2 කොටස ✳️

261 51 0
                                    

මම අද කොලේජ් එකට යන්න පිටත් වුණේ නම්ජුන් හ්‍යුන්ග් ගේ වද කිරිල්ල ට. නැත්තම් මට ඕන නැහැ කොලේජ් එකට ගිහින් නිදි කිර කිර ඉන්න. ඒ ගියත් ඉතින් මට මතක් වෙන්නෙ ඒ මූණ මයි.

ඒ ඇස් වල එයා තරු ගොඩක් හංගලා තියලා ද කොහේද...

ඒ තොල් නම් ඇත්තට ම වද මලක පෙති වගේ ලස්සනයි...

මොන මගුලකට මම පොඩි කාලේ ම එන්ගේජ් වුණාද මන්දා.. මාවයි ජන්කුක් කියන හාදයා වයි යාලුවො නම් යාලුවො වගේ තියන්න ඕන. මොන ලබ්බකටද ඒ අපි දෙන්නව බන්දලා දෙන්නේ. මං ඒකට කැමති නැති හින්දා ම තමයි මම ප්‍රොමිස් රින්ග් එක වත් අතට දාන්නෙ නැත්තේ...

" අඩෝ මෝචා...."

මගේ කරේ ඇවිත් එල්ලුනේ මගේ ජීවිතේට හම්බ වුණු අජුත ම මිත්‍ර පරාණේ.. ටේහ්‍යුන්ග් .. ඕකා එක්ක ක්ලබ් ගානේ යන්න පටන් ගත්ත දා ඉඳන් තමයි මම මේ සේල්ලක්කාර ජීවිතේට හුරු වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මොනවා කරන්නද කියලා හිතා ගන්නවත් බෑ...

මගේ හිත පුරාම ඩෙඟා නටන මගේ ජීවිතේ ආසාවන්, අරමුණු, එක දවසින් උඩු යටිකුරු කරපු  ඒ මූණ මට නිකනුත් මැවි මැවි පේනවා. එයාව මතක් වෙන වෙන පාරට මගේපපුව කැක්කුම හැදිලා කැස්ස එනවා...


" ජිමිනා.... කොයි ලෝකෙද යකොව් තෝ ඉන්නේ... මම උඹට කොච්චර නම් කතා කළාද....?

උඹ දන්නවද..? අපේ හ්‍යුන්ග් ආවා ඇමරිකා ඉඳලා පෙරේදා... අද ඉඳන් එයා අපේ කොලේජ් එකට එනවා කිව්වා..."




ටේහ්‍යුන්ග් කියද්දි මම අමාරුවෙන් හිනා වුණා.

" බොගේ හ්‍යුන්ග් ආවත් මොකද මට... නැතත් මොකද.... "





" ඕකනේ කියන්නේ... තොගේ පණ්ඩිත කම නහයටත් උඩින් නේ... හහ්... බලපං.. මගේ හ්‍යුන්ග් තමයි මේ කොලේජ් එකටම ඉන්න හොට් ම බෝයි වෙන්නේ... "

ටේහ්‍යුන්ග් මං දිහාට අත පය දික් කර කර කෑ ගහනවා. මම මොකක්වත් ගනන් ගන්නෙ නැතිව යන්න හදද්දිම මට ගොඩක් හුරු පුරුදු කටහඬක් ඇහුණා.





" බේබි බෙයා... කේන්ති ගන්න එපා... මගේ ගාවට එන්න..."

ටේහ්‍යුන්ග් ඒ කටහඬ ආව පැත්තට දුවගෙන ගියේ ඊ ගහ වගේ. ඉතින් මමත් මගේ ලොකුකම පැත්තකට දාලා හැරිලා බැලුවා. අන්න ඉන්නවා ටේහ්‍යුන්ග් ගේ කොණ්ඩේ අස්සෙන් අත දදා අවුස්ස අවුස්ස....

මම කැමති...

මම බලන්න ආසාවෙන් හිටපු...

ආයි කවදා දකින්නද කියලා හිතපු....

හම්බ නොවුණොත් මැරෙනවා වගේ හිටපු...

හැම කාරණාවක ම හේතුව...

JK...

ඔව්... එයාට ඒක කියලා තමයි එයාගේ යාලුවා කතා කළේ...

JK.

මගේ හිතේ තියෙන අදහස් කොණක ඉඳන් එක දවසක් ඇතුලත උඩු යටිකුරු කරපු JK..

මගේ හිතේ ඉන්න හීන කුමාරයා...







ඒත් එයා ටේහ්‍යුන්ග් එක්ක මොකක්ද කරන්නේ...?

ඒ වෙලාවේ තමයි මට ඇහුණා... ටේහ්‍යුන්ග් ගේ කොණ්ඩෙන් අත දාලා ඒක කපුටු කූඩුව වගේ අවුස්සලා දාලා හිනා වෙන JK කියනවා....


" අනේ... මගේ වළස් පැටියා දාලා මම කොහේ යන්නද... ආයේ කවදාවත් ම යන්නේ නෑ.. හරිද...

ප්‍රොමිස් වෙනවා මගේ සූකිරි බබාට.. අයිස්ක්‍රීම් වල නාමෙන්..."

FORGET ME NOT ✳️✔️Where stories live. Discover now