" ටේ හියුංග්... ටේහි්‍යුන් ගෙන් පරිස්සං වෙයං.... එයා... එයා ඔයාට මරණ තර්ජනයක් වෙන්ද කොහෙද යන්නෙ......"යුංගි බය වෙලා කියද්දි ජංකූක් උඩ බිම බැලුවෙ මේ මොනවද කියන්නෙ කියලා එයාට තේරුනේ නැති නිසයි.
" යා.... ඒම දෙයක් නෙවෙයි මෝඩයෝ.... මේකයි උනේ......"
.
.
.
.ජංකුක් යුංගිට වෙච්චි කතාව සරලව කියාගෙන ගියා. සරලව කිව්වෙ ගොඩක් කොටස් නැතිවයි.
" ම්.. ඒ කියන්නේ මෙතන උනේ මේකයි... ඔයා ටේහි්‍යුන්ගෙ නම ගහලා තිබ්බ ඒ මකනෙ ඒ ගෑනු ලමයාගෙන් ගත්තා. කොහොමහරි ටේහි්‍යුන් ඒක දැක්කා.... " යුංගි කල්පනා කර කර ඒම කියන ගමන් ඇවිත් ජංකුක් ගාවින් වාඩි උනා.
දෙන්නම කැෆටේරියා එක හරියේ තියන බීම මැශින් එක ගාව තමයි හිටියේ.
" ආ... " යුංගි එයා ගෙනාව බීම ටින් එකක් ජංකුක් අතටත් දුන්නා.
" ම්.... සොරි මං මේක කිව්වෙ නැතිවට.. "
" හරි හරි ඒකට දැං කමක්නෑ..... දැං මොකක්ද කරන්න ඉන්නෙ..."
" ටේහි්‍යුන් ගොඩක් හොඳ කෙනෙක්. එයා ඒ ගැන ගොඩක් බරපතල විදියට හිතනවා ඇති දැං..."
" ඒක තමයි... ඉතිං ටේහි්‍යුන් ට ඇත්ත කිව්ව නම් නරකද ආ...."
" බෑඈ....." ජංකුක් එකපාරම කෑ ගහගෙන නැගීට්ටා.
" හ්හා..." යුංගිත් බය උනා ජංකුක් ගෙ මේ කලබලේට.
" ඉතින් දෙන්නගෙම තියන්නෙ වැරදි වැටහීමක් නිසා ඕක කියලා සමාව ගමු. ඉවරනෙ.. "
" අනො මට බෑ...... ඒක නං කීයටවත් කරන්නෑ මම"
ජංකුක් මුරණ්ඩු වෙලා ඒම කියද්දි යුංගිත් ඉදන් හිටිය තැනින් නැගිට්ටා." ම්.. යං. මාත් ඔයා එක්ක එන්නම්.." යුංගි ජංකුක් ගෙ අතෙන් අදින්න ගද්දි ජංකුක් බෑ කියලා කෑ ගහන්න උනා.
" අනේ යුංගි බෑ.. ඕම ඉන්නකො.. අනේ.... " ජංකුක් කොච්චර කෑ ගැහුවත් යුංගි එයාව ටේහි්‍යුන් ගාවට එක්කගෙන ගියා.
.
.
." හරි. දැං ඔයාට තේරෙනව නෙ. මෙතන තියෙන්නෙ වැරදි වැටහීමක්.. ජංකුක් ඔයාට කැමැති නෑ... ඒක උනේ මම කිව්ව විදිහට..." යුංගි ටේහි්‍යුන් ට ඔක්කොම කියං යද්දි ජංකුක් නම් හිටියේ බිම බලාගෙන.. එයාට මේක ගැන සතුටක් නම් තිබ්බෙ නෑ.
YOU ARE READING
My Love Mix Up [Taekook] ✅
Fanfictionජෝන් ජංකූක් ට ඔහුට යාබද අසුනෙ සිටින පාක් ජිමින් නම් පිරිමි ළමයා කෙරෙහි කැමැත්තක් පවතී. එහෙත් දිනක් ඔහුගෙ මකනය ගත් ජංකුක් දකින්නෙ එහි - හියුංග්. - නම් වෙනත් පිරිමි ළමයෙකුගෙ නමක් ලියා ඇති අන්දමයි. හදිස්සියේ පන්තියේ සිටිය කිම් තේහියුංග් නම් පිරිමි ලමයා...