ස්නේහ පියාපත් -01

1.4K 88 24
                                    

වෙලාව පාන්දර 3.21. ඇදේ එහාට මෙහාට පෙරලුණත් මට මේ වෙනකම් නින්ද ගියේ නෑ. හිත කලබල වුණාමලු නින්ද යන්නේ නැත්තේ..
ම්ම්ම්හ් ඇත්ත අද හිතන තරම් මගෙ හිත නිදහස් නෑ...ඇස් පියවෙද්දිම එක දිලිසෙන ඇස් දෙකක් මාව පිස්සු වට්ටනවා.තවත් ඇදේ ඉදලා තේරැමක් නැති නිසා මම කෝපි එකක් හදාගන්න පහල මාලයට ගියා

අද දරා ගන්න බැරි තරම් එයාව මතක් වෙනවා. සමහරවිට ඒ එයාව අමතක කරන්න බැරි තරමට අද මට මතක දුන්න නිසා වෙන්න ඇති.... මගේ මූණේ ඇදිච්ච හීන් හිනාවත් එක්ක මගේ අත ගියේ බෙල්ල පාමුලට...

"අහ්හ් තාමත් රිදෙනවා"

මෝඩ කෙල්ල......ආදරෙයි කියලා මෙහෙමත් හපන්නත් ඕනද?

මන් කෝපි කෝප්පයත් අරන් හිමින් මගේ කාමරේට ඇවිත් දොරවහලා balcony එකට ආවා..

කෝපි ත් හරියට එයා වගේ.. තිත්තයි ඒත් රසයි.. එයත් නපුරැ වුණාට රසයි...

ආහ්...වැරදිලා කිව්වා නෙමේ ඇත්තටම රසයි..
හේ හේ

.....එයයි මමයි ඉගෙන ගත්තේ එකම විශ්ව විද්‍යාලයක. එයා මගේ junior bj එකේ කෙල්ලෙක්. කවුරුවත් දිහා ඔලුව උස්සලා බලන්නැති අමුතු හැසීරීමක් එයාට තිබ්බේ. ඒ නිසාම එදා මගේ හිත එයා ලග නතර වෙන්න තීරණය කරද්දි මම තනියම තමයි ගෙදර ගියේ.😂

එයාගේ දිලිසෙන කොණ්ඩේ. මන් දිහා හොරෙන් බලන බෝල ඇස්...එයාගේ ලස්සන තව වැඩි කලා... එයාව දැක්කම මට සමනල්ලුන්ගේ තටු ගහන සද්දෙත් ඇහුණා.

අර්ර්ර්ර්......ඔව් මන් ආදරේ කලා ඒ රෑපෙට.

හැමදාම උදේට සැහැල්ලු shirt එකකුයී.trousers එකකුයි දාගෙන මම දුවන්නේ එයා එන්න කලින් busholt එකේ ඉන්න ඕන නිසා.....උදේට එයාව දකින්නැතුව මගේ දවස පටන් ගන්න එක හිතට අමාරැ නිසා මම හැමදාම busholt එකේ මුල්ලක ඉන්න පුරුදු වුණා..

Uni එකේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක් වුණ මට එතන එයා එනකම් ඇගිලි ගණින එක එක අමැරැ වුණේ නෑ. කොටින්ම එයාට නොතේරෙන්න, එයා වෙනුවෙන් නොවන විදිහට හැසිරෙන්නත් මට පුලුවන් වුණා.

ඒත්. ....හැමදාම වගේ මාව දැක්කම ගැස්සෙන ඒ ඇස් බිම බලාගන්නවා ඉක්මනින්ම.. මන් මග බලන් හිටපු රෑපෙ තත්පරයක් විදින්නත් කලින්ම හැමදාම ඉක්මනින් ඉක්මනින් එයා ඇවිදගෙන යනවා.

𝒘𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝒍𝒐𝒗𝒆🔞 -(සිංහල GL) COMPLETED Where stories live. Discover now