Chapter 33

396 92 59
                                    

සතියකට පසු,
Paris News

" මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්..
මීට සුළු මොහොතකට ප්‍රථම අගමැති නිල නිවාසය ඉදිරිපිට ප්‍රහාරාත්මක වෙඩි තැබීමක් සිදුවී ඇති අතර ඉන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බවත් තවත් කිහිපදෙනෙකුගේ තත්ත්වය ඉතා දරුණු අතක පවතින බවත් ආරංචි මාර්ග පවසයි. මේ අතර වැඩි පිරිසක් අගමැති ආරක්ෂකයන් වෙද්දී සිද්ධියට අදාළ පිලිගත හැකි හේතුවක් පැරිස් පොලිස් මූලස්ථානය විසින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. සිද්ධියෙන් කිසිදු දේපළ හානියක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතී. "

මන්දිරයේ වූ එකම රේඩියෝවේ කැඩි කැඩී ඇසෙන පුවත වෙත මහත් උවමනාවෙන් කන් දීගෙන හිටපු යුන්ගි ඉස්තෝප්පු කෑල්ලේ වූ කුඩා මේසය මත තිබූ තම වයින් වීදුරුව නැවත අතට ගනිමින් තොල ලන්නට වූවා. මේ වෙද්දී කාලය ඔවුන් හිතුවටත් වඩා වේගයෙන් ඉගිලෙමින් තිබුණා . ජන්ග්කුක්ගෙ බිම් නිවසේ සිට මූකලානයට නැවත ඔවුන් පැමිණ අදට සතියකුත් දවසක් ගතවන පලමු රාත්‍රියේ යුන්ගිටත් ටේහ්‍යාන්ග්ටත් අසන්නට ලැබුණු තවත් පුවතකි ඒ.

" උන්ගේ වෙලාවට අගමැතියා එහෙ ඉදලා නෑලුනේ.. ස්ථිරයි,, උන්ගේ ඉලක්කය වෙන්න ඇත්තේ අර හොර අගමැතිකාරයා.. "

රේඩියෝවේ ඉහළ බොත්තමක් ඔබමින් එය වසා දැමූ යුන්ගි මේසය මත වූ ලයිටරය තම එක් අතකට ගනිමින් තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේ තම වයින් වීදුරුව පසෙක තබමිනි. ඔය අතර විශාල දැල් පුටුවේ ඉහළ ඇන්ද මත තම හිස හොවාගෙන තම තොල් අතර රැදි සිගරට්ටුව විටෙන් විට තම දිගු ඇගිලි දෙකකට මාරු කරමින් එහි දුමාරය ඉහලට විදින ටේහ්‍යාන්ග් මේ සියල්ල සාවධානව අහන් හිටියා. ජන්ග්කුක් මෙහි පැමිණි දවසේ සිට යුන්ගි වැඩිපුර මන්දිරය අස්සේ නොගැවසෙද්දී ටේහ්‍යාන්ග් යුන්ගිගේ කීමටම යුන්ගි පැමිණෙන දවසට ජන්ග්කුක්වත් යුන්ගිවත් මුණ නොගැහෙන ලෙසට කටයුතු කරන්නට උත්සුක වුණා . නමුත් තවත් එහි ඵලක් තිබේද ?

" ඔය මොන සෙල්ලමත් ඡන්දේ දවස වෙනකං විතරයි යුන්ගි .. ඊට පස්සේ උන්ට පත්වෙන එකාලගේ කුණු හෝදන්නම වෙනවා... "

Wolf heart || Taekook ( ✔️ )Where stories live. Discover now