......අභිනික්මන්........

3.8K 609 434
                                    

අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ ......

Sub  lieutenant Aken hirunya wickramasinghe  මං මගෙ නම ලියපු පුංචි පුංචි  කොල කෑලි දිහා බලන් උන්නා.....

Srilanka navy.....මං හිතන්නෙ...මං ඉපදුන දා ඉදන්ම දකින්නෙ  මේ නම....මේ පාට...කොහෙන් ගියත් මුලු ගෙදරම තිබුනෙ අප්පච්චිට හම්බුන නේවි ලෝගො එක තිබුන එක එක දේවල්.....මගෙ අප්පච්චි යුද්දෙට ගිය රනවිරුවෙක්...මං දන්නෙ නෑ....."අම්මා"කියනවා මං ඉපදිලා ටික දවසකින් අප්පච්චි ගෙ මලකද ගෙදර ගෙනාවලු...

ඒක වෙන්න පුලුවන්ද .....එහෙනම් දැන් අප්පච්චි ඉන්නෙ කොහොමද ...ඔය කතාව කියනකොට මං හැමදාම අම්මගෙන් හරි ලොකු වික්‍රමසිංහගෙන් හරි ඔය කතාව ඇහුවා.........
.
යුද්දෙ ගැන කතන්දර නම් හුගායි....නංගි නම් යුද්ද කාලෙ ගැන කට ඇරන් අහන් උන්නත්......ජීවිතේ කිසිම දවසක මතකයක් නැති යුද්දයක් ගැන අහනකොට මගෙ පපුව ගිනි ගන්නවා.......අප්පච්චි අම්මා...යාපනෙ හිටපු කාලෙ ගැන කියනකොට මට යාපනේ අව්‍ රස්නෙ මෙහෙ ඉදන් දැනුනා....අම්මා පයින් ඉස්කෝලේ ගිය හැටි.....වෙඩි වැදිලා ඉසෝකෝලෙ බිත්ති හිල් වෙලා තිබුන හැටි......මං ලැබෙන්න ඉන්නකොට කව්ද ආච්චි කෙනෙක් අම්මව බලාගත්තු හැටි කියනකොට සුරංගනා කතාවක් අහන්න වගේ නංගි කට ඇරගන අහන් උන්නා....

ඒත් නංගිට අනුව ඒක කට ඇරන් අහන් ඉන්න පුලුවන් කතාවක් උනත්.....අප්පච්චි අම්මව ලග තියාගන යුද්දෙ ගැන කියනකොට ඒ කවුරුත් නොදන්නවා උනත්...මගෙ ඔලුව අස්සෙ මම ඇස් දෙකට නොදැකපු සිවිල් යුද්දෙ  රතුපාට ලේ ගලන චිත්‍ර ඇදි ඇදි මැකෙන්න ගත්තා ......ඇම්බියුලන්ස් සද්ද කන් බෙර හිල් කරව කරව මගෙ ඔලුව පිස්සු වැට්‍ටුවා....

මේක මහ වේදනාවක්.....හිස් කබලට කටු කෝටියක් විතර  අනිනවා හා සමානවම දැනෙන වේදනාවක්........

මට පිස්සුද මන්දා.....රෑට ඇස් වහපු තත්පරේ ඉදන් මගෙ  ඔලුව වටේ කරකෙන්නෙ....මං දකින්නෙ....හැමදාමත් වේදනාව පිරුන හීන......වතුර..වතුර....වතුර.............ලුනු රස පිරුන වතුර
නැත්තන් ...තනිකරම රතුපාට......

හැම රෑකම මගෙ හුස්ම හිරවෙනවා....

හැම රෑකම මං නිදාගන්නවට වඩා කාටත් හොරාවට නිදි මරනවා....

-අභිනික්මන්-(BSC+BMA Complete )Donde viven las historias. Descúbrelo ahora