episode-05

420 53 29
                                    

"ඒ මොකද?"

"හෙට  අපේ   class  එකට තමයි උදේට  ground clean කරන්න තියෙන්නේ"

"හාපෝ ayishu"මම මූණ ඇබුල් කරගෙන කිව්වා

Ayishu  හිනා වෙලා,"ගණන් ගන්නෙපා හැමෝම එකතු වෙලානෙ කරන්නේ හොදද"

"හරිම කරදරයි අනේ......."

දැන් නම් හොදටම කලුවර වැටෙමින් තිබුණා...තවත් පරක්කු වුණොත් නම් miss  pole ට අනිවාර්යයෙන්ම අහු වෙන බව අපි දෙන්නටම හිතුණා.

"මෝඩි. එන්න යන්න ඉක්මනට... පොඩ්ඩක් ඉන්න.. මොකක්ද ඒ සද්දේ?

"ආහ්.... car   එකක සද්දේ නේද ඒ.?"

"ඉක්මනට එන්න..මේ පදුර අස්සෙන් හැන්ගෙන්න..

"ආයිශ්... එනවෝ"

ඒත් එක්කම නිල් පැහැති කුඩා මෝටර් රථයක් අප සැගව සිටි පදුර පසු කරගෙන පාසල් ගේට්ටුව දෙසට ඇදෙමින් තිබුණා.

"කාගෙද ඒ  car එක"

"ඒක miss pole   ගේ"

"එයා එලියට යනව  වගේ නේද"

"එන්න.. අපි hostel එකට පැනගමු"

Ayishu ගේ කාමරය දෙවන මහලේ එකක් වූ බැවින් ඇයට සමුදී මම හතරවෙනි මහලේ තිබූ මගේ කාමරය වෙත පියමනින්නට වුණා. අද පලවෙනි දවස නිසා මට ටිකක් මහන්සියි. පුදුමයකට වගේ මගේ කාමරයේ දොරේ lock එක ඇරලා දාලා තිබුණා.

ආහ් මේට්රන්ට අමතක වෙන්න ඇති...මම එහෙම හිතුවා.

මේට්රන්ට ස්තූතිවන්ත වෙන්න කාමරය හොදින් අස් කරලා තිබුණා.මගේ කාමරය ඇතුලතත්  ඒ වගේම පොදු කාමරයත් පිලිවෙලට තිබුණා. ඒත් උදෑසන වගේම අනෙක් කාමරය අගුලු දැමූ පරිද්දෙන්ම තිබුණා.

හවස් වැටෙමින් තිබුණ නිසා ඉක්මනින් නානකාමරයට පිවිසි මම හොදින් නාගත්තා. ඒත් මන් දැක්කේ  කණ්ණාඩිය ගාව තිබුණු  අමුතු දෙයක්.

"මොකක්.. tooth brush එකක්"

" හෑ... මේක කාගෙද?"

"මන් එද්දි දූවිලි වලින් පිරිල තිබුණ මේ කාමරේ වෙන කවුරැ ඉන්නද?යකෙක්ම වෙන්න ඇති😂😌"
මම එහෙම හිතන ගමන්  ඒ  toothbrush එක   dustbin    එකට දැම්මා..

"දැන්හරි"

ඉක්මනට පහල මාලයට ගිය මම  අනෙක් පස තිබුණු භෝජනාගාරයෙන් රාත්‍රී ආහාරය ලබා ගෙන ඉක්මනින් මගේ කුටියට ගමන් කලා. මගේ නිල් පාට  බ්ලැන්කට්ටුවත් සිරැරට දාගත්තු මම හිමින් ඇස් පියාගත්තා.

තද නින්දකට වැටුණු මම අවදි වුණේ  සද්දයක් ඇහිලා. භීතියක් දැනෙන්න ගත්තත් මම දිගටම ඒ හඩට සවන් දුන්නා
ඒත් එක්කම මට ඇහුණේ කවුරැහරි පොදු කාමරයේ ඇවිදින හඩ. මේ වෙද්දි මගේ හාට්ටුව එකසිය ගාණට ගැහෙන්න අරන් තිබුණේ.

මොන දේ වුණත් මට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න කුතුහලයක් තිබුණා. ඒ නිසා මගේ මේසේ උඩ තිබුණු මල් පෝච්චිය අතට ගත්තු මම හිමින් හිමින්  ඇවිදගෙන ගිහින් මගේ කාමරයේ දොර ඇරගෙන ,කලුවර පොදු කාමරයට ඔලුව දැම්මා. හිමින් වටපිට බලපු මම දැක්කේ

කලු පාට jacket එකක් දාගෙන ඉන්න උස මිනිහෙක් ගේ ඡායාව.අඩියක් පස්සට තිබ්බ මාව වෙව්ලන්න ගත්තා.
ඒත්...
මන් බය වුණොත් ඒ මිනිහා මට අනතුරක්  කරන්න පුලුවන්. ඒ  නිසා................මේ වෙලාවෙ හොදම දේ සූදානම් වෙන එක . එහෙම හිතපු මම ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න හිත ශක්තිමත් කරගත්තා.

ඒත් එක්කම ඒ මිනිහා මම ඉන්න පැත්තට ඇවිදන් ආවා. එයා මාව නොදැක්කා කියන එක සහතිකයි.. ඒත් එයා ඇයි මේ පැත්තට එන්නේ ඇයි?. කිසිම දෙයක් හිතාගන්න වෙලාවක් තිබ්බේ නැති මම මල් පෝච්චිය අත් දෙකට තද කරගත්තා.

එයා මම හිටපු හිඩැස පහු කරගෙන යද්දිම මම වැරෙන් මල්පෝච්චියෙන් දමලා ගැහුවා.

ස .....ලා.........අං................

"ආ.................හ්..................  "  

මල් පෝච්චිය ඔලුවෙ වැදුණු පසු  ඔහු කෑගහගෙන බිම ඇද වැටුණා. ඒත් එක්කම වියරැවෙන් මගේ දිහාවට හැරැණා.......

ඒත් එක්කම........

_______________________________✍️

හහ්හා සේයා අද ඉදන් ඉවරයි😏

මේ කතාව ඔයාලා කියවනවද ලමයි?..........

Thankyou readers 🦋



AMY♡--සිංහල GLWhere stories live. Discover now