chapter 03👣

916 169 11
                                    


බය උන පාර මං ෆෝන් ටෝච් එක අතේ තියන් හිටිය යීබෝගෙ ඇගේ දුවන් ගිහින් එල්ලෙද්දි එයා මුකුත් නොකිය මාව වඩාගත්ත .. මං බයටම එයාගෙ උනුහුම් බෙල්ල අස්සෙ මූන හංගගනිද්දි එයා එක්කන් සාලෙට ආව ..

" මැනික .. කෝ බලන්න මං දිහා .. බය වෙන්න එපා වස්තුව මේන් ස්විච් එක ඕෆ් වෙන්න ඇති .. "

මං බය උන හේතුව යීබෝට නොකිය ඉද්දි එයා හිතල තියෙන්නෙ කරන්ට් එක නැති උනනිසා මං බය වෙලා කියල .. ඒත් මට එයාට කියන්න ඕනෙ කිචන් එකේ උන දේ .. ඒත් යීබෝ මාව විශ්වාස කරයිද ?

" මැනික ඔහොම්මම ඉන්නවද මං එලියට ගිහින් මේන් ස්විච් එක බලල එනකන් ම්ම් ?"

" යීබෝ ය්.. යන්න එපා .. අනේහ්"

මං යීබෝගෙ අතෙ එල්ලිල අඩන්න වගේ ඉදන් කිව්වෙ මේ වෙන දේවල් එක්ක කොයි වෙලේ හරි මට හාටඇටෑක්ට් හැදෙයි කියන එක මගෙ හිතම මට කියද්දි ..

" බය වෙන්න එපා මැනික මං ඒක බලල එන්නම්කො .. කෝ බයනම් ඔයා අර දොර ගාව ඉන්නකො හරිද ? "

මගෙ හිත යීබෝට එලියට යන්න දෙන්න එපාම කිව්වත් යීබෝ මාව දොර ලග නතර කරල කුඩයක් අරන් එලියට ගියේ මාව දොරලග තනි කරල .. තාම කුනාටු වැස්ස ඒ විදියටම තියෙද්දි මං යීබෝ ටෝච් එක අරන් යන දිහා ඇස් පිල්ලම් නෑර බලන් හිටිය .. එක එක වෙලාවටම පලාතම එලිය කරන් අකුනු ගහද්දි යීබෝ ගෙනිච්ච ටෝච් එකේ එලිය පේන්නැතිව යද්දි ගේ පිටිපස්ස හරියට එයා යන්න ඇති කියන සිතුවිල්ල එක්ක මං දොරට හේතුවක් දැම්ම .. වැහි කුනාටුවෙ හිරිකඩ ඇවිත් මාව තෙමද්දි යකෙක් හිටියට පේන්නැති කලුවරේ මං අපේ ගෙදර යකඩ ගේට්ටුව තියෙන පැත්ත දිහා බලන් ඉද්දි එකාපාරට අකුනක් එක්ක පලාතක් එලිය වෙද්දි ගේට්ටු පියන ලග හිටිය මනුස්ස හැඩේ චායාව දැකල මොහොතකට මගෙ හිත ගැස්සෙද්දි නොදැනුවත්වම මාව ගේ ඇතුලට විසි උනා ..

වැහි කුනාටුව එන්න එන්න වැඩිවෙද්දි කන් බිහිරි කරවන අහස ගොරවන සද්දෙ එක්කම ආව හුලගක් එක්ක බිමට වැටුන මං නැගිටින්න කලින්න දඩාං ගාල දොර වැහිල යද්දි කට්ට කලුවර ගේ ඇතුලෙ මං තනි උනා ..

පුලුවන් තරම් ඉක්මනට නැගිටගත්ත මං දොර අරින්න හැදුව ඒක ඇරගන්න බැරි වෙද්දි මං දොරට ගගහ යීබෝට කතා කලා ..

HIS TWIN BROTHER ( Short Story ) Completed ✔️Where stories live. Discover now