死ぬのがいいわ🖤

53 4 82
                                    

Irene pov~

"ඕහ් ශිට්..මේකි හැමදාම ඔහොමයි..ඕන වෙලාවට කවදාවත් ඔන්ලයින් නෑනෙ.."

"දවස් ගානක් ඔන්ලයින් නැතුව මොන මගුලක් කරනවද මන් දන්නෑ"

බැරිම තැන මම wendy ට කෝල් එකක් ගත්තෙ දවස් ගානක ඉදලා සද්දයක් නැති හින්දමයි..

Wendy කියන්නෙ මගෙ හොදම යාලුවා.පොඩිකාලෙ ඉදලම.අපි middle school යන කාලෙ තමා එයා කොරියාවෙන් ජපානෙට ගියෙ. එයා ගිහිල්ලත් අවුරුදු හතරක් විතර වෙනවා..

"මේකි answer කරන්නෙම නෑනෙ යකෝ"

මම පොන් එකත් සෝෆා එකට විසිකරලා එතනින් යන්න හදනවත් එක්කම කෝල් එකක් ආව නිසා මම ආපහු හැරුණා..

"ඉදපන් මම අද දෙකක් කියනවා උබට කන්දෙකක් නැතිවෙන්න"

එහෙම කියලා මම පෝන් එක අතට ගත්තෙ ඒ කෝල් කරන්නෙ wendy නිසයි..

මම පෝන් එක answer කරලා කටට ආපු හැම වචනෙකින්ම බැනගෙන ගියෙ හිතේ තිබුණ තරහටමයි..

" Irene, මම Aunty.."

හරිනෙ දැන් අමාරුව..මම බැනපු වචන ඔක්කොම මට එක පෙලට මතක් වෙන්න ගත්තා..කමක් නෑ අපි දෙන්නගෙ හැටි අපේ ගෙදර අයයි එයාගෙ ගෙදර අයයි ඔක්කොමලා දන්නවා..

"ආහ්..Aunty ද? ඇයි wendy ගෙ පෝන් එක ඔයා ගාව? "

"Irenaa.."

"අනේ ඇයි මේ? ඔයා අඩනවද? මොකක්ද අවුල? Wendy ට අවුලක් නෑ නේද?"

මට සීන් එක වැඩිය ඇගට ඇල්ලුවෙ නැත්තෙ මොන දේ උනත් wendy කාටවත් එයාගෙ phone එක නදෙන හින්දයි..

"Irene..ගිය සදුදා.."

" මොකක්ද ගිය සදුදා? කියන්න මට ඉතුරු ටිකත්.."

" ගි..ගිය.. සතියෙ wendy suicide කරග..න්න හි..තාගෙන වහ බීලා ති..තිබුණා.."

"මො..මොක..ක්?"

හිටගෙන හිටිය මාව එහෙම්මම සෝෆා එකේ ඉන්ද උනේ ඒ කිව්වෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙද්දියි..

"දේ..ඒත් එයා තාම ප..නපිටින් ඉන්..නවා..එයාගෙ kidneys ගොඩක් damage වෙ..ලා ඒ විස ඇගපුරා ගිහින් නිසා.."

" ඇ..ස් රතුවෙ..න විහිලු කරන්..න එපා aun..ty"

"එයාගෙ blood group එකට ගැලපෙන kidney එකක් හොයාගන්න ඕනෙ.. dialysis එකෙන් දැන් ජීව..ත් වෙන්..නෙ එ..යා icu එකේ..ත..තව වැඩි කාලයක් නෑ..තාමත් එයාගෙ blood group එකට හ..හරියන කෙනෙක් හම්බුනේ නෑ.."

 死ぬのがいいわ🖤( Shinunoga E - Wa)  ONESHOTWhere stories live. Discover now