දන්නවද ,
මට හිටියා මගෙම නොවුනු මගේම පෙම්වතියක් .
මට අද වගෙ මතකයි මම ඇයගෙන් කැමත්ත අහපු දීනය .එය කෙටි පණිවිඩයක් .
මගෙ හදවත වේගයෙන් ස්පන්දය උනා . එදා මට නින්ද ගියේම නැහැ .
හවස ඇයට පැවසු මොහොතෙ පටන් මට මහත් බියක් දැනුනි .
ඇය මගෙ හොදම යෙහෙලිය වන නිසා සහ අපගෙ අවුරුදු 8ක මිතුදම බිදෙවියයි .
අය එය පැවසු විට මගෙන් මෙවැනි පැන කිහිපයක් ඇසුවේව.
•ඇයි මටම ආදරෙ කරන්නෙ
•කවදා ඉදන්ද කොහොමද
•මොකක්ද මගෙ විශේෂත්වෙ
•ඔයාට බය නැද්ද
මම ඒ සියල්ලටම දන්නැහැ වශයෙන් උත්තර දුනි.
මම අයගෙන් පිලිතුරක් ඇසු විට ඇය පැවසුවෙ "මට අවුරුදු 3ක් දෙන්න මම ඔයාට උත්තරයක් දෙන්නම් . මම තාම ඉගෙන ගන්නවා . අපි දෙන්නාටම හීන තියනවා එවා සැබෑ කරගන්න ඔනෙ. එතකන් අපි යාලුවො වගෙ ඉමු"
මමත් හා කිව්වා . මොකද අවුරුදු 8ක් මගෙ හොදම යාලුවා ඉතින් මට එයාව හොදට තෙරුන් ගන්න පුලුවන්.දිනක් අපි කෙටි පනිවිඩය හුවමාරු යෙදෙන අතර තුර ඇය පැවසුවා ඇය වෙනත් කෙනෙකුට කැමති බව. නමුත් ඔහුට පෙම්වතියක් සිටින නිසා එය අමතක කර බවත් .
පසුව මම ඇයව අමතක කර යාලුවෙක් පමනක් වෙන්නට උත්සහ කළා. නමුත් මට එය කළ නොහැකි වුවා .
මම ඇයගෙන් දුරස්වීමට සිතා ගත්තා . නමුත් එය කළ නොහැකි වුවෙ ඇය මට සමීපවීමට පටන් ගත් දීනයෙ.අවසානයෙ වසර 3ක් ගේවිගොස් .මා ඇයගෙ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටියා.
දිනක් ඇය හමුවීමට පැමිනේන ලෙස මට පැවසුවා .
මා අපෙක්ශා කළ පිලිතුර ඇය පැවසුවා. ඇයගෙ දිලිසේන දැස් දිහා මා බලාගෙන සිටියෙ ජිවිතයෙ සතුටුම මොහොත ගෙවෙමින් .
මා දෑත හා පටළැනු අය මොහොතකට මගෙ සිත මුසළ හැගිමකින් වෙළා ගත්තා .
"දන්නවාද අපිට මොනමොහොතෙ යන්න වෙයිද දන්නැහැ . මට එහෙම යන්න උනොත් ඔයා මගෙ මලගෙදර එන්න එපා. " මම ඇයට බැනවැදුනා නමුත් ඇය ඉතා අහින්සක හා දගකාර ලෙස මා හා සිනාසුනා.මා ඇයට මොහොතකට සමු දෙන්නට සුදානම් උනා . නමුත් මා නොසිතු ලෙස එය අපගෙ අවසාන හමු වීම උනා. මගෙ දෑත අතහැර මාදෙස බලා බලා සිනාවෙවි ගිය ඇය , ඇය දෙසට වේගයෙන් ඇදන මොටර් රථය දුටුවේ නැත . ඇය අහිමි කර ගැනිමට බියෙන් ඇයව අරක්ශා කර ගැනිමටත් මා දිව යන වීට මා ප්රමාදය .
මොහොතකට පෙර මා හා සිනාවෙවි සිටි ඇය , ජිවත් වීමට හුස්ම අයදීමින් සිටිම මා හට දරා ගත නොහැකි උනා . මා හට දැනුනෙ මාගෙ හදවතෙහි ධමනි සිර වී හදවත අඩ පන වන බවයි . මා ඇයගෙන් ඇයදියා මා වෙනුවෙන් ජිවත් වන්නට කියා . නමුත් ඇය මා හැරදා කිසිදිනක යලි නොයෙන්ටම සමු ගත්තා .
මා අදටත් පටන්නෙ එ දින කිසි දිනක උදා නොවුනාම කෙතරම් සුන්දර ද කියා . එසේනම් ඇය වෙනකෙනෙකුගෙ හෝ වී මා දැසට පේනන දුරින් සිනාසි සිටිනු ඇත . නමුත් ඇයව එසෙ දැක ගැනිමටවත් මාගෙ ප්රේමය වාසනාවන්ත වී නැත .
වසර ගනනාවකට පසු මා පැමිනියා ඇයව දකින්නට . මා කතා කරා ඇය සමග නමුත් ඇය මා හට පිලිතුරු දුන්නෙ නැත . සමහරවිට පිලිතුරු දෙන්නට ඇත නමුත් මා හට නොඇසීය.
ඉතින් ප්රේමිය ,
මොහොතකට ප්රේමයෙ සුන්දරත්වය හා ගැඹුර කියා දුන් ඔබ මොහොතක් මා සමග විද , වසර ගනනාවකට ප්රේමයෙ විදවීම ලබා දුන් ඔබ කෙතරම් නපුරුද ....යළි උපදීන භවයක මාගෙ ප්රේම වී උපදින්නට කියා පතමී.......
සද හිරුට පෙම් කලද , හිරු සදට පෙම් කලද ඔවුනොවුන්ට එකිනෙකා හිමි නැත .