𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 18

1.2K 236 95
                                    

ටේහ්‍යොන්ග් හිටියෙ ඇඳ උඩ..ඔහේ සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන ගමන්..ඊයේ සිද්ද වෙච්චි දේවල් නිසා ටේහ්‍යොන්ග්ට රෑ හරියට නින්ද ගියෙත් නෑ..ජන්කුක් අඬපු විදිය එයාට මැවි මැවි පෙනුණා..ටේහ්‍යොන්ගෙ හිතත් ජන්කුක්ගෙ හිත තරමටම රිදිලා තිබුණෙ...

ඇඳෙන් නැඟිටපු ටේහ්‍යොන්ග් පිරිසිදු වෙලා ඇඳුමකුත් ඇඳගෙන රූම් එකෙන් එළියට ආවා.ගෙදර ජනෙල් ඇරපු ටේහ්‍යොන්ග් ජනේලේ ළඟට වෙලා එළියෙන් එන සද්ද අහන් හිටියා..ඒත් එයා බලාපොරොත්තු වුණු වෙනදට ඇහෙන හුරුපුරුදු සද්දෙ එයාට ඇහුණෙ නෑ.වෙනදට මේ වෙලාවට ජන්කුක් college යන්න ලෑස්ති වෙන සද්දෙ උඩට ඇහෙනවා ඒත් අද ඒ සද්ද මුකුත් ඇහුණෙ නෑ.

ටික වෙලාවක් ජනේලෙ ළඟට වෙලා පහළ බලන් හිටපු ටේහ්‍යොන්ග් කිචන් එකට ගියෙ Breakfast හදාගන්න...Coffee එකක් විතරක් හදාගත්තු ටේහ්‍යොන්ග් ආපහු ආවේ ජනේලෙ ළඟට.එයා බලාපොරොත්තු වුණේ ජන්කුක්ගෙ රූපෙ...ටේහ්‍යොන්ග් ඕනි වුණා ජන්කුක් හොඳින්ද කියලා දැනගන්න..

වෙනදට ජියෝන්ගෙ කාර් එකේම ජන්කුක් college යනවා..ටේහ්‍යොන්ග් බලන් හිටියා ජන්කුක් එළියට එනකල්..ඒත් ජියෝන්ගෙ කාර් එකේ ජියෝන් විතරක් තනියම පිටත් වුණාම ටේහ්‍යොන්ග්ට හිතට අමුත්තක් දැනුණා..අතේ තිබුණ mug එක මේසේ උඩින් තියපු පහළට ගියෙ ජන්කුක් ගැන බලන්න...

ටේහ්‍යොන්ග් පහළට යද්දි සේහි කෑම මේසේ අස් කර කර හිටියා..ඒත් ටේහ්‍යොන්ග්ට ඕනි කෙනා පේන්න නෑ.
ටේහ්‍යොන්ග් සේහි ළඟට ඇවිදගෙන ගියා.

"ආන්ටි, කුකී අද college යන්නෙ නැද්ද?"

"අහ් ටේහ්‍යොන්ග්... ම්ම් කුකීට ඊයේ රෑ උණ හැදුණා..ඊයේ හොඳටම වැස්සට තෙමිලනෙ හිටියෙ.. ඉතින් අද college යවන්න බෑනෙ"

සේහි කියද්දි ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙ රූම් එකේ වහලා තියන දොර බැලුවා...

"කුකීගෙ අතින් ඊයේ වෙච්චි වැරද්දට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා ටේහ්‍යොන්ග්.. මන් දන්නවා ඔයා ඒ චිත්‍රෙ අඳින්න ගොඩක් මහන්සි වෙන්න ඇති~"

"God.. aunty ඒ ගැන හිතන්න එපා..ඒකට සමාව ඉල්ලන්න ඕනි නෑ"

"ඒත් ටේහ්‍යොන්ග් ඔයාට ලොකු පාඩුවක් සිද්ද වුණේ.."

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now