Lily of The Nile.

59 9 8
                                    

"..මීට තුන් අවුරුද්දකට පෙරාතුව, හදිසියේ ම අප අතරින් වියෝ වුණු, අවිශ්ක සේනාධීර තරුණ මහත්මා සිහිපත් කරලා, සෑම වසරකම සිදුකරන මේ මහා පුණ්‍යකර්මය, මේ වසරෙත්, ඉතා වෙහෙස මහන්සි වෙලා, සෑම අතකින්ම පරිපූර්ණ විදිහට සිදු කරන්න, මේ පිංවත් පිරිස කටයුතු කරලා තියෙනවා.."

ලොකු හාමුදුරුවන්ගේ ශාන්ත හඬ, පන්සල් භූමියේ නිසංසල බවත් එක්ක බොහොම අපූරුවට එකතු වෙද්දී, බෝ මළුවේ කෙලවරක වාඩි වෙලා උන්නු මම අහස දිහාවට ඇස් හැරෙව්වා.

අද පෝය දවස නිසා හරි ලස්සනට හඳ පායලා. වෙනදාට හඳේ පාළු මකන්න පායන තරු සේරම වගේ් අද කොහේහරි හැංඟිලා. හඳට තනි ඇති අද.. මගෙ හිත වගේම..

අද.. අද උඹේ 26 වෙනි උපන් දිනේ.

මම උඹ නැතුව උඹේ උපන්දිනේ සමරන තුන් වෙනි අවුරුද්ද.

මටත් හිතාගන්න බෑ,මම උඹ නැතුව මේ අවුරුදු තුන කොහොම ගෙවා ගත්තද කියලා. හීනයක් වගේ.අදටත් මට පිලිගන්න අමාරුයි උඹ මං ගාව නෑ කියන ඇත්ත. අමාරුයි.. සෑහෙන්න අමාරුයි. මගෙ හුස්ම ටික වෙච්ච උඹ, මගේ මුළු ජීවිතේම වෙච්ච උඹ, කොහොමද හිත හදාගත්තේ මාව තනිකරලා එච්චර දුරකට යන්න.

තිසා.. උඹ දන්නවද..? අදත් අපේ යාලුවො ඔක්කොම ඇවිත්.කැම්පස් එකේ යාලුවෝ,ඉස්කෝලේ යාලුවෝ, ක්ලාස් එකේ යාලුවෝ,ගමේ යාලුවො.. හැමෝම උඹව මතක් කරනවා.උඹ කොච්චර ලස්සන හිතක් තිබ්බ කොල්ලෙක් ද කියල උන් හැමෝම මන්තරයක් වගේ කියවද්දී, මට උන් සේරටම කෑගහල කියන්න හිතුනා ඒ හදවතේ අයිතිය මගේ කියලා.

අනිත් හැමෝම උඹට අවිශ්ක කියද්දී, තිසා කියන නම කිව්වෙ මම විතරමයි. පුදුමෙ කියන්නේ උන් ඉස්සරහ මං කොච්චර උඹට තිසා කියල කතා කරත්,උන් එකෙක්වත් ඒ නමට පුරුදු නොවුන එක. උන් අඳුරන අවිශ්ක,හිත හොඳ, වලියට බර, ටිකක් විතර සැර කොල්ලෙක් උනත්, මගේ තිසා ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක් උනා.මම උඹව හම්බෙන්න එන්න චුට්ටක් පරක්කු වුණාම,මගේ උරහිසට ඔලුව තියාන, කම්මුල් දෙකත් පුම්බගෙන නෝක්කාඩු කියන උඹම ද ඒ කියල මට හිතුන වාර අනන්තයි. ඒ හුරතලේට මම ආදරේ කරන තරමක්. යන්න වෙලාව ළං උනාම උඹ මගේ අතේ එල්ලෙන්නේ වටේ පිටේ මිනිස්සු ගැන කිසිම ගානක් නැතුව. මුලින් මුලින් මට නුහුරු උනත් ටික කාලෙකින් මමත් උඹේ විදිහට හුරු උනා. ඒ විදිහට මම ගොඩක් ආස කරා.කොටින්ම මම උඹ ගැන හැම දේකටම ඇබ්බැහි වුණා.

Lily Of The Nile.Where stories live. Discover now