Chapter 10

626 128 13
                                    





ටේහ්‍යුන් වොශ් දාලා ජන්කුක්ගේ රූම් එකට එද්දිත් ජන්කුක් කාමරේට ඇවිත් හිටියේ නෑ . ඇත්තටම ජන්කුක් දවල් අඩපු විදිහට ටේහ්‍යුන්ට බය හිතුනා ජන්කුක්ව තප්පරයක්වත් තනි කරන්න .

" ටේහ්‍යුන් ඔයා..? "

ජන්කුක් වොශ් දාලා එනකොට ටේහ්‍යුන් ජන්කුක්ගේ ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ෆෝන් එක ඔබන ගමන් හිටියා .

ජන්කුක් ආව ගමන් ෆෝන් එක බෙඩ් ටේබල් එක උඩින් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා .

ඇස් රතු වෙලා අඩලම , මුලු මූනම රතු වෙලා තියන විදිහට කියන්න පුලුවන් ජන්කුක් අනිවාරෙන්ම ආයෙත් අඩලා කියලා .

" ඔහ් හියුන් ඔයා වොශ් දාලා ඉවරද "

" හ්ම්ම් "

ජන්කුක් මිරර් ටේබල් එක ලගට ගිහින් hair dryer එක ගත්තා .

" හියුන් "

" ම්ම් "

ජන්කුක් dryer එක අතේ තියාගෙනම ටේහ්‍යුන් දිහා බැලුවා .

" මෙතනට එන්නකො . ඕකත් ඇරන්ම "

ටේහ්‍යුන් ඇද පෙන්නලා කිව්වට පස්සේ ජන්කුක් dryer එකත් ඇරන් ටේහ්‍යුන් කිව්ව තැනින් ඉදගත්තා .

ජන්කුක් ඉදගත්තට පස්සේ ටේහ්‍යුන් ජන්කුක්ගේ පිටිපස්සට ඇවිත් dryer එක අතට ගත්තා .


" දෙන්න . මම කරන්නම් "

" බෑ බෑ හියුන්ගේ කොන්ඩේ ශෝයි . ඒ නිසා මම කරලා දෙන්නම් "


කොහොමින් කොහොම හරි ටේහ්‍යුන් ජන්කුක්ගේ කොන්ඩේ වේලන අතරේ ටේහ්‍යුන්ගෙ දිග ඇගිලි ජන්කුක්ගේ සිනිදු හිස කෙස් හරහා යද්දි ජන්කුක් දැනෙන සනීපෙට ඇස් පියාගත්තා .

විනාඩි ගානකින් කොන්ඩේ වේලලා ඉවර උන ටේහ්‍යුන් dryer එක පැත්තකින් තියලා ජන්කුක්ට හදාන ආපු කෝෆි එක බොන්න දුන්නා .

" රසද මම හැදුවේ "

ටේහ්‍යුන් ජන්කුක් ලගින්ම ඉදගෙන ජන්කුක්ගේ මූනට එබිලා ඇහුවා .

" ම්ම් රසයි "


ජන්කුක් අන්තිම උගුරත් බීලා කෝප්පේ බෙඩ් ටේබල් එක උඩින් තිබ්බා .


𝐌𝐞𝐦𝐨𝐫𝐢𝐞𝐬 𝐎𝐟 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐒𝐧𝐨𝐰┃ 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ║ ✓Where stories live. Discover now