පරිච්ඡේදය අතරේ කාල රාමු වෙනස් වීමක් තිබෙනවා. එම නිසා මුල් පේළියේ ඉදන් කියවන්න නැත්නම් කතාව තේරෙනවා අඩුවෙයි.
බොහොම ස්තූතියි
පෙළඹවීම
කොටස දෙක
දින කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය
# තිශාක්යා දිසානායක
නිව්යෝක්හි මැන්හැටන් නුවර බෙහෙවින් ජනාකීර්ණ වෙමින් තිබුණ රිජ්වුඩ් පටුමගෙ ඉඩක් ලද ස්ථානයක ගාල් කළ ඌබර් රථයෙන් නික්මී මම වේගයෙන් ටොපෝස් කෝපි අවන්හල වෙත ඇදුණෙමි.
ලස්සනයි .. හොදම යෙහෙළියන් තිදෙනා සමග ඩේට් එකට හොදටම පරක්වෙලා සිටියත් ගිම්හාන ඝෘතුවේ මුල උදාවෙලා තිබුණ ලස්සන දවසේ හැඩ බලන්නට මම අමතක නොකළෙමි. නිවසින් පිටවෙන්න කලින් ඇලෙක්සා සදහන් කළ ලෙසටම පර්ෆෙක්ට් වෙදර් එකකින් සමන්විත ලස්සන දවසක් උදා වී තිබුණි. ඒ ලස්සන දවස තවත් ලස්සන කරන්න ටොපෝස් අවන්හලට අඩිය තියද්දීම ආග්රහණය වෙච්ච දැන් දැන් බාපු චොක්ලට් ක්රොසොන්ට් සුවඳ සහ රෝස්ට්ඩ් කෝපි සුවඳ සමත් වුහ.
හෙවන්ලි! මට සිතුණි.
"තිශ් අපි මෙහේ," බෙහෙවින් කාර්යබහුල වී තිබුන අවන්හල තුළ ඝෝශාව පරයමින් මගෙ හොදම මිතුරියන් තිදෙනා වූ සාරා, වෛශාලි සහ බීමා බෙරිහන් දුන්නෝය. සිනාමුසු මුහුණින් යුතුව මම ඔවුන් වෙතට හනික ඇවිද ගියෙමි.
මීට වසරකට ඉහත ක්ෂුද්ර ජීව විද්යාව හදාරන්න විශ්වවිද්යාලයට සම්බන්ධ වුණ පකිස්තාන ජාතික සාරාත්, බූතාන ජාතික බීමාත්, ඉන්දියන් ජාතික වෛශාලිත්, මමත් හොදම යෙහෙළියන් බවට පත් වුණේ අහම්බෙන් කණ්ඩායම් පැවරුමක් කිරීමට එකම කණ්ඩායමට තේරී පත්වෙනවාත් සමගයි. 'සාක් සංගමය' විශ්ව විද්යාලයේ සහෝදර ශිෂ්ය ශිෂ්යාවන් අපි හතරදෙනාව හැදුන්වූහ. ක්ෂුද්ර ජීව විද්යාව හැදෑරුවාට මොකද අපි හොදම මිතුරියන් බවට පත් වුණේ අපි හතරදෙනාම 'සීරියල්' පොත් කියවන්නන් වූ නිසාවෙනි.
"හායි මිස් සන්ශයින් ඔයා අද කවදාවත් නැතිව පරක්කුයි," බොහෝ දෙනා මාව හදුන්වන අනුවර්තන නාමයෙන් සාරා පිළිගනිද්දී අනිත් දෙදෙනා නෝක්කාඩු කියමින් මාව පිළිගත්තෝය.