Promise

94 18 31
                                    

අවුරුදු දෙකක්ම ගත වුනත් අදටත් ඒ අතීතය වගේම එයා එක්ක ගෙවුන හැම මතකයක්ම මට අමතක කරන්න බැහැ.මට කරන්න පුලුවන්වුන දේ උනේ ඒ මතකයන් අතරෙම ජීවත් වෙන එකම විතරයි.

මේ ගෙවෙන්නෙ අවුරුද්දෙ අන්තිම මාසය.ගොඩ කාලෙකට කලින් හැමෝම සතුටින් සමරපු නත්තල් මාසෙ, තවදුරටත් හැමෝටම සතුටු වෙන්න පුලුවන් මාසයක් වුනේ නැහැ.

හැමතැනම හිමෙන් වැහිලා තිබුන වගේම මහ මූසල පාලු බවක් පේන්න තිබුනා.සැරින් සැරේ වැටෙන පොද වැස්සක සද්දෙ ඇරෙන්න මනුස්සයෙකුට අහන්න ලැබුනෙ ඉලා හිටලා හමුදාවෙන් වෙඩි තියන සද්දම විතරයි.

ඒ හීතල හැන්දෑවේ කුඩයකුත් අරගෙනම මාර්කට් එකටවත් යන්න කියලා මන් එලියට බැස්සේ කන්න මොනවත්ම තිබුනේ නැති හින්දා.නත්තලටත් හුගක්ම ලන් වෙලා තිබුන හින්දම ඇඳගෙන හිටපු ජැකට් එකයි ස්වේටර් එකයි අතරිනුත් ඇඟ හිරිගඩු පිපෙන තරමටම ලොකු හීතලක් දැනුනා. කොහොමවුනත් මන් දිගටම පාර දිගේ ඇවිදගෙන ඉස්සරහටම ආවෙ වැඩි කලබලයකුත් නැතුවමයි.ඒත් එක තැනකදි මගේ කකුල් නැවතුනේ හිතටත් ලොකූ වේදනාවකුත් දැනෙන අතරේ.මන් හිටියේ එයාගෙ ගේ ඉස්සරහ.අදත් ඒක වහලා.අවුරුදු දෙකකට කලින් වහපු විදියටම. ගොඩ කාලෙකින් හරිහැටි සාත්තුවක්වත් නොතිබුන එයාගේ රෝස මල් පාත්තියේ එකම එක මලක් පිපිලා තිබුනා. ඒත් එක්කම මට මතක්වුනේ එයාව අන්තිමට දැකපු දවස.කඳුලු පිරිල රතු වුන ඇස්වලින් මන් දිහා බලලා හිනා වුන හැටි, මාව තුරුලු කරන් මගේ නලල කිස් කරලා එයාගෙ සීතල අත්වලින් මගේ කඳුලු පිහිදාපු හැටි, අන්තිම පාරට මගෙන් සමුගත්ත හැටි, මේ හැමදේම මට එකදිගට මගේ හිතේ මැවෙන්න ගත්තේ අද ඊයෙ වුන දෙවල් වගේ.මේ දේවල් මන් කොහොම අමතක කරලා ජීවත් වෙන්නද? මේ අතරේ මගේ කම්මුල් දිගේ උනුහුමට කඳුලු ගලාගෙන ආවෙ මගේ අවසරයක් නැතුවමයි.කඳුලු පිහිදගෙන මන් ආපහු නැගිටලා ආයෙමත් හිමින් හිමින් පාරට ආව. වෙලාව පහ පහුවෙලා විනාඩි දහයක් උනා.ඒ වෙනකොට තිබුන තත්වෙත් එක්ක හැම කඩයක්ම හවස පහ වෙද්දි වහන්න නියම වෙලා තිබුනා වගේම හවස හයෙන් පස්සෙ කිසිම කෙනෙක්ට එලියට බහින එකත් තහනම් වුනා.කිසිම අරමුනක් නැතිව මන් පාර දිගේ ඇවිදගෙන ඉස්සරහටම ගියේ පහු වෙච්ච අතීතය ගැන ලොකු කල්පනාවකට වැටෙන අතරේ.

W𝓱ᵢ𝘴𝐩ₑᵣₑ𝚍 𝐩ᵣₒᗰᵢ𝘴ₑ𝘴 [ₒ𝚗ₑ𝘴𝓱ₒ𝚝 𝘴𝚝ₒᵣy]Where stories live. Discover now