-chapter 1❤️-

16 1 2
                                    

''- ජීවිතේ සමහර දේවල් තියෙනවා අපිට කොයිතරම් ඕනි උනත් ලං කරගන්න බැරි, අයිති කරගන්නත් බැරි..
එතකොට අපිට කරන්න පුළුවන් කාටවත් අපෙ හිත ඇහෙන්නේ නැති මුහුදක් ළගට  යන්න විතරයි... -''

• • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • •

' ඒ මේ.. ඇයි වීනූ උඹ මෙහෙම එකක් ලිව්වෙ
මේ කෙල්ලව මරන්නද හදන්නෙ ඒපාර?

' අනේ ඔයා තාම නැවැත්තුවෙ නැද්ද ඕක කියවන එක.. ඉශිනි..දැන් ඇති,දැන් ඇති.

' ආ ආ ඒව කොහෙද දැන් නම් කොහොමටවත් නවත්තන්නෙ නෑ , උඹ පොතක් ලියලා.. ඒකෙ චරිත මරල කරන්න යන්නෙ ලොකු අපරාදයක්,
මගේ මෝඩ යාලුවාව එකෙන් බේරගන්න ඕනි නේ..'

' ආ එහෙමද යාලුවා , එහෙනම් ඔයා තමයි ලොකු ම මෝඩි, නැත්තම් ඉතින් මං ලියන කතා කියවල හොටු පෙර පෙර අඩයි ද😂 ?

' අනේ මේ මම නැත්තම් කව්ද මේවගේ කිසි රහක් නැති කතා කියවන්නේ, ආහ්...'

' හරි හරි ඒකට කෙනෙක් හොයාගන්නම් මම , කොහොමත් අපි දැන් ගියෙ නැත්තම් කතාවක් අහගන්නයි වෙන්නෙ , එනවා යන්න ඉක්මනට...'

ඉශිනි කියන්නෙ මං  O/L  කරන කාලෙ ඉදන්මගේ ළගින්ම හිටපු මගේ හොදම යාලුවා..
දවස් වල ඉදලම අපි හැම දෙයක්කරේ එකට , මං කරපු හැම දග වැඩකටම හැමෝගෙන්ම බැනුම් අහා අහා මදි නොකියන්න උදව් කරෙත් මේ ඉශිනිතමයි..
අපි A/L කරද්දිත්  හැම දෙයක්හොදම විදිහට කරා, ඒ නිසාම තමයි අපි දෙන්නට එකටම university එකට select වෙන්න පුලුවන් උනෙත්...
අද  තමයි අපි කැම්පස් යන දෙවෙනි දවස, ගියපු ගමන්අපිට යන්න උනේ අපේ සීනියර්ස් ල first year Juniors ලට  තියෙන මීටින් එකට...

නොහිමී❤️....Where stories live. Discover now