පිවිසුම ❤️

28 7 5
                                    

ජීවිතේ තව එක පිටුවක් පෙරලෙනවා...විශ්වාස කරන්නත් බෑ...
ඉස්කෝලෙ යන කාලෙ කොච්චර අදිමදි කලත් ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර වෙලා ආයේ හැරිලා බලද්දි තමා තේරෙන්නෙ ඒක කොච්චර සුන්දර කාලයක්ද කියලා...
මම නවී,
යාලුවන්ට නවී උන මගෙ සම්පූර්න නම නවීශ අකර්ශන ජයකොඩි...
JNA pvt.Ltd ceo ගේ එකම පුතා...මගේ තාත්තා මට හරි ආදරෙයි...එතෝට අම්මා?
එයා...එයා දැන් මාත්  එක්ක නෑනේ...එයා දැනට අවුරුදු 3කට කලින් අපිව දාලා යන්නම ගියේ පුතෙක් විදිහට මගේ ජීවිතේ අම්මා නැති අඩුපාඩුව හොදටම දැනෙන කාලේ...
හරි ඒක අමතක කරමුකො.
මම අද යන්නෙ මගෙ අම්මගෙ එකම හීනේ හැබෑ කරන්න පලවෙනි පියවර තියන්න...
මගේ අම්මට ඕන උනේ මම තාත්තා වගේ බිස්නස්කාරයෙක් වෙනවා බලන්න නෙමේ මම doctor කෙනෙක් වෙලා අසරන රෝගීන්ට බෙහෙත් කරනවා බලන්න.ඉතින් A/L වලට bio කරපු මම A3 ක්ම අරගෙන දිස්ත්‍රීක් රෑන්ක් එකකුත් ගත්තෙ මගෙ උත්සහයට වගේම මගේ එකම එක අක්කට පින් සිද්ද වෙන්න 🙂මගෙ අක්කා තමා මගෙ ජීවිතේ දෙවෙනි අම්මා..

ඉතින් A/L වලට bio කරපු මම A3 ක්ම අරගෙන දිස්ත්‍රීක් රෑන්ක් එකකුත් ගත්තෙ මගෙ උත්සහයට වගේම මගේ එකම එක අක්කට පින් සිද්ද වෙන්න 🙂මගෙ අක්කා තමා මගෙ ජීවිතේ දෙවෙනි අම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නවීශා හේජානි උන මගේ අක්කා අම්මා නැති උනාට පස්සෙ මට අම්මගෙ අඩුව දැනෙන්න දෙන්නෙ නැතිව බලාගත්තේ..
මගෙ අක්කට දැන් අවුරුදු 22යි එයා මම දැන් යන්න හදන විශ්වවිද්‍යාලයේම 3වෙනි වසර ශිශ්‍යාවක්...

"චූටියෝ...මගෙ චූටියෝ  ලෑස්තිද හලෝ"

"කෑගහන්නෙපා අනේ පොඩ්ඩක් ඉන්නවකො...මොකද ඔච්චර හදිස්සි"

"හරිනම් ඔයාටයි හදිස්සි වෙන්න ඕන අද ඔයාගෙ 1st day එක මල්ලියා"

"හරි හරි...ඕන් ආවා යන් යන් "

උදේ කැම්පස් යන්න ලෑස්ති වෙලා පහලට එන්න හදනකොටත් මගෙ අක්කන්ඩි ලෑස්‍ති වෙලා කෑගහනවා...

"හැමදේම හරිනෙ"

"ඔව් ඔව් හැමදේම හරී...මේ ඒත් හලෝ..."

"ඒත් මොකද්ද"

"ඔය කැම්පස් එකේ රැග් එහෙම දෙනෝද"

"රැග් නැත්තෙ මොකේද හලෝ...ඔන්න මම දැන්ම කිව්වා මංනම් එන්නෑ බේර ගන්න"

"හපෝ තමුසෙනම්...🙂"

"ලොකු බේබි අපි ආවා"

ඔහ්. කතාවෙන් කතාව කැම්පස් එක ගාවටත් ඇවිත්නෙ තේරුනේවත් නෑ අප්පා...එහෙම්ම car එකෙන් බැහැලා මමයි අක්කයි කැමපස් එක ඇතුලට ගිය කැම්පස් එකේ ලස්සන දැකල  මට නිකම් මොකද්ද උනා ඒ තරම් මේ කැම්පස් එක ලස්සනයි...

"ආව්..."

මම එහෙම්ම කැම්පස් එක දිහා බලාගෙන මම ඉස්සරහට ඇවිදන් යද්දි කනුවක් වගේ එකක හැප්පුනේ...මුලු ඔලුවම හෙල්ලිලා යද්දි...පුහ් මොකාද යකෝ පාර මැද කනු හිටෝපු එකා
එහෙම්ම මම ඔලුවත් අත ගගා ඉස්සරහා බලද්දි තමා මම කකුල් දෙකක් දැක්කෙ ඊට පස්සෙ යට ඉදන් උඩටම ස්කෑන් කරන් යද්දි තමා මට මීටර් උනේ හැප්පිලා තියෙන්නෙ කනුවක නෙමේ මොකෙද්ද මංදා එකෙක්ගෙ ඇගේ කියලා...ස්කෑන් එක තව ටිකක් උඩට අරන් ගියාම තමා දැක්කෙ මං නපුරු පෙනුමකින් ඔරවන් ඉන්න මූනක්...ඒ මූන දැක්කාමනම් කලින්ටත් වඩා මුලු ඇගම මොකද්ද උනා
..............................................................................................

1st චැපිය
හොදයිද දන්නෑ
Wo ai ni ❤️

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Am I Yours 🙂❤️🐇Where stories live. Discover now