Part 11

39 12 0
                                    

JK තමා අතින් සිදුවුනු වැරැද්දට බොහෝ සේ දුක් වුනා . එය ඔහුගේ මුහුනින්ම පේන්න ඇති . ඒ දිහා TAEHYUNG ට තවත් මොහොතක් හෝ බලා ඉන්න බැරි උනා .

V= " දැං ඔයා හදන්නේ මුලු දවසම මෙතන හිටගෙන ඉන්නද..? "

TAEHYUNG කතාව වෙනතකට හැරවීමට උත්සාහ කලත් JK තමාගේ අතීතයේ සැරිසරමිනුයි හිටියේ .

JK= " මට ඇත්තටම සමාවෙන්න .. මම දන්නවා පවුලේ අය අපි ගැන හොයන්නේ නැති උනාම ඒක කොහොමද දැනෙන්නේ කියලා .."

එය පමණක් පවසමින් JK නැවතත් කාර් රථය තිබෙන ස්ථානයට පැමිනියා .

V= " ඒ කියන්නේ .. එයත් මං වගේ කෙනෙක් ද ..? මට හොයාගන්න ඕනේ එයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා .."

එසේ සිතූ TAEHYUNG දුව ගොස් JK ගේ අතේ එල්ලුනා .

V= " ඔයා කිව්වා අද මං ඉල්ලන ඕන දෙයක් කරනවා කියලා.. මට දැන් කාර් එකේ යන්න බෑ .. අපි පයින් යමු .."

TAEHYUNG ගේ කැමැත්තට JK ඉඩදුන්නා . දෙදෙනා පාරේ ඇවිද යමින් සිටියදී TAEHYUNG එක්වරම නැවතුන නිසා JK ද නැවතී ඇය දෙස බලා සිටියා .

TAEHYUNG බලාසිටියේ ඇදුම් කඩයක් දෙසයි . JK දෙස බැලූ ඔහු , ඔහුවත් ඇදගෙනම ඇදුම් කඩය තුලට දිව ගියා .

ඇදුම් කිහිපයක් තේරූ TAEHYUNG ඒවා JK අතට දුන්නා .

V= " ඕවා ඇදගෙන එන්න .. මට මේවෙලාවේ ඕනේ යාලුවෙක්ව.. නැතුව බොඩිගාඩ් කෙනෙක් නෙමේ .."

අදිමදි කලත් JK TAEHYUNG දුන් ඇදුම් ඇදගෙන ඔහු ඉදිරියට ආවා .

V= " වෝ .. මම කවදාවත්ම දැකලා නෑ ඔයා මේවිදිහේ ඇදුම් ඇදලා ඉන්නවා .."

TAEHYUNG තමාගේ පුදුමය ඉවසාගත නොහැකි තැන කිව්වා .

TAEHYUNG විසින් JK ට ලබා දුන් ඇදුම් , JK මැර කල්ලියේ සිටින විටදී අදින ඇදුම් වලට බොහෝ සමාන උනා . TAEHYUNG එම ඇදුම් වලින් JK ව දැක නොතිබුනත් JK , KIM නිවාසයට පැමීනීමට පෙර දිනපතාම අදින ලද්දෙත් මේ වගේම ඇදුම් .

V= " හරි අපි යමු .."

JK කලින් හැදසිටි ඇදුම් සියල්ලම බෑගයකට දාගත් TAEHYUNG , JK ට අරන් දුන් ඇදුම් වල බිල ගෙවීමට ගියත් JK පැමින එහි බිල ගෙවා දැමුවා .

A story of a demon✔️Where stories live. Discover now