RJ 💜

116 28 56
                                    

vinu pov

"  BTS සාමාජික කිම් සොක් ජින්  මෙම මස 13 වෙනි දින එනම් හෙට දිනයේදී තම හමුදා සේවයට යාමට නියමිතව ......."

හෙට , ඒ කියන්නේ හෙට එයා යනවා .මං කොහොමද අවුරුදු එකහමාරක් එයා නැතුව ඉන්න හිත හදාගන්නේ. නොදැනිම මගේ ඇඟේ හිරිගඩුත් පිපිලා. ඒත් ඇයි මේ ?

කවදාවත් දැකලා නැතුව
අඩුම එකිනෙකට වචනයක්වත් කතා නොකර
කොහොමද මෙහෙම බැඳීමක් ඇති වුණේ ?

ඔව් ඒක මටත් හිතාගන්න බැහැ .

හැබැයි
ඔයාලා මගේ කතාව දන්නවා නම් කවදාවත් ඔහොම කියන්නේ නැහැ. මොකද මට ඒ තරමට එයාව වටිනවනව. අනී එයාලව වටිනවා.

දන්නවාද ,
ජින් හියුන් කියන්නේ  මගේ ජීවිතේ සතුට
මගේ බයස්
සරලවම කිව්වොත් මගේ හැමදේම

ඒ දේ කොහොමද වුණේ ?

තනිවෙලා ජීවිතේ එපා වෙලා හිටපු මට , ජීවිතේ නැති කරගන්න ගිය මට මගේ වටිනාකම කියලා දුන්නේ එයා. ඒ හිනාව මගේ හැම වේදනාවක්ම නැති කරනවා.

ඒත් මට හිතා ගන්න බැහැ
මුහුදු ගව් ගාණක එපිටින් ඉන්න එයා කොහොමද එහෙම කරන්නේ කියලා ?

කොට්ටෙ බදාගෙන  කඳුළු හලපු මට එහෙම්මම නින්දත් ගිහින් .

_
_

වාහ් ඒ පාර මං මේ කොහෙද ? මොනවගේ ෆැන්ටසියක්ද ?

කැරකි කැරකි වටපිට බලපු මට හම්බ උනේ ජින් හියුන්ව.

" ආර්මි , සාදරයෙන් පිළිගන්නවා මගේ ෆැන්ටසියට ඔයාව "

ජින් හියුන් , ඔව් මේ එයාමයි. මම ජින් හියුන් එක්ක !

" දැන් කියන්න බලන්න මම ඔයාලට කියලා දුන්නේ මොනවද කියලා ම්ම්ම්ම්... ?

මං කියලා දුන්නේ මං නැති දවසට හොටු පෙර පෙරා අඬන හැටිද ආර්මි ? කෝ ඔයාලගේ හිනාව ? මෙච්චර ඉක්මනට මාවයි මගේ හිනාවයි අමතක කලාද ? "

MISS YOU || KSJ FAN FICTION || ONESHOT || [ COMPLETED ]Where stories live. Discover now