''- ජීවිතේ සමහර දේවල් තියෙනවා අපිට කොයිතරම් ඕනි උනත් ලං කරගන්න බැරි, අයිති කරගන්නත් බැරි..
එතකොට අපිට කරන්න පුළුවන් කාටවත් අපෙ හිත ඇහෙන්නේ නැති මුහුදක් ළගට යන්න විතරයි... -''• • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • •
' ඒ මේ.. ඇයි වීනූ උඹ මෙහෙම එකක් ලිව්වෙ
මේ කෙල්ලව මරන්නද හදන්නෙ ඒපාර?' අනේ ඔයා තාම නැවැත්තුවෙ නැද්ද ඕක කියවන එක.. ඉශිනි..දැන් ඇති,දැන් ඇති.
' ආ ආ ඒව කොහෙද දැන් නම් කොහොමටවත් නවත්තන්නෙ නෑ , උඹ පොතක් ලියලා.. ඒකෙ චරිත මරල කරන්න යන්නෙ ලොකු අපරාදයක්,
මගේ මෝඩ යාලුවාව එකෙන් බේරගන්න ඕනි නේ..'' ආ එහෙමද යාලුවා , එහෙනම් ඔයා තමයි ලොකු ම මෝඩි, නැත්තම් ඉතින් මං ලියන කතා කියවල හොටු පෙර පෙර අඩයි ද😂 ?
' අනේ මේ මම නැත්තම් කව්ද මේවගේ කිසි රහක් නැති කතා කියවන්නේ, ආහ්...'
' හරි හරි ඒකට කෙනෙක් හොයාගන්නම් මම , කොහොමත් අපි දැන් ගියෙ නැත්තම් කතාවක් අහගන්නයි වෙන්නෙ , එනවා යන්න ඉක්මනට...'
ඉශිනි කියන්නෙ මං O/L කරන කාලෙ ඉදන් ම මගේ ළගින්ම හිටපු මගේ හොදම යාලුවා..
ඒ දවස් වල ඉදලම අපි හැම දෙයක් ම කරේ එකට , මං කරපු හැම දග වැඩකටම හැමෝගෙන්ම බැනුම් අහා අහා මදි නොකියන්න උදව් කරෙත් මේ ඉශිනි ම තමයි..
අපි A/L කරද්දිත් හැම දෙයක් ම හොදම විදිහට කරා, ඒ නිසාම තමයි අපි දෙන්නට එකටම university එකට select වෙන්න පුලුවන් උනෙත්...
අද තමයි අපි කැම්පස් යන දෙවෙනි දවස, ගියපු ගමන් ම අපිට යන්න උනේ අපේ සීනියර්ස් ල first year Juniors ලට තියෙන මීටින් එකට...
YOU ARE READING
නොහිමී❤️....
Romanceජීවිතයේ සමහර තැන් වලදී අපි නිහඩ වෙනවා , ඒ කැමැත්තකින් නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසාවෙන්..මොකද වැස්සට වහින්න බැරි උනොත් අහසට යි පොලොවට යි කවමදාකවත් එකතු වෙන්න බැරි නිසා - මේ ප්‍රේමයේ අහිමි වීමයි "නොහිමී❤️"-