ජන්කුක් උදේ ඇහැරෙද්දී ටිකක් වෙලා ගිහින් තිබුණත් එයාට ඇස් ඇරිය ගමන් දැක ගන්න නම් පුලුවන් උනේ එයාව තලාගෙන චප්ප කරගෙන ඉන්න ටේහ්යුංවයි, ජිමින්වයි තමයි... ඇගේ අමාරුව කොහොම වෙතත් තැලිලා තියෙන විදිහට නම් ජන්කුක්ට හෙලවෙන්නවත් බෑ... ජිමින්ගේ අතක් ජන්කුක්ගේ ඉන වගේ එතිලා තියෙද්දී ටේහ්යුංගේ අත ජන්කුක්ගේ පපුව උඩ තාමත් එහේ මෙහේ වෙනවා...
ජන්කුක් බොහොම අමාරුවෙන් එයාගේ අත් දෙක අර දෙන්නගෙන් ගලවගෙන හෙමීට දෙන්නගෙම ඔලුව අත ගෑවා... දැනෙන සනීපෙට පුංචි පුංචි කෙදිරිලි පිට කරන ගමන් ටේහ්යුංනුත් ජිමිනුත් තමන්ව තවත් තුරුල් කරගන්න හැටි දැකලා ජන්කුක්ගේ මූණේ ලාවට හිනාවක් ඇදුනා...
තවත් ටික වෙලාවක් යද්දී මූණට එලිය වැටුන නිසා ජිමින් ඇහැරුනා...
"ගුම් මෝනින් කුකීහ්..."
Sleepy voice එකෙන්ම ජන්කුක් ගුඩ් මෝනින් කිව්ව ජිමින් හෙමින් නැගිටලා එයාගේ නලලින් හාදුවක් තිබ්බා...
"ගුඩ් මෝනින් හියුන්ගී..."
ජන්කුක් ටේහ්යුං ඇහැරෙන්නේ නැති වෙන්න ජිමින්ට ගුඩ් මෝනින් කිව්වා...
"ඇහැරවන්නද?"
ජන්කුක්ව තවමත් බදාගෙන නිදාගෙන ඉන්න ටේහ්යුංව ඇගිල්ලෙන් පෙන්නපු ජිමින් ජන්කුක්ගෙන් අහද්දී ජන්කුක් එපා කියන්න ඔලුව වැනුවා...
"හරි එහෙනම් ඔයාලා ඔහොම ඉන්නකෝ මං බොන්න මොනාහරි අරගෙන එන්නම්..."
ජිමින් ඇදෙන් බැහැලා මූණත් හෝදගෙන එලියට ගියාම ජන්කුක් අත් දෙකෙන්ම ටේහ්යුංව තුරුල් කරගෙන ආපහු ඇස් පියා ගත්තා... ආපහු ජන්කුක් ඇස් අරිද්දී ජිමින් පුටුවක වාඩි වෙලා ජූස් එකක් බොන ගමන් වගේම තාමත් ඇදේ ජන්කුක්ගේ එහා පැත්තෙන් ඉදගෙන ටේහ්යුං එයා දිහා බලන් ඉන්නවා...
"ගුඩ් මෝනින් බබා..."
"ගුම්-ඕනින් ටේහ්යුංගී..."
ජන්කුක් තාමත් නිදිමතෙන් ඉන්නේ කියලා තේරුන ටේහ්යුං එයාව ටිකක් ඇදේ කෙලින් කරලා ජිමින් ගෙනාව ජූස් එක බොන්න දුන්නා... ජිමින් නම් මේ වෙද්දිත් වොශ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන උන්නත් ටේහ්යුං උන්නේ රෑට ඇදපු කලිසම විතරක් පිටිනුයි... එයත් ඊයේ රෑ උඩට එකක් ඇන්දේ නෑ... ජන්කුකුත් ඒ විදිහටම උන්නත් එයා බෙඩ්ශීට් එක පොරවගෙන උන්න නිසා අර දෙන්නට එයාලගේ හපංකම් පේන්නේ නම් නෑ...
YOU ARE READING
MY TOPS|VMK|✔
FanfictionVMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the university, was very talented and won everyone's hearts and continued his work... ~ Taehyung, who was the hottest boy in the university, was a v...