Chapter 13

724 159 36
                                    

ටේයොන් එකපාරට ගැස්සුනේ එලාම් එක කන ගාවම වදින සද්දෙට.. ඇස් පියාගෙනම එලාම් එක ඕෆ් කරපු ටේයොන් කෙදිරිගාගෙනම ආයෙමත් හැරුනත් දඩාං ගලා ඔලුව බිත්තියේ හැප්පුනා.

'ආවුහ්හ්හ්හ්හ්හ්හ් මොන හු####'
දවස ඉතාම සුබවෙන්න කියලා හොද වචන දෙකක් තුනක් කියාගෙන ටේයොන් ඔලුවත් අල්ලගෙන ඇදෙන් වාඩිවෙලා වටපිට බැලුවේ නිදිමතේ හතර වටේම බොද වෙලා පේද්දී.

'ආආආආආආආ හැම ප*** මටම නේ වෙන්නේ!!! ශිට්...'
පොරවලා තිබ්බ බෙඩ්ශීට් එකත් ඇදෙන් බිමට විසික් කරලා දාපු එයා ඇදෙන් බැහැලා බාතෲම් එකට රිංගන් දඩහ් ගාලා දොර වහලා දැම්මේ ගැලවිලා බිමට වැටෙන සයිස් එකට.

දැන් උදේ 8යි වෙලාව! ටේයොන්ට ලෙක්චර් තියෙන්නේ 10ට නිසා ජන්කුක් උදේන්ම නැගිටලා එලාම් එකත් ආයෙමත් තියලා ඔෆිස් ගියේ ටේයොන්ට උදේට කන්නත් හදලා කරලා...

ටේයොන් වොශ් එකක් දාගෙන බාතෲම් එකෙන් එළියට ආවේ කොන්ඩෙනුයි ඇගෙනුයි හැමතැනින්ම වතුර බේරි බේරි! පුදුම තරම් වාසනාවකට කියන්නේ ඇග හෝදන්න කියලා හිතාගෙන ගිය ගමන ඔලුවම නිදිමතේ එයා ශවර් එකට අල්ලලා! අයිස් කැට තරම් සීතල වතුරට පට්ට ජවයක් ඇගටම දැනෙද්දී ටේයොන් වතුර එවන එකාගෙ ඉදන් හත්මුතු පරම්පරාවම සිහිකරා.

ඇදුමක් කබඩ් එකෙන් අරගෙන ඇදගෙන ටේයොන් එහෙම්ම බෑග් පැක් එකත් අරගෙන කිචන් එකට ගියාම එයා දැක්කා ටේබල් එක උඩ තිබ්බ ෆොයිල් පේපර් වලින් ඔතලා තිබ්බ එයාගේ උදේ කෑම එක!

ටේයොන් ටේබල් එකෙන් වාඩිවෙලා ජන්කුක් ලැහැස්ති කරපු බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ෆ්‍රිජ් එකෙන් ස්ට්‍රොබෙරි මිල්ක් එකකුත් අරගෙන බීලා කෙලින්ම ආයෙ බයික් එකේ කී එකයි බෑග් එකයි අරගෙන යුනිවර්සිටි එකට යන්නම එළියට බැස්සේ ගෙදර දොරත් ලොක් කරගෙන...

හෙල්මට් එකත් දාගෙන බෑග් එකත් එල්ලගත්ත ටේයොන් ලොකු හුස්මක් පිටකරලා බයික් එකට නැගලා ස්ටාර්ට් කරලා පාරට දැම්මේ ඊයේ රෑ සිද්ද උන එක එක සිද්දිය හොදට මතක් කරගන්න ගමන්! ඒත් එයාට මතක තිබ්බේ නෑ ජන්කුක් එයාගේ ලග රෑ නිදාගත්තා කියලාවත්...




BOYFRIEND HYUNG | V.k Where stories live. Discover now