Act two
"කැප්ටන් ලී දොං, මේ පැත්තෙන් එන්න. ජෙනරාල් වං ඔබව අපේක්ෂාවෙන් සිටිනවා...." වං ජෙනරාල් වරයාගේ ලේකම් හමුදා නිලධාරියා හඩ අවදි කරමින් පැවසුවේය.Hm.. ලී දොං ගෙ කෙටි පිළිතුරු තවමත් පවසන්නේ අමුත්තන් ගෙ කාමරයේ ඔහු මං මුලාව සිටින බව හගවමිනි.
වං ජෙනරාල් තුමා ගෙ අතවැසි සෙබළා පිටුපසින් ඇදුනඇදුන ලී දොං තවත් සුඛෝපභෝගී කාමරයකට පිවිසුණේ ය. එහිදි ලී දොං ගෙ නාසයට ප්‍රණීත මස් ව් යංජනයක් සහිත ආහාර වේලක සුවද දැනුණි.
"මොනවා කරන්නද... ලොකු ලොක්කො රට වෙනුවෙන් කට වෙහෙසන කොට මේ වගේ දේවල් දෙන්න වෙනවා..... "
ලී දොං තමාට ම මුමුණ ගත්තේය.කාමරයට පිවිසි ලී දොං ට දක්නට ලැබුණේ ඉතා හැඩි දැඩි සිරුරකින් යුත් 56 හැවරිදි ශාන්ත දාන්ත ප්‍රිය උපදවන මුහුණකින් හෙබි නිරෝගී පුද්ගලයෙකු වූ වං මහතායි. මෙය ලී දොං ගෙ පළමු අවස්ථාවයි.
දුටු සැණින් තම ජෙනරල් වෙත හද පිරි භක්තියෙන් හා ගෞරවයෙන් ලී දොං ඔහුට ආචාර කළේය.
"කැප්ටන් ලී දොං, මෙතනින් ඉඳගන්න.." වං මහතා ඔහුටත් ආචාර කරමින් පැවසුවේය.
පෙන්වූ අසුනෙන් හිඳගත් ලී දොං ජෙනරාල් වරයා දෙස පුදුමයන් බලා සිටියේය. ඒවටම වාගේ ජෙනරල් හඩ අවදි කළේය.
"පුදුමයන් බලා සිටීමට මම කැප්ටන් ලී ගෙන් ප්‍රශ්න කරන්නේ නෑ.. මම දන්නවා ඊයේ රෑ ආව පණිවිඩය ගැන.. ඒක ගැන වැඩි දුර මං ඔබෙන් ප්‍රශ්න කරන්නේ නෑ ලී මහත්මයා. මන් ආවේ ඒ පණිවිඩය හා සම්බන්ද එක්තරා රාජකාරියක් පවරන්නයි....." ලී දොං දෙස මද සිනාවක් පාමින් පැවසුවේය.
"අවසරයි ජෙනරල් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න... " ලී දොං වික්ෂිප්ත මුහුණින් යුතුව ජෙනරල් දෙස කෙලින් බලා කතා කරන්න ට විය.
"ඔව් කියන්න කැප්ටන් ලී මහත්මයා..." ජෙනරල් තුමා තාමත් පියකරු මුහුණින් යුතුව ඉතා සන්සුන්ව සිටී.....
ලී දොං හට මේ හමුදා ජෙනරල් වරයා මහත් ප්‍රශ්නාර්ථ ලකුණක් විය. වෙනත් අය මෙන් නොව මොහු ඉතාමත් කාරුණිකව තම අතවැසියන්ට පවා කතා කරයි. අනෙක් ජෙනරල් වරුන්ගේ දැඩි මානයකින් යුතුව ඉතා සැඩ පරුෂ අයුරින් සිටින ආකාරය ලී දොං ට මැවි පෙනෙන්නට විය.
මද නිහඩ තා පසු ලී දොං හඩ අවදි කළේය."ජෙනරල් වං.... (ආචාර කරමින්) කුමක්ද මගෙන්, ඒවගේම මේ අංශයෙන් කරන්න ඕනැ කාර්යය. කුමටද ඔබ මේ අග නගරයට එපටින් ගොබී කාන්තාරයේ පිහිටි මේ හමුදා අනු අංශ මුලස්ථාන යේ ප්‍රධාන කාර්යාලයට දැන් පැමිණියෙන්.. "
ලී දොං තම ප්රශ්නය සෘජුවම ඉදිරිපත් කළේය."හොඳ ප්‍රශ්නයක් කැප්ටන් ලී.. ඔබ කෙලින්ම වැඩේ භාරගන්නටයි වගේ අදහස.."
"එහෙමයි..." ලී දොං ක්ෂණයෙන් පිළිතුරු දුන්නේ කුතුහයකින් යුතුවය ..
Thursday 09th may 930 am
Central national university | Hei long jian university apartment room number 13.✓ "Hi. මම ලින් යී 林易. High school ඉවර කරලා bio science වලින් උසස් අධ්‍යාපනය ලබන්න ආව කෙනෙක් මම. ඒ කිව්වේ දොස්තර කෙනෙක් වෙන්න. අද ඉතින් university එකට ආපු පළවෙනි දවස නිසා අලුතෙන් නතර උන university apartment එක තාම හදාගන්න ගමන් තමා ඉන්නේ."
ඇය ලින් යී විය.
තමාට ලැබිච්ච ශිෂ්යතවයකින් දොස්තර කෙනෙක් වීමට නියමිත ඇ තම පවුලේ ජීවිතය ගොඩ නැගීමට වෙහෙසෙන දියණියක් වූවා ය. තම උපන් ගමේ සිට මහත් දුරකට පැමිණි ඇ පවුලේ ලාබාලතම දරුවා විය. ඈ වටා ඇති ආර්ථිකය දුෂ්කර වුවත් ඈ ගේ දස්කම් නිසා ඈ ට රජයෙන් ලැබුණ ශිෂ්‍යත්වයේ න් වෛද්‍ය ශිෂ්‍යාව ක් වීමට වරම් ලැබුණි. ඒ වරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා ඇ Tahe( hei long jian) වෙත පැමිණියේ තනිවම ය.