An Oblivious Night #_1

535 51 3
                                    


"හෙට තමා අපෙ company එකේ annual party එක.... taehyung ඔයා දන්නවනෙ ඒක..."

"Yeah Papa !! මම හැමදේම arrange කරලා තියෙන්නෙ...අපේ company එක හෙට ලස්සනට තියේවී.."

රාත්‍රී කෑම ගන්නා අතරේ Kim මන්දිරයේ කෑම මේසය අද සැරසුනේ annual partyයේ කතා බහෙන්...Mr.Kim එක්ක Taehyung කෑම ගනිමින් ඉද්දි එතනට Mr.Kim එක්ක jungkook කඩා වැදුනෙ හැමදාමත් වගේ taeගේ තරහ හොඳටම අවුස්සලා....Mr.Kim ළඟින් ම තිබ්බ පුටුවකින් හිඳගත්ත Mrs.Kim තමන්ගෙ පුතාට taehyung ළඟින් වාඩි වෙන්න කියලා සංඥා කරන ගමන් කෑම බෙදාගන්න පටන් ගත්තෙ කෑම මේසයෙ කලින් තිබ්බ නිහැඬියාව ඒ ලෙසටම ඇති කරලා...
අම්මගෙ සංඥාව තේරැනත් ජන්කුක් ටේ ළඟින් වාඩි නොවී මේසයේ කෙලවරකින් වාඩි උනේ ටේ ඉන්නෙ දැන් පුපුරන්න ඔන්න මෙන්න බව හොඳින්ම දන්න නිසා...

"ඉතින් හනී, අපිටත් ඔය annual party එකට එන්න පුලුවන් නේද?"
Lovely voice එකකින් Mr.Kim ගෙන් අහපු Mrs.Kim ඇස් කෙලෙවරින් ටේ දිහා බැලුවා...

"කොහෙත්ම බැහැ Mr.Kim !!! ඒක මගෙ අම්මගෙ company එක !!"

මේසයටත් වැරෙන් පහරක් එල්ල කරන ගමන් ටේ කියුවෙ එයාගෙ රතු වෙලා තියෙන දෑස් දෙක කෙලින්ම Mrs.Kim දිහාවට යොමු කරගෙන...

" මේ ඉන්නෙත් ඔයාගෙ අම්මා තමයි ටේ !! අඅයි තාමත් ඔයා ඔහොම හැසිරෙන්නෙ?"
උස් හඬින් කියපු Mr.Kim නැවතත් තමන්ගෙ අිහාර වේලට නෙත් යොමු කරද්දි පුටුවත් පැත්තකට විසික් වෙලා යන විදිහට කෑම මේසයෙන් ක්ෂනිකව නැගිටපු ටේ තමන්ගෙ තාත්තා දිහාත් රළු විදිහට බලලා එතැනින් නික්මිලා ගියා....

මේක මේ පවුලට දැන් සාමාන්‍ය අත්දැකීමක් වෙලයි තියෙන්නෙ...ඒත් ජන්කුක්නම් ඒකට පොඩ්ඩක්වත් කැමැත්තක් දැක්වුවේ නැහැ...මොකද තමන්ගෙ අම්මා Mr.Kim ව බැඳලා ආ දා ඉඳලා ටේට කොච්චර ළං වෙන්න හැදුවත් ටේට ජන්කුක්ව පෙනුනෙ හරියට තමන්ගෙ පවුල විනාශ කරන්න ආපු රාක්ෂයෙක් වගේ....
තමන්ගෙ කෑම පිගානට ගෑරුප්පුවෙන් අනින ගමන් ටේ ගැන කල්පනා කර කර හිටපු ජන්කුක්ගෙ සිහින ලෝකය කඩා වැටුනෙ Mr.Kimගෙ හඬ නිසා..

"ජන්කුක් පුතා ඕවා හිතන්න එපා, එයා ඉපදෙද්දිම එයාගෙ අම්මා අපිව දාලා ගියේ...ඉතින් එයා හැදුනෙ තනිවෙලා....ඒකයි එයා මෙහෙම හැසිරෙන්නෙ..."
දුක් මුසු හඬින් ප්‍රකාශ කරපු Mr.Kim කෑම මේසයෙන් නැගිටලා තමන්ගෙ කාමරයට යන්න හැරෙද්දි Mrs.Kim, Mr.Kim ගෙ අතේ එල්ලිලා එයත් එක්කම ගියේ ජන්කුක්ව එතැන තනි කරලා දාලා....

An Oblivious Night 🔞⁽ᴮᵒʸˣᴮᵒʸ⁾ᵛᵏ ✔︎Where stories live. Discover now