පිවිසුම

148 10 0
                                    

පෙළඹවීම

පිවිසුම

වසර දොළහකට පෙර බටහිර ලන්ඩන් නුවර සොහො ප්‍රදේශය

# රදේශ් නානයක්කාර

පසුබිමෙන් බ්ලැක් අයිඩ් පීස් සංගීත කණ්ඩායම මීට වසර දෙකකට ඉහත මුදාහැරපු 'I got this feeling,' ගීතය වාදනය වෙද්දී, නාස්පුඩුවක් දබර ඇඟිල්ලෙන් වසා අනිත් නාස්පුඩුවෙන් මගෙ ඉදිරියේ තිබුණ කොකේන් ශොට් එක මම ආග්‍රහණය කළෙමි. එහි බලපෑම සිරුරේ සෛලයක් සෛලයක් පාසා ගමන් කරද්දී හිස කෙලින් කරමින් දෑස් පියාගෙන එහි මිහිරියාව අත්වින්දෙමි.

මේ මොහොත.. මේ මොහොත මගෙ ජීවිතේ සර්ව සම්පූර්ණ මොහොතකි. සෙක්ස්, ඩ්‍රග්ස් සහ නිදහස, මගෙ ජීවිතයේ ශුද්ධ ත්‍රිත්වය වටකරගෙන ලන්ඩන් නුවර ප්‍රසිද්ධ සමාජ ශාලාවක රාත්‍රියක් පහන්කරමින් සිටියේය. කොකේන්වල බලපෑම තවදුරටත් මාව වෙලාගනිද්දී බුම් බූම් ශබ්දයෙන් පිටවෙන සංගීත රාවයට ඇහුම්කන් දෙමින් තාලයට හිස සොලවමින් නර්තනයේ යෙදෙන්නට මම සෙනග අතරට එකතුවුණෙමි.

"වට් ද ෆක්" ටික වෙලාවකින් මගෙ ආතල් එකට බාධා කරමින් කවුදෝ ඇවිත් මගෙ ඇගේ හැපෙද්දී මගෙ කටින් ඉබේටම පිටවුණි.

"මට සමාවෙන්න," තරුණියක් මගෙන් සමාව ඉල්ලා සිටියාය.

උපතින්ම පිහිටලා තිබුණ තරුණියන් 'ස්කෑන්' කිරීමේ හැකියාව ඔස්සේ මගෙ පපුව ළඟට පමණ උස, මුහුණෙන් භාගයක් වැහෙන තරමට කන්නාඩි කුට්ටමක් පැළඳගෙන හිටපු රතු කොණ්ඩකාරිය මම විදුලි වේගයෙන් ස්කෑන් කළෙමි. නැත ඇය මගෙ 'ටයිප්' නොවේ. අඩසිහියෙන් පසුවුණත් මා අභියස හිටපු ගෑනු ළමයා මගෙ ඝනයේ නොවන බවට මොලයට සංඥාව නිකුත්වෙන්න වැඩිවෙලා නොගියේය. ඇය පිළිබඳව තැකීමක් නොකර මම දිගටම නර්තනයේ යෙදෙන්නට සූදානම් වුණෙමි.

"මට සමාවෙන්න," ඇය ආයෙත් මගෙන් සමාව ඉල්ලා සිටියාය.

"ඒක කමක් නැහැ," ඕනාවට එපාවට වගෙ මම පිළිතුරු දුන්නෙමි.

"මට කතා කරන්න පුළුවන්ද?"

වචන නාස්ති නොකර හිසසලා ඔව් යැයි මම ඇඟෙව්වෙමි.

පෙළඹවීම Where stories live. Discover now