Taehyung pov
මම බාත්රූම් එකෙන් එළියට එද්දි ජන්කුක් හිටියෙ නැගිටලා. මූන පිහිද පිහිද හිටිය ටවල් එකත් විසි කරලා මන් පුළුවන් තරම් ඉක්මනට ගියේ ජන්කුක්ගෙ ඇඳ ගාවට.
" ජන්කුක් ඔයාට දැන් කොහොමද. "
මන් අහපු ප්රශ්නෙට එයා කළේ ඔළුව හොල්ලපු එක විතරයි. මාත් එක්ක තරහෙන් ඇත්තෙ උදේ මන් කියපුවට.
" ඇයි ඔයාලා මෙහෙ. "
" අහන කැත විතරක් මෝඩයා. අතන ඉස්කෝලෙ ජබර කලන්තෙ දාලා වැටිලා ඉද්දි උස්සගෙන ගෙදර ගෙනත් දෑවම අහනවා අපි මොකද මෙහේ කියලා. දෙන්න හිතෙනවා දෙකක් උඹේ ඔය ලෙඩ දෙපිටින් යන්න. "
යුන්ගි ජන්කුක්ගෙ ඔළුවටත් පාරක් ගහලා කියද්දි බලන්න ඕන එයාගෙ මූණ. තොලුත් උලුක් කරන් කටත් පුම්බන් ඉන්නවා මොකෙක්ද එකෙක් වගේ ඔරවන්. එයා හරි හුරතල්...
" දැන් ඒක නෙමේ ඇයි කියනවා අර මගුලෙ රූම් එකට ගියේ. "
යුන්ගි ආපහු ඇහුවෙ මටත් ජන්කුක්ගෙන් අහන්න ඕන වෙලා තිබුණු ප්රශ්නෙ.
" අර සුසී තමා කිව්වෙ ෆයිල් එකකුත් දීලා ඒ රූම් එකෙන් තියලා එන්න කියලා. ඇතුළට ගියාම කවුද මන්දා දොර ලොක් කරා. "
ආයිෂ් මේ සුසී නම්.... තියන්න වටින්නෑ. මගේ එකාට මොනවා හරි වුනානම් මන් මරලා හංගනවා මොකෙක්ටවත් හොයා ගන්න බැරි වෙන්න.
" අර මොකටද ඒකි උඹව ඒ කාමරේ දාලා ලොක් කරේ. "
" මම දන්නවද යකෝ. ඉදපන්කො ඕකි අහු වෙනකන් මන් හොඳ දෙකක් කියන්න. "
" මන් හිතන්නෙ එයාට අපි දෙන්නා උදේ කතා වුණු දේවල් ඇහුණා. මන් දැක්කා එයා අපි හිටපු තැනට ටිකක් ඈතින් ඉන්නවා. "
මට ඒක ඉබේටම කියවෙද්දි ජන්කුක් මගෙ දිහා බැලුවෙ ඇහි බැමකුත් උස්සලා. ඊට පස්සෙ කතා කරන් ගත්තෙ හෝසොක්.
" ඒකිට ජන්කුක්ව කාමරේකට දාලා ලොක් කරන්න තරම් උඹ මොනවද උදේ ජන්කුක් එක්ක කතා කරේ. ආ ඒක නෙමේ මල්ලි... තව දෙයක් අහන්න තියනවා. අර ජන්කුකා සිහි නැති වුණ වෙලාවෙ උඹ මොනාද අර කිව්වෙ මට ජන්කුක් ඔයා ළඟ නැති වුනාම හරි බයයි අනම් මනම් ගගා. "
YOU ARE READING
𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Complete
Fanfictionඋඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න ලෝභයි බන්. _කිම් ටේහ්යුන්_ A sinhala taekook fanfiction Story by Dedunu Start : 25th April 2023 End : 3rd May 2023