රෑ බෝ වෙලා අපි රෑ කෑම ගන්න වෙලාවත් කිට්ටු වෙලා තිබුනා.කෑම මේසය එක එක ජාතියේ වෛවාරන කෑම ගොඩකින් සැරසිලා තිබුනා.මේ මේසෙන් ඉඳගෙන කෑමගන්නේ මම ඇරුනම අම්මයි තාත්තයි විතරක් උනාට අපිට සතියකට කන්න තරම් කෑම මේසේ උඩ දුම් දදා තිබුනා.
ඇමති කෙනෙක්ගේ ගෙයක් උනාම එහෙම තමයි .... කොයි තරම් රටේ ආර්ථික ප්‍රශ්න තිබ්බත් ඇමති ගෙවල් හැමදාමත් සශ්‍රීකව තිබුනා. මේ දේවල් සැප සම්පත් ඕනිවට වැඩී කියලා හිතුනත් ඇමති කෙනෙක්ගේ පුතෙක් වෙච්ව මට මේ සම්බන්ධව කරන්න දෙයක් නැති කොට මං සද්ද නොකර පාඩුවේ හිටියා.
ඉතින් අද වෙනදා වගේ සාමාන්‍ය දවසක්.. වෙනසකට තියෙන්නේ.. අද මං ආසම කෙනෙක් ඉන්න රියලිටි ශෝ එකක් ටීවී එකේ යනවා. ඇත්තතම කිව්වොත් මං සාමාන්‍යයෙන් මේවා බලන්නේ නෑ.. අහම්බෙන් වගේ ටීවී එකේ දැක්ක මේ කොල්ලා නිසාමයි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ගත්තේ..
රෑ කෑමෙන් පස්සේ මං හරිබරි ගැහිලා ටීවී එක ඉස්සරහින් ඉඳගත්තේ එයා ඉන්න ප්‍රෝග්‍රෑම් එක බලන්න හිතාගෙන.එයා ඒ ප්‍රෝග්‍රෑම් එකේ හිටියේ පොඩි වෙලාවකට උනත් ඒ පොඩි වෙලාව මිස් නොකර බලන්න ඕනි නිසා මං මුලු ප්‍රෝග්‍රෑම් එකම බැලුවා.
"අම්මේ අන්න එයා sing කරන්නයි යන්නේ..."
වාව්... අද මාරම ලස්සනයි. මිනිහෙක්ට පුළුවන් ද මෙච්චර ලස්සන වෙන්න..? එයාගේ හිනාව ..දෙයියනේ ඒකට පුළුවන් මට ලෝකෙම උනත් අමතක කරන්න .ඒ වගේ හිත නිවන රූපයක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරත් මදි. ඊටත් වඩා එයාගේ කටහඬ ... කනට මීපැණි වක්කරනවා වගේ ....
"අම්මේ බලන්නකෝ එයාගේ ලස්සන නේද..?"
"ඒකනෙ පුතා .."