01

16 3 4
                                    

අදුරු රාත්‍රියක්

කවුලුවෙන් ගලා එන හද එලිය නැත්තම් හරිම අදුරුයි..කොටින්ම කිව්වොත් පාලු මූසල රාත්‍රියක්.

යන්තම් පේන හද එලියත් එක්ක ඇදේ පත්තට හේත්තු වෙලා ඈත පේන අහස දිහා බලන් ඉන්නේ තරමක් හීනි ඇස් වල අයිතිකාරිනියක්..

ඇය නමින් ජියෝන් ආරි...

අවුරුදු 18ක් වුනු ඇය ඔම්මාගෙයි අප්පගෙයි ආදරේ මැද්දේ සැප පහසුව හැදුනු වැඩුනු කොලේජ් යන චූටි ගැහැනු ලමයෙක්.එහෙමත් නැත්තම් ජියෝන් ජන්කුක්ගේ එකම හුරතලේ..

ජියෝන් ජන්කුක්...
අවුරුදු 24ක තරුනයෙක්
එහෙමත් නැත්තම් මුලු ජියෝන් ඉන්ඩස්ට්‍රී එකේම CEO..
ආරිගේ ආදරනීය ඔප්පා..

නමුත්...,

සල්ලි බලය අතින් කොච්චර පොහොසත් උනත් ජියෝන් ආරිගේ ජීවිතේ එයාගේ ඇතුලාන්තයෙන් මිහිපිට අපායක් උනා..ආදරේ කොච්ච ලැබුනත් ජීවිතේට ඇයට ඇය බලාපොරොත්තු උන ආදරේ ලැබුනේ නෑ.

මිනිස්සු ආදරේ කරනවා

වෛර කරනවා

විදවනවා

අඩනවා

ඒ වගේම  ආරිත් හැමදාම කලේ තනියෙන් විදවපු එක තනියෙන් අඩපු එක තනියෙන් ආදරේ කරපු එක විතරයි..ජීවිතේට දැනුනු ආදරේ කරපු එක මනුස්සයෙක් නිසා මැරි මැරි ජීවත් වුන එක විතරයි ...

කෙල්ලට හිතන්න ඕනි උනේ නෑ ඇත්තටම මේ වෙන දේවල් ගැන..ගලාගෙන වැටෙන කදුලු...අමුතුම ලෝකයක් ඇතුලේ ජීවත් උන ආරි එක මනුස්සයෙක් නිසා තමන්ගේ ජීවිතේම කනපිට හරෝගත්‍තා..ආදරේ කියන දේ උපරිම ලැබුනත්  ආරි හිනා උනේ එලියට පේන්න විතරයි.. යාලුවෝ පවුලේ අය හැමෝගෙන්ම ටික ටික ඈත් උන ඇයට ඕනි උනේ තනියම ඉන්න.ආරි කලේ තමන්ගේ ඒකපාර්ශ්වික ආදරේ ඇතුලේ තනි වුන එක..සමහරක් වෙලාවට ජීවිතේ දාලා යන්න ඕනේ කියලා හිතෙන තරමටම ඇය කලේ ඔහුගේ රුව අස්සේ ආදරේ හොයපු එක..

නොලැබෙන දේවල් පස්සේ යන එක බොරු වැඩක්...

එහෙම හිතුවත් ඇය කලේම නොලැබෙන ඔහුට තවත් ආදරේ කරපු එක විතරයි.

නින්දට යන්න මොහොතකට කලින් හරි ඇය කලේ "අනියා එයා එහෙම කරන්න හිතන්නැතුව ඇති" කියලා හිත සනසවා ගත්තු එක විතරයි..

You've reached the end of published parts.

⏰ Last updated: Jun 10, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

If I Love ❤️Where stories live. Discover now