3 කොටස✳️

233 52 0
                                    

එයා මගේ ඉස්සරහ ම ටේහ්‍යුන්ග් ගෙ කොණ්ඩෙ අස්සෙන් අත දාළා කතා කළා. ටේහ්‍යුන්ග් ට ත් කිසිම ගානක් නැහැ. එයාත් දිගට හරහට හුරතල් වෙනවා මගේ හීන කුමාරයා ගාව. හහ්...

මම ඔටුවෙක් ද ආ..? මාව පේන්නේ නැත්තෙ මොකද ඔයාට... ඔයා ටේහ්‍යුන්ග් ට ඔච්චර ආදරේ මොකද... ඇයි ඔයාට බැරි ඔය ආදරෙන් පොඩ්ඩක් මට දෙන්න.. මට ඔය හිනාව පොඩ්ඩක් පෙන්නලා, ඔයා මගේ කොණ්ඩෙත් අවුස්සන්න...




" මිනී."

ටේ මගේ ලඟට දුවගෙන ආවේ එයාගෙ අතෙන් අල්ලගෙන.

" හ්ම්ම්..."

මම ඕනවට එපාවට වගේ ටේ දිහා හැරුණත් මම එයා දිහා හැරිලා බැලුවෙ වත් නෑ. මට එයා දිහා බලන්න හරි ලැජ්ජයි. ඒත් එයාට නම් මාව මතක වත් නැතිද කොහෙද..

" මිනී... මම ඔයාට කිව්වා නේද මගේ හ්යුන්ගී ඇමරිකා ඉඳලා ආවා කියලා....."

ටේ කියද්දි මම ඔලුව උඩට පහළට කළේ හරියට වයින් කරපු බෝනික්කෙක් වගේ. මට වචන වලින් එයා එක්ක කතා කරන්න ඕන.. ඒත් තවම මගේ කට එයා දැක්කහම ත් අගුල් වැටෙනවා. මගේ හාට් එක අවුරුදු උත්සවේ ගම හරහා දුවන්න යනවා වගේ වේගෙන් බීට් වෙනවා.


" මේ තමයි මගේ හ්යුන්ගී... එයාගෙ නම ජියො..."

ටේ කියාගෙන යද්දි එයා මැද්දට පැන්නා. ඒ බෝල ඇස් වල කොහෙන් ගෙනාපු තරු ද එයා හංගලා තියෙන්නෙ. කොයි වෙලේ බැලුවත් දිලිසෙනවා නේ.. මම කොහොමද දිගටම ඕවා දිහා බලාගෙන ඉන්නේ.. ඔයාට තේරෙනවා නේද...

මම හරි අසරණයි මෙතන ඔයාගේ බැල්මට... මගේ බෙල්ලේ ඉඳන් දැවිල්ල හැදුනද කොහේද..

" මම JK.... ඔයාගේ නම මොකක්ද කිටී..."

එයා එහෙම ඇහුවෙ මගේ කොණ්ඩෙත් අවුල් කරලා. දැන් නම් මම දන්නවා මගේ මේ හාට් එක බීට් වෙන වේගෙ එයාටත් ඇහිලද කොහේද... ආයිෂ්... මේහෙම දේවල් වුණොත් වෙන්නේ මට විතරනේ..

" මම ජිමින් ... පාක් ජිමින් .."

මම බිම බලාගෙන ම මගේ කකුලෙ මහපට ඇඟිල්ලෙන් බිම හාරන ගමන් මුමුණද්දි එයාගෙ ඒ ලස්සන හිනාව මට ආපහු ඇහුණා.


" ටේ... ඔයාට යුන්ගියා කතා කළා.. මට කියන්න අමතක වුණා..."

මට ඇහුණා එයා එහෙම කියනවා. ආ... යුන්ගී කියන්නේ අපේ වළස් මොඩල් එක ගේ හීන ලෝකෙ රජා. හහ්... එයා වගේද මගේ Jk.. මගේ...?  JK කවදද මගේ වුණේ...


මමත් මේ මොනවා හිතනවද මන්දා... ඔයා ලඟ ඉන්න නිසාද මන්දා මගේ කැස්සත් ටික වෙලාවකින් එලියට ආවේ නැහැ... මම දන්නවා... ඔයා තමයි මගේ බෙහෙත.

යුන්ගි ගෙ නම ඇහිච්ච ගමන් ම ටේ දුවලත් ඉවරයි.. මොකද... යුන්ගි ත් ටේ ට ආදරෙයි. එයාලා කපල් එකක්... JK ත් මට ආදරෙයි නම්...

මම එයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා වගේ මට දැනෙන්නේ.. ටේ ගියහම එයා මගෙ ලඟට කිට්ටු වෙලා කන ගාව තිබුණු කෙස් ගස් ටික, කන පිටිපස්සෙ ලස්සන ට රඳවලා මට කතා කළා...



" මම කවදාවත් හිතුවෙ නැහැ... එදා මට හම්බ වුණ සෙක්සි බෝයි... මගේ මල්ලි ගෙ හොඳම යාලුවා කියලා.. එනිවේ... ජිමින් කැමති ද මගේ යාලුවෙක් වෙන්න..?"

එයා අහද්දි නම් මට බිම බලන් ඉන්න බැරිම තැන මම එයා දිහා බැලුවා.

" ඔව්...."

FORGET ME NOT ✳️✔️Where stories live. Discover now