Chapter 18

1.6K 211 24
                                    

"මං හිතුවේ නෑ එන්න දෙයි කියලා රෑ නිසා.. ටෙහාන් කෞශල්‍ය දෙන්නන යනවා නම් පරිස්සමින් යන්න කිව්වා.." මං ටෙහාන් ගේ බයික් එකට නගින ගමන් කිව්වා..

"මං කිව්වා නේ ඕකට යන්න හම්බෙනව කියලා.." ටෙහාන් බයික් එක start කරලා කිව්වේ හිනා වේවි..

අදට අපි date කරන්න අරන් සති දෙකක්!! අදුනගෙන මාස හතරක්!! එත් අපි දෙන්න අවුරුදු ගානක් අදුනනවා මගේ මට දැනෙනවා..එයා ලග එච්චර comfortable...

"අද අපේ ගෙදර නවතිනවා ද??" ටෙහාන් අපි වේගයෙන් ඉස්සරහට යද්දී මගෙන් ඇහුවා..

"පුහ්.. එහෙ නවත්තගන්නමයි ඕනේ!!" මං මිමිනුවා විතරයි..

"අපරාදේ නේ කාර් එකේ එන්න තිබ්බේ.. Bike එකේ අමාරුයි.." ටෙහාන් කියෙව්වා..

"මේ අහන්නකො.. මලීෂ කරන දෙයට මං විරුද්ධයි.. මං කියන්නේ කෞශල්‍ය ලිහිණි ගෙන් ඈත් වෙලා නම් ඉන්නේ මලීෂට එයාගේ අවස්ථාව ගන්න පුළුවන් නේ??" මට ඕනේ උනේ අවසන් උත්තරයක්!! මොකද මමත් හිත හදාගන්න එපැයි? අද මලීෂ කරන්න ඉන්න එක මට තේරෙන්නේ නෑ..

"අපිට කරන්න දෙයක් නෑ සුදු.." ටෙහාන් මිමිනුවා, එත් ඉතින් මලීෂ කියන්නේ ටෙහාන් ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ? මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් උනා නම් ඒ මං අනිවාර්යෙන් එයා කරන්න හදන දේ වෙනස් කරනවා..

"ලිහිණි බ්‍රේක්අප් උනේ එයා වෙන කොල්ලෙක්ට කැමති වුනු නිසා නේ.. දැන් එයා අයෙත් කෞශල්‍යට කැමති කියලා කෞශල්‍යට කරන්න දෙයක් නෑ නේ.. මලීෂ එකක් යාලුයි කියලා මෙච්චර කල් මලීෂට බැන්න යකෝ කෞශල්‍ය... පව් මගේ මලීෂ.." මං ඇත්තටම දුකෙන් කිව්වේ.. හැබැයි අන්තිමට කියපු එක කටෙන් පිටට ආවට පස්සේ තමයි මටත් තේරුනේ..!!! එත් එක්කම ටෙහාන් බ්‍රේක්පාරක් ගැහුවා මාව උඩින් විසික් වෙලා යන්න!

"What the heck?? කාගේ මලීෂ??!" එක පාරටම මගේ පැත්ත හැරිලා ටෙහාන් ඇහුවේ ඇස් දෙක ලොකු කරගෙන..

"ඔහ් වැරදිලා කියවුනේ අනේ.. පුරුද්දට කියන වචනයක්.." මං ටෙහාන් ගේ උරෙස්සට තට්ටු කරලා කිව්වේ එයා දැන් හිතන එක ම‍ට හොදටම තේරුණු නිසා..

"ඉදහන්කෝ පාර මැද්දේ හින්ද දැනට සමාව දෙන්නම්.. අහු වෙයි නේ තනියම.." ටෙහාන් අයෙත් bike ඒක start කරගෙන ඉස්සරහට ගියෙ කට කොනක හිනාවක් එකක් කියලා මං නොදැක්ක නෙවේ..

Stars | Sinhala BL √Where stories live. Discover now