EPILOGUE ✳️

291 29 8
                                    

හනහාකි කියන්නේ ඇත්තට ම සමාජයේ දකින්න ලැබෙන රෝගයක් නෙවෙයි. මිත්‍යා රෝගයක්... බොහෝමයක් චීන, ජපන් හා කොරියානු සුරංගනා කතා වල හනහාකි කියලා කියන්නේ බොහොම සුලබ දෙයක්.

මම මේ කතාව ඇසුරෙන් කියන්නේ... ආදරේ කියන්නේ බලෙන් අත්පත් කරගන්න එක නෙවෙයි. ඒ තමන් දකින විදිහට අනුව එකිනෙකා ට ආදරේ කියන මාතෘකාව යටතේ ගොඩක් කරුණු කියන්න පුළුවන්.



මම මේක පබ් කරන්නද නැද්ද කියලා හිත හිත ඉඳලා අද තීරණය කළා පබ් කරන්න...

මම මේ කතාව ඇතුලේ කියන්න උත්සාහ කළේ සමහර විට අපේ ජීවිත වල තියෙන ගොඩක් දුක්.. වේදනාවන් අපි හදවතෙන් ගොඩක් ලොකු වටිනා කමක් දීලා ලොකුවට හිතලා ලොකටවට දුක් වෙන දේවල්..

සරල ව ම කිව්වොත් ගැටලුවක් නැති තැන උනත් අපි හිතන විදිහ අනුව ගැටලුවක් ඇති කරන්න පුළුවන්.. කෙනෙක්ට ආදරේ කරද්දි, කෙනෙක්ගේ ආදරේ බලාපොරොත්තු වෙද්දි විතරක් නෙවෙයි...

ඕනවට වඩා හිතන්න ගිහින් මිනිස්සු තියෙන දේත් නැති කර ගත්ත කතා අපි අනන්තවත් අහලා තියෙනවා. අපේ හැම හැඟීමක් ම අපි දෙන වටිනාකම එක්කයි අපිට දුක හරි සතුට හරි උරුම කරන්නේ...

අන්න ඒ දේ අපි තේරුම් අරගත්තොත් අපිට කවදාවත් කාගෙන් වත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. තමන්ගේ හිතේ ඇතුලේ සාමය බිඳ හෙලන්න කිසිම දේකට ඉඩ තියන්න එපා.. මොකද හදවතේ සාමය බිඳිලා ගියහම අපිට පැහැදිලි ව හිතන්න බැරි වෙනවා...


මේ කතාවේ ජිමින් ට වුණා වගේ.. එයාට ජන්කුක් ජේකේ තමයි කියලා හිතාගන්න පුලුවන් වෙන ඕන තරම් සාධක තිබුණත්, එයාගෙ හිතේ ජන්කුක් ට වඩා ජේකේ ගැන තිබ්බ හැඟීම නිසා ඒක පෙනුණේ නැහැ...

අවසානය වෙනකම් විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරලා තමන්ගේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ජිමින් ට උවමනාවක් තිබුණේ නැහැ.. එතනදි පෙන්නන්නෙ ජිමින් ට ඒ අහංකාරකම නිසා වුණ හරිය..

අහංකාරකම හරියට පැහැදිලි වතුරට සායම් එකතු කළා වගේ. පැහැදිලි වතුර තියෙන කොට අපට වතුර යට තියෙන දේවල් පැහැදිලිව බලා ගන්න පුළුවන් වුණත් එහෙම කරන්න බෑ සායම් දාපු වතුර වල..






මම හිතනවා මම කියන්න ගිය දේ ඔයාල හැමෝටම තේරෙන්න ඇති කියලා. අපේ හදවතට දැනෙන දේ හැම මොහොතක ම හරි නැහැ.. ඒක හින්දා තීන්දු ගන්න කොට මොලයත් පාවිච්චි කරන්න..

මගේ ෆොගෙට් මී නොට් මල් ටික...

මට කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියන් යන්න..

බායි බබාලා...

FORGET ME NOT ✳️✔️Where stories live. Discover now