ඇයගේ ගොදුර

482 52 4
                                    

කාර්යාල කාම⁣රයේ එක් කොනක ලේ පෙරාගත් හැඩිදැඩි තරුණයෙකි.. කාර්යාල මේසය අසල බිම වැටී සිටියේ ඇයයි,

තරුණ යුවලට සංග්‍රහ කල ඒ කාන්තාවයි.. ඇගේ හිසින් ලේ දහරාවක් යමින් තිබින. ඇය දෑස් විවෘත කොටගෙනම මිය ගොස් සිටියාය. ඇගේ මුහුනේ දිස්වූයේ පලිගැනීමේ චේතනාවයි.

තරුණිය කෑ මොර දෙමින් තරුණයාගෙ පිටුපස සැගවින.

"එයා හොදින්ද?"

"මං දන්නෙ නෑ ගිහින් බලමු!!"

"අනු ඔයාට පිස්සුද?"

"කලබල වෙන්න එපා!! මොනවත් වෙන්නෙ නෑ."

තරුණයා එසේ පවසමින් මිය ගිය කාන්තාව අසලට ලං විය.. නාඩි අල්ලා බැලූ ඔහු සුසුමක් පහත හෙලීය.

"එයා මැරිලා!!!"

තරුණිය දෙසට එමින් තරුණයා පවසද්දි තරුණයා තම දෑතින් මුඛය වසා ගනිමින් බියෙන් කෑ ගසුවාය. ඇගේ මුහු⁣න සුදුමැලි වී තිබින. නලලින් මතු වූ දාඩිය බිදු ඇගේ කම්මුල් හරහා පහලට පැමිණෙමින් තිබින. යකෙකු දැක්කාක් මෙන් ඇය බියට පත් වී සිටියාය.

"සශී?? මොකද උනේ??"

තරුණයා විමසද්දි තරුණයා තම වෙව්ලන දෑත තරුණයාගෙ පිටුපසින් වූ යමක් වෙත දිගු කලාය. සෙමින් පිටුපස හැරුණු තරුණයාට මරණ බිය පැමිණීමට ඒ හැටි වේලාවක් ගත වූයේ නැත. මිය ගිය කාන්තාව ඔහු ඉදිර්යේ සිටගෙනය.

ඇගේ ඇස් වල කළු බෝලය අතුරුදහන් වී ඇත. ⁣මූණ සුදුමැලිය. දැන් මිය ගිය අයෙකු වැනිය. ඇය මහ හයියෙන් සිනා සින. ඉන්පසු ඇය තම දෑගිලි තරුණයා වෙත දිගු කලාය. තරුණිය තවමත් කෑ මොර දෙමින් හුන්නාය. යමෙකු තමාව තරයෙ අල්ලාගෙන සිටින්නා මෙන් ඇයට හෙලවීමටවත් නොහැකි වී තිබින. ඇගේ දෑසින් කදුලු බිදු තරගයට මෙන් කඩා හැලෙමින් තිබින.

තරුණයා තම අවසාන මොහොත වෙනුවෙන් සූදානම් විය. වෙනත් විකල්පයක් නොමැත. ඇගේ බිරිදටද උරුම එය බව ඔහු වටහා ගත්තේය. ඇය වෙනුවෙන්වත් දැන් ඔහුට කල හැකි කිසිවක් නැත. හිත පුරා උඩදිව් බිය ඔහු පාලනය කරගෙන මරණයට මුහුණ දීමට සිත සාදාගත්තේය.

ඊලග මොහොතේ තරුණියගේ මුලු සිරුරම තම සැමියාගෙ රුධිරයෙන් තෙත් වී ගියේය. සුදු මැලි ව තිබූ ඇගේ උවනත රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගියේ තරුණයාගෙ හිස ක්ෂනයකින් කුඩා අංශු ප්‍රමාමණයටම විනාශ වී ගිය හෙයිනි. හිස නොමැති තම සැමියාගෙ මල කඳ දුටු ඇය බියෙන් තවතවත් සලිත විය. ඇයට තම දෙපා පණ නැති වන අයුරු දැනින.

"කුමාරයා ගියා.. හහ්හ්හා... දැන් උබ විතරයි... හහ්හ්හා.... කුමාරයා ගිය තැනටම යන්න ආසයිද? හ්හ්හා"

කාන්තාව සිනා සෙමින් ඇය දෙසට පාවී පැමිනියාය.. කාන්තාව පොලොවෙන් අඟල් කීපයක් ඉහල අවකාශයේ පාවෙමින් සිටියාය... බංගලා⁣වට පැමිනෙන විට ඔවුන් දුටු ඇගේ සුන්දරත්වය මේ වන විට ගිලිහී ගොස් තිබින.

ඊලග නිමේෂයේදි කාර්යාල කාමරයේ මෙන්ම මුලු කන්දේ බංගලාවටම ඉතිරි වූයේ හිස් නොමැති මලසිරුරු දෙකකුත් බංගලාව ඉදිරිපිට නතර වූ සුදු පැහැ කාර් රථයකුත් පමණි.

අටේ හෝරාවෙන් ආරම්භ වූ,

තවත් ගොදුරක අවසානය,

මැදියම් රැයේදි එසේ නිමා විය!!

ජීවිතය විදීමට පටන් ගත්,

තරුණ යුවලකගෙ,

අවාසනාවන්ත ඉරණමක,

අවසානය එසේ වුවද,

මතක තබා ගන්න,

කන්දෙ බංගලාවේ සිටින ඒ කෘර සුරූපි බිරිඳගේ ආත්මය,

ඊලග ගොදුර පැමිණෙන තුරු බලා හිදින බව..

________________________________

#Jesmine

අදුරු හෝරා|✔|Where stories live. Discover now