𝐄𝐏𝐋𝐎𝐆𝐔𝐄 - 𝐏𝐚𝐫𝐭 03༄

296 35 9
                                    

"බස් එකෙ දැක්කෙ මා හා සිනා පෑවෙ"

බුෆ්

"පුසූබේ බැරැවා ඈ මා ලඟින් වාඩිවුන්නෙ"

බුෆ්
කුඩා කලු පැහැති කලිසමක් හැද සිටි තරැණයා තමාගේ මුව අසලට වතුර බෝතලයක් ලං කරගෙන කෑමොර ගසමින් ගීත ගයනා කරේ මේ දෙස පොලවෙ දිගා වීගෙන බලාගෙන සිටි ඇය තම හිස දෙපසට වනද්දි. ඇයට මෙය බොහෝ සෙයින් පුරැදුයි. මන්ද සෑම රාත්‍රියේම ඔහු මංමුලා වු මී හරකෙකු ලෙසින් තප්පුලන නිසා.

"අදත් අර පුත්තලම් බූරැවා වස් කවී කියන්න අරන්"
සුවිශාල නිවාසය දෙස බලාගෙන බැල්කනියෙ වනා තිබු රෙදි ටික ගසමින් අසල්වැසි ජොසපින් කන් කෙදිරි ගෑවෙ දැන් මාස තුනක පටන් රාත්‍රියේ ඔවුන්ට ඇසෙන මේ කන්දොස් ගිරියාව දැන් ඇයට කරවිල මෙන් තිත්ත වී ඇති බැවිනි.

"ඔම්මා මොනා උනත් ඒ ඔප්පා ලස්සනට sing කරනවා අනේ"
තම මුහුණෙ අලි ගැට පේර වලින් සැකසු face pack එකක් අලේප කරමින් සිටි රෑමත් තරැණිය එලෙස පවසද්දි ඇයගේ මව ඇයට දැඩි බැල්මක් හෙලුවා.

"ලස්සන වැඩිකමට නින්ද පස්ස දොරෙන් පැනලා යනවා"
ජොසපින් තම දියණීයටත් එලෙස පවසමින් පිටව ගියේ ඇය ඇගේ මුහුණ ඇඹුල් කරගනිද්දි.

"මට ආලෝකෙ ගෙන දෙවී සංසාරයේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ"

"මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේඒඒඒඒඒඒඒඒඒඒඒඒ"

"මගේ ජීවන හදේ බැමී ඉස්තීර වේ"

බුෆ්

"ඇයි බබා ඒක හරි නැද්ද?"

බුෆ්

"ඇත්ත තමයි එයා කණාමැදිරියෙක් නෙමෙයිනෙ එලිය දෙන්න"
තරැණයා හිස කසමින් ඇඳ මතින් ඉදගත්තෙ ඇයත් කෙලින්වී පොළව මතින් ඉදගනිද්දි.

"එයා මේ වෙලාවෙ මොනවා කරනවද දන්නෙ නෑ නේද ක්ලීයෝ?"

"සමහර විට දත් මදිනවා ඇති? ඒත් මට යුන්ගී කිව්වා නිරපරාදේ දත් බෙහෙත් වලට වියදම් කරන සල්ලි ඉතුරැ කර ගන්න ඕන නිසා දවසට එක පාරක් මැද්දාම ඇති කියලා. ඒකත් ඇත්ත. යුන්ගී හියුන් මදින්නෙ දවසක් ඇර දවසක්ලු. ඒ උනාට ඔය තියෙන්නෙ යස අගෙට දත් ඇන්ද. ඒකෙන් අපේ මුණ බලත හැකි. ඔයා උනත් අපේ ඔම්මාට උදේ හවා ඔයාගේ දත් මදින්න දෙන්න එපා ක්ලීයෝ. තේරැනාද?"

You've reached the end of published parts.

⏰ Last updated: Sep 20 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘 𝐆𝐈𝐅𝐓 [𝙹𝙹𝙺:𝙺𝚃𝙷]Where stories live. Discover now