලන ගමන් කියද්දී යුන්ගීත් ජෙනීගේ අත අතගාන ගමන් ජෙනී දිහා බලන් ඉද්දී ජින් ටිකක් සද්දෙන් උගුර පෑදුවේ දෙන්නව මේ ලෝකෙට ආයෙත් ගේන්න ඕනි නිසයි ...

හරි සිහියට ආව යුනී කපල් එක ඉක්මනින් අත දෙක අයින් කරගනිද්දී මීසූ හිනාවෙලා බලද්දී ජෙනී මූණ රතු කරන් ඉක්මනින් තම කෑම එකත් කාලා පිගන් ටික එකතු කරගෙන කරගෙන ගියේ දැනුන ලැජ්ජාව නිසයි ....

පැය කිහිපයකට පසු මීසූ " ජින් මට ආසයි මෙහේ වටේට ටිකක් ඇවිදින්න ...." කියමින් ඔහුගේ එක් බාහුවක් බදාගනිමින් කියද්දී ජින් හිනාවෙන ගමන් " දේ ...අපි යමු "

මීසූ සමග පිටතට යන බව ජින් යුන්ගිට කියලා යන්න ගියේ යුන්ගිගේ ගෙදර දාලා ගිය තමන්ගේ car එක ලගටයි ...

" මං මේ පාර යනකොට ඔයාවත් අරන්මයි යන්නේ පැටියෝ .." ජින් ගරාජයේ සුදු රෙද්දකින් වසා තිබූ තම car එකේ එම රෙද්ද ඉවත් කර  car එක අතගාන ගමන් කියන දිහා බලන් හිටිය මීසූ ....

" ඔයා ඔයාගේ car එකට ගොඩක් ආදරෙයි නේද ..." හිනාවෙලා කියද්දී ජින් ඔලුව වනලා car එක ඇතුලට ගිහින් ඒක start කරගෙන එලියට එන අතරේ මීසූත් ගරාජ් එක ඇතුලේ ඉදන් එලියට ඇවිත් car එකට නැග්ගා ...

පැය තුනක් පුරාවටම සෝල් නගරය පුරා ඔවුන් සතුටින් ඇවිදලා දවල් ආහාරය ගන්න restaurant එකට ගිහින් කෑම අරගන්න අතරේදී මීසූ දැක්කේ පුංචි බබෙක්ව වඩන් ඉන්න අම්මා කෙනෙක්ව  ...

එකදිගටම තමන් කියවන දේවල් වලට අවධානය නොදී වෙන පැත්තක් මීසූ බලන් ඉන්නවා දැකපු ජින් ඒ පැත්ත බලද්දී දැක්කේ ලස්සන පවුලක් ....

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now