School Lovers 💞

35 3 7
                                    

Hi 😊,කාලෙකින් කතාවක් ලියන්න හිතුන.ඇත්තටම මම මේ කතාව ලියන්නෙ කැමැත්තකින් නෙවේ.ඒත් කෙනෙක්ගෙන් බේරෙන්න බැරි හින්දයි ලියන්නෙ 🙂.හරි එහෙනම් ඔයාල කතාව කියවන්න.part ටිකකට සීමා කරන්නම්.අඩුපාඩු තියෙනවනම් කියන්න මොකද මං මේක ලියන්නෙ depression තත්වෙක ඉදල 🤧

මේක විහස්ගෙ පරණ මතකයක් විදිහට ලියන්නෙ ....

    මුලින්ම චරිත ටික හදුන්වල දෙන්නම්

           # විහස් :-ප්‍රධාන චරිතය විහස්.එයාගෙ වයස අවුරුදු  15ක් වෙනව.සුන්දර ගබද පෙදෙසක පිහිටා ඇති ජාතික පාසලක 9වන වසරේ ඉගෙනුම ලබන අතර ඉතාමත් කඩවසම් කාරුණික  සිසුවෙකි.

            #සෙනුහස්:- මෙයාගෙ වයස කිව්වොත් 15ක්ම තමයි.විහස් ඉගෙනුම ලබන පාසලේම ඉගෙනුම ලබන කඩවසම් සිසුවෙකි.හැසිරීම අතින් කාන්තාවක් වැනිය හෙහේ..

           
....................................................................................................................................................................................

