යීශාන් එකක්
හැම හමුවීමකම අවසානය තිතක් නොවේවී.....
....................................................
ඔයා යනවද
හ්ම්ම්
මගෙන් ඈතටම යන්වද
හ්ම්ම්
ඇයි කියන්න මට එක හේතුවක් දෙන්න
හේතුව අහන්නෙ උබ දන්නැද්ද හේතුව මං උබට ආදරේ කරා උබ ඒක නොදන්නවා නෙවෙනේ උබව පරිස්සම් කරා යන යන තැන පස්සෙන් ආවා උඹ මාව ගනන් නොගන්න තැන... මාව විසි කරලා දාන හැම තැනම මම උබ එක්ක හිටියා...මම උබ එක්ක ඉන්න ඉන්න උබ කරේ මාව ගනන් නොගන්න එක පැත්තකට විසි කරන එක ඉතින් දැන් උබ මගෙන් හේතු අහනවද ඇයි මං යන්නෙ කියලා...
ඔයා දන්නවා මගෙ හැටි මං එහෙම තමා කියලා ඔයා හොදටම දන්නවා...ඒ දැන දැනත්...
දන්න නිසා තමා යකෝ මෙච්චර කාලයක් උබ එක්ක උබ දැක්ක ගමන් නැට්ට වනන් එන බල්ලෙක් ගානට හිටියේ...උබට උබෙ යාලුවො ලොකු වෙද්දි උබට මට වඩා තැන් තැන් වල ගිහින් උබෙ නිදහස කිය කිය කරන දේවල් ලොකු වෙද්දි ඒත් මං උබ එක්ක හිටියා හිටියා නෙවේ මම තාමත් ඉන්නවා...ඒත් ජානූ මේකෙ අවසානයක් තියෙන්නෙ ඕන තවත් බෑ මට මේක ඉවසන්න...මාත් මනුස්සයෙක්...
ඒ කියන්නෙ ඔයා යනවා...
ඔව් යනවා නොයෙන්නම....
එයයි මායි කතා කරපු අන්තින වචන ටික...ඒ වචණයක් වචනයක් කියන කියන ගානට මගෙ හිත නොදැනීම එයාට හිනා උනා...මොකද මං දැනන් හිටියා එයාට මං නැතුව බෑ කියලා...එයාට තප්පරයක් මගෙ හුස්මෙන් එහා ඉන්න බෑ කියලා මං දැනන් හිටියා...ඒ නිසාම එයාගෙ එක වචනයක්වත් මට දුකක් දැනුන්නෑ...මොකද එයා මගෙ... කොච්චර තරහෙන් හිටියත් මගෙ මහත්තයා කියපු ගමන් ඇයි මැනික කියන්න තරම් එයා මට ආදරේ කරා...මාත් ආදරේ කරා...ඒත් එක දෙයක් මට මගෑරුනා...මං එයාට කරන ආදරය කොච්චරද මට ඒක එයාට පෙන්නන්න බැරි උනා....එයා නොදන්නවා උනාට මං එයාට අසීමිතව ආදරේ කරත් ඒ අසීමිත ආදරෙන් දශමයක් මං එයාට පෙන්නුවෙ නෑ...සමහර විට අද එයා මං ළඟ නොයින්න වෙන කෙනෙක් ගාව ඉන්නත් ඒකම හේතුවක් වෙන්න ඇති...