                                           "ඒ නව වසරේ පාසල් ආරම්භ වන දිනයයි.විහස් උදෙන්ම නැගිට දත් මැද මුහුන සෝදාගෙන ඉතා ඉක්මනින් සූදානම් වූයේ අලුත් අවුරුද්දේ පාසල් පටන් ගන්නා පලමු   දිනයේ උදෑසනම පාසල කරා යෑමටයි.විහස් උදෑසනම පාසල කරා ගියේ ඉතාමත් සතුටිනි.විහස්ගේ පන්ති කාමරය පිහිටි ගොඩනැගිල්ල පිහිටියේ පාසලේ ක්‍රීඩා පිටිය ආසන්නයේය.එය තෙමහල් ගොඩනැගිල්ලකි.ඔහුගේ පන්ති කාමරය එම ගොඩනැගිල්ලේ දෙවන මහලේ කෙරවල පිහිටියේය.ඔහු එහි යන විටත් සිසු සිසුවියන් කිහිප දෙනෙක් එහි අසුන්ගෙන සිටියේය.විහස් පන්ති කාමරයට ඇතුලු වී ඉදිරිපෙළ අසුනක වාඩි වූයේය.පන්ති කාමරය තුල ඩෙස් බෙදා තිබුනේ යුගල් වශයෙනි .ඔහුට තිබූ එකම කුතුහලය වූයේ කවුරුන් ඔහු අසල අසුන් ගනීද යන පැනයයි.ඒ මන්ද යත් ඔහුට කිසිදු  යහලුවෙකු නොසිටීමයි.
                       කාලය ටිකෙන් ටික ගත වී යයි.විටින් විට සිසු සිසුවියන් පන්ති කාමරය තුලට පැමිණ තමන්ගේ ස්ථාන වලින් අසුන් ගෙන ආගිය එකිනෙකා සමග සංවාද කරයි.ඒ දෙස විහස් බලා සිටියේ තමන්ටත් යහලුවෙකු සිටියේනම් යන්න හිතේ මවාගනිමිනි.ඔහු පන්ති කාමරයේ තමන්ගේ අසුනෙහි වාඩි වී ඔලුව ඩෙස් එක මත තබාගෙන මදක් විවේකීව කාලය ගත කලේය.මද වේලාවකින් ඔහුගේ පිටට කවුරුන් හෝ තට්ටුවක් දැමීම නිසා ඔහු ඔලුව ඔසවා බැලුවේ ඒ කවුද කියා දැනගැනීමටය.විහස් ඉදිරියේ උස ,කඩවසම් තරුණයෙකු සිටගෙන සිටී.විහස් පුදුම වී අසුනෙන් නැගිට ඔහුගේ දෑස් දෙස වශී වී බලාගෙන සිටී.ඔහු ඉදිරියේ සිටි සිසුවා ඔහුව අමතයි.එහෙත් විහස් ගල් ගැසී ඔහුගේ දෑස් දෙස තවමත් බලාගෙන සිටී.විහස්ට දෙවනි වතාවටත් කතා කල පසු විහස් පියවි සිහියට පැමිණියේ ය.ඔහු විහස්ගෙන් "මෙතන ඩෙස් එකේ කවුරු හරි ඉන්නවාද ?" යනුවෙන් ඇසීය.විහස් ඊට "නැහැ මෙතන කවුරුත් නෑ" ලෙස පැවසීය.
                                                                  එම ආගන්තුක සිසුවා තමන්ගේම පාසලේ වුවද විහස් ඔහුව කිසි දිනක දැක නොතිබිණි .ඔහු විහස් අසල අසුනෙන් වාඩි විය.විහස්ද තමන්ගේ ස්ථානයෙන් අසුන් ගත්තේය.විහස් විටින් විට ඔහු දෙස බලා නැවත ඉදිරිය බලා ගනී.ටික වේලාවක් මෙලෙස කුතුහලයෙන් සිටියේ මොහු කවුරුන්ද යන්න දැනගැනීමට කැමැත්තෙනි.ආගන්තුක සිසුවා විහස් දෙස මද සිනහවක් පා ඔහුව හදුන්වා දුන්නේය. "Hello,මගේ නම සෙනුහස්,ඔයාගෙ නම මොකද්ද "යනුවෙන් විහස්ගෙන් ඇසීය.විහස්ද තමන්ව ඔහුට හදුන්වා දුන්නේ ඉතාමත් සතුටිනි.මෙලෙස දෙදෙනා තම තමන්ගේ තොරතුරු හුවමාරු කරගත්තේය.
                           සීනුව නාද විය. උදෑසන රැස්වීම සදහා සියලුම සිසුන් තම තමන්ට අදාල ස්ථාන වලට ගමන් කලේය.ජාතික ගීය ගායනා කර,පංචශීලය සමාදන් වී විදුහල්පතිගේ,සහ ගුරුවරුන්ගේ පිළිගැනීමේ කතා අවසන් වූ පසු පාසල් ගීය ගායනා කර පන්ති කරා විසිර ගියේය. පාසල් පටන් ගත් පළමු දිනය හේතුවෙන් අද දිනයේ කිසිදු විශය සමගාමී ක්‍රියාකාරකමක් නොමැති බව උදෑසන රැස්වීම අතරතුර විදුහල්පති විසින් පැවසූ නිසා සිසුන් සිටියේ ඉතාමත් සතුටිනි.
                                                                    සිසුන් සියල්ලම සෙල්ලම් කිරීම සදහා ක්‍රීඩා පිටිය වෙත ගිය අතර විහස් හට කිසිදු යහලුවෙකු නොසිටි නිසා ඔහු පන්තිකාමරය තුළම රැදුනි.සෙනුහස් ද තමන්ගෙ යහලු යෙහෙළියන් සමග පන්ති කාමරයෙන් පිටත කිසියම් සංවාදයක යෙදී සිටී.විහස් තමන්ට සුපුරුදු ලෙස ඩෙස් එක මත ඔලුව තබාගෙන කල්පනා කරමින් සිටී.එක්වරම සෙනුහස් ඔහුගේ අසලට පැමිණ ඔහුගෙන් "විහස්,මොකද මේ ඔලුව රිදෙනවද ..."යනුවෙන් කාරුණිකව ඇසුවේය.විහස් හට කිසිදාක කෙනෙකුන් එලෙස කාරුණිකව ආමන්ත්‍රණය කර නොමැති නිසා විහස් හට පුදුමයක් විය.විහස් සෙනුහස්ට "අනේ නෑ සෙනුහස්,මට යාලුවො කවුරුවත් නෑ.කට්ටිය මට වැඩිය කැමති නෑ.ඒක හින්ද මම මෙහෙම ඉන්නෙ ..."යනුවෙන් පැවසීය.සෙනුහස් නැවත "ඇයි විහස් මොකද්ද එයාල ඔයාට අකමැති හේතුව ,මටත් ඒක කියන්න පුලුවන්ද ..."යනුවෙන් ඇසීය.විහස් පුලුවන් යනුවෙන් පවසා සෙනුහස්ට අසුන් ගැනීමට පැවසීය.සෙනුහස් ද පුටුවකින් වාඩි වී කතන්දරයක් ඇසීමට මෙන් සැරසී "කියන්න විහස්...."ලෙස පැවසීය.විහස් එවිට හේතුව ඔහුට කීවේය."මෙහෙමයි සෙනුහස්,මං මේක කිව්වට මුකුත් හිතන්න එපා.ඇත්තම කිව්වොත් මම කැමති පිරිමි ලමයින්ට.ඒ කියන්නෙ මම gay කියන එක.අන්න ඒ හේතුව නිසයි මට කිසිම යාලුවෙක් නැත්තෙ.එයාල මාව කොන් කරනව...." යනුවෙන් කදුලු පිරුණු දෙනෙතින් යුතුව සෙනුහස් හට පැවසීය.

...........................................................................................................................................................................................................................නිමි.............................................

සෙනුහස්ගෙ reaction එක,සෙනුහස් විහස්ට මොන වගේ දෙයක් කියයිද ?
                 (සත්‍ය කතාවකි)
ඊලග කොටස පුලුවන් වෙලාවක දාන්නම්.හිත හදාගෙන පරණ දේවල් මතක් කරන්න අමාරුයි.......

You've reached the end of published parts.

⏰ Last updated: Feb 20, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

School LoversWhere stories live. Discover